මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් විසින් නත්තල වෙනුවෙන් අයස්කාන්ත Peacock Collection මෝස්‌තර එකතුව එළි දක්වන ලදී

collage (8) (1)

ස්වාර්ණභරණ ලොව ප්‍රමුඛතම මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ගතවන  අභියෝගාත්මක වසරේද සාර්ථකත්වය සනාථ කරමින් නත්තල් සමයට සමගාමීව ඉතා උසස් මට්ටමේ ස්වර්ණාභරණ රාශියක් එළි දක්වන ලදී. ඒ සියල්ල නත්තල් සමයටත් ඕනෑම කාලයකටත් ගැළපෙන පරිදි නිර්මාණශීලී අයුරින් නිමවා ඇත. මේ ස්වර්ණාභරණ පෙලේ  ඇති විශේෂ මෝස්‌තර එකතුව ලෙස Peacock Collection හඳුන්වා දිය හැකි අතර, මොණරා සතු අලංකාරය සහ  විචිත්‍රබව මෙන්ම  සාඩම්බරනීය බව ඉස්මතු වන පරිදි එම මෝස්‌තර පෙල නිමවා තිබේ. මෙය Cubic Zirconia සහ තවත් අපූරු මැණික් වර්ග භාවිතා කොට 22kt රනින් නිමවන ලද අගනා නිමැවුම් පෙළකි.

මල්ලිකා හේමචන්ද්‍ර ජුවර්ලර්ස් වෙතින් මෙයට අමතරව මනබදින දියමන්ති ස්වර්ණාභරණ එකතුවක්ද, කාලානුරුපිව තාරුණ්‍යයට ලංවූ විලාසිතා සමඟ 18kt රනින් නිමවන ලද yellow gold, white gold, rose gold අභරණ සහ මේ ත්‍රිත්වයම එක්කොට තනන ලද tri colour අභාරණද වෙයි.

“නිරතුරුවම නව නිර්මාණ පිළිබඳ උනන්දු වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා ආභරණ නිපදවන ස්වර්ණාභරණ ආයතනයක් වන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ඉතා අභියෝගාත්මක වසරක් වන 2020 වසර සඳහා සාර්ථකව මුහුණ දුන් අතර, 2021 නව වසර සඳහා එම ශක්තිය ඉදිරියට ගෙන යනවා. ඊට හොඳම උදාහරණය වන්නේ, විදෙස්ගත  22kt රන්වල අපුර්වත්වය සොයන ශ්‍රී ලාංකිකයන්ට එම අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණ පෙරදැරි කරගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නව ශාඛාවක් Virtual Store සංකල්පය පෙරදැරි  කරගෙන විවෘත වීමයි,” කළමනාකාර අධ්‍යක්ෂිකා චමින්ද්රි හේමචන්ද්‍ර පැවසීය.

 




 

 

ශ්‍රී ලංකාවේ බැංකු 14 සම්බන්ධ කරගනිමින් මෙම නත්තල් එළිදැක්වීම සඳහා 30%ක විශේෂ වට්ටමක් දී ඇති අතර, විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කීපයක්ද හඳුන්වා දී  ඇත. එයට අමතරව මාස 60ක කාලයක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට අභරණ ලබා දීම‍ටද පහසුකම් සලසා ඇත. එමෙන්ම රන් භාණ්ඩ පිරිසිඳු කර ගැනීමත් පරීක්ෂා කර ගැනීමත් මේ කාලය තුළ පාරිභෝගිකයින්ට නොමිළේ කරගත හැක.

පාරිභෝගිකයන්ට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ශාඛා 7න්ම මෙම ආභරණ ලබාගත හැකි අතර, අන්තර්ජාලය ඔස්සේ මිළදී ගැනීමෙන් දින 2ක් ඇතුළත බස්නාහිර පළාත තුළ තම ඇනවුම නිවසටම ගෙන්වා ගත හැක. වැඩිදුර විස්තර සඳහා 0112688531යන දුරකතනය ඔස්සේද www.mallikahemachandra.com යන වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙන් ද​ ලබාගත හැක.

1968දී ආරම්භ වූ මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් රන් භාණ්ඩ ලොවේ පුරෝගාමි ආයතනයක් ලෙස දෙස් විදෙස් පැසසුම් ලබා ඇත​. මෙම සමාගමේ අරමුණ වන්නේ ගුණාත්මක, සියුම් නිර්මාණශීලී, නවතම ස්වර්ණාභරණ හදුන්වා දීමයි. නිර්මාණශීලි ස්වාර්ණභරණ ගැන සිතන අය ට මුලින්ම මතකයට එන්නේ මල්ලිකා හේමචන්ද්‍ර  ජුවලර්ස් නාමයයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව