මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් විසින් මෙම ආදරණීය පෙබරවාරියේ ආකර්ශනීය දීමනා සහ ප්‍රවර්ධන වැඩසටහන් රැසක් හඳුන්වා දෙයි

Fab Feb 1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ සන්නාමයක් වන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් [MHJ] විසින් අතිවිශිෂ්ට ලෙස සකසන ලද නවතම ස්වර්ණාභරණ එකතුවක් මෙම මාසය පුරා ගනුදෙනුකරුවන්ට ආකර්ශනීය දීමනා  පෙළක් සමගින්  “Fabulous February” ප්‍රවර්ධන වැඩසටහන සමග හඳුන්වා දෙනු ලබයි. ඒ අනුව පෙබරවාරි මාසයේ ස්වර්ණාභරණ  මිළදී ගන්නා පාරිභෝගිකයින්ට 35%ක් දක්වා වට්ටම් සහ පොළී රහිත වාරික මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම්ද  හදුන්වා  දී ඇති අතර, රුපියල් 11,000 සිට ඉහළට රන් තිලිණ මිලදී ගැනීමේ අවස්ථාවද උදාකර දී ඇත. එමෙන්ම කැරට් 22 රනින් නිමවන ලද ‘initial pendent’ රන් මිළ පමණක් ගෙවා ලබා ගත හැක.

මෙයට අමතරව රුපියල් 50,000කට වඩා වැඩි මිළදී ගැනීමකදී රන් මිළ පමණක් ගෙවා  රන් මාල  මිළදී ගැනීමේ අවස්ථාවක් මෙන්ම මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් පිදෙන තිළිණයක් ලෙස තෝරාගත් පාරිභෝගිකයින් පිරිසකට වැලිගම මැරියට් බේ සුපිරි නිවාඩු නිකේතනයේ නිවාඩුවක් ගත කිරීමට අවස්ථාවද උදාකර දී ඇත.  එමෙන්ම කැරට් 22 නවතම ‘Peackock Collection’ ආභරණ එකතුව විශේෂ දීමනා සමගින් මිලදී ගත හැක. එමෙන්ම ස්වර්ණාභරණ හුවමාරු සදහා විශේෂ මිලක්ද මෙම මාසය පුරා පාරිභෝගිකයන්ට ලැබෙනු ඇත.

 




 

 

පෙබරවාරිය යනු මුලු ලෝකයම ආදරය සමරන මාසයකි. මෙම අභියෝගාත්මක අවදියේදී ආදරය සැමරීම අන් කවරදාටත් වඩා වැදගත්ය. එබැවින් ආදරණීය පෙබරවාරියේ ඔවුන්ගේ ගණුදෙනුකරුවන්ට නවතම ස්වර්ණාභරණ එකතුවක් මෙන්ම ආදරය සැමරීම වෙනුවෙන් පිදෙන රන් තිළිණයක් සදහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් හදුන්වා දීමට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස්  කටයුතු කර ඇත.

ගනුදෙනුකරුවන්ට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ශාඛා හතෙන්ම එනම්, හෝර්ටන් පෙදෙස, කොළඹ 07, නුගේගොඩ,කැන්ඩි සිටි සෙන්ටර් , ලිබර්ටි ප්ලාසා , මජෙස්ටික් සිටි, කේ -සෝන් ජා ඇල සහ ගම්පහ වෝර්ඩ් සිටි මෙම ආභරණ ලබා ගත හැක. අන්තර්ජාලය හරහා මිළදී ගැනීමේදී මුදල් ගෙවා දින 2ක් ඇතුළත බස්නාහිර පළාත තුළ නොමිලේ රන් භාණ්ඩ නිවෙසටම ගෙන්වා ගත හැක. වැඩිදුර විමසීම් සඳහා 0112688531 අංකයෙන්ද www.mallikahemachandra.com වෙත පිවිසීමෙන්ද තොරතුරු ලබාගත හැක.

1968දී ආරම්භ වූ මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ලාංකික ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් ලෙස දෙස් විදෙස් පැසසුම් ලබා ඇත​. මෙම සමාගමේ අරමුණ වන්නේ ගුණාත්මක, නිර්මාණශීලී, නවතම ස්වර්ණාභරණ හදුන්වා දීමයි. නිර්මාණශීලි ස්වාර්ණභරණ ගැන සිතන අය ට මුලින්ම මතකයට එන්නේ මල්ලිකා හේමචන්ද්‍ර  ජුවලර්ස් නාමයයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව