දින එකොළහක් පුරාවට ශ්‍රී ලාංකීය ජනතාවගේ ආකර්ෂණයට සහ අවධානයට ලක් වූ බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය පසුගියදා කොළඹදී අවසන් වූයේ විශාල සාර්ථකත්වයක් අත් පත් කර ගනිමිනි.මෙවර ප්‍රදර්ශනය සඳහා 250,000 කට අධික පොත් පිපාසිතයන් පිරිසකගේ පැමිණීමක් දක්නට ලැබුණු අතර, එහිදී විදේශීය රටවල් වල ඉතා ඉහළ මිළකට අලෙවි වන විවිධ පරාසයන් රැසක විහිදුණු ඉංග්‍රීසි පොත පත ඉතා අඩු මුදලකට මිලදී ගැනීමට ලාංකිකයින්ට අවස්ථාව හිමි විය.
ලොව පුරා රාජ්‍යන් රැසක සැරිසරන බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ එකම අභිලාශය නම් කියවීමේ පුරුද්ද මිනිසුන් තුළ ඇති කිරීමත්, ඉංග්‍රීසි භාෂාමය හැකියාවන් වර්ධනය කිරීමත්ය. මෙවැනි අරමුණකින් ශ්‍රී ලංකාව වැනි රටකට පැමිණ වටිනාකමින් ඉතා ඉහල, ගුණාත්මක පොත පත අවම පිරිවැයකට පාඨකයා වෙත තිලිණ කරන බිග් බෑඩ් වුල්ෆ්ගේ ක්‍රියාව අගය කල යුතුමය. තවද සමාජීය වගකීම් නොපිරිහෙලා ඉටු කරන බිග් බෑඩ් වුල්ෆ් විසින් මෙවරද ග්‍රාමීය පෙදෙස් වල දරුවන් වෙත පොත පත දායාද කිරීමට අමතක කරේ නැත.
ශ්‍රී ලාංකීය දරුවන්ගේ සාක්ෂරතා මට්ටම් ඉහළ දැමීමේ අරමුණින් බිග් බෑඩ් වුල්ෆ් හි රෙඩ් රීඩර්හුඩ් සමාජ සත්කාරය මඟින් බොහෝ දෙනෙකුගේ ආධාර සහ උපකාර ඇතුව වටිනා ඉංග්‍රීසි පොත් විශාල ප්‍රමාණයක් එකතු කිරීම මෙවර සිදු කෙරිණි. මෙම එකතු කරන ලද සියලුම පොත් අම්පාර, මඩකලපුව, කොළඹ සහ මුලතිව් ප්‍රදේශයන්හි පිහිටා ඇති, ආර්ථිකමය වශයෙන් අවතැන් වූ දෙමාපියන්ගේ දරුවන් උදෙසා පිහිටුවා ඇති සුභ සාධක සංගමයක් වන සෙන්ටර් ඔෆ් හෝප් වෙත ලබා දීමට බිග් බෑඩ් වුල්ෆ් විසින් ක්‍රියා කළේය.
මෙම සත්කාරය පිළිබඳ අදහස් දක්වමින් බිග් බෑඩ් වුල්ෆ් හි නිර්මාතෘ ජැකලින් Ng මෙසේ පැවසුවාය. ” බිග් බෑඩ් වුල්ෆ් විසින් ප්‍රදර්ශන සංවිධානය කෙරෙන සෑම රටකම ප්‍රජාවගේ භාෂාමය හැකියාවන් වර්ධනය කිරීමේ පොදු අරමුණ ඇතිව මෙම සමාජ සත්කාරය නොකඩවා සිදු කරනවා. සමාජයට යහපත් දේ සිදු කිරීම සිය ආයතනික සංස්කෘතිය හා ආරම්භයේ සිටම බැඳී පවතින දෙයක් වන අතර ශ්‍රී ලංකාව තුල මෙවැනි ආකාරයේ සමාජ සත්කාරයක් ක්‍රියාත්මක කලේ තෙවෙනි වතාවටයි”
රෙඩ් රීඩර්හුඩ් සමාජ සත්කාරය හරහා මෙවර ප්‍රදර්ශනයට සහභාගී වූ සියළුම සිය කැමැත්ත පරිදි පොතක් මිලදී ගෙන පරිත්‍යාග කිරීමේ අවස්ථාව උදා විණි. මෙහිදී බිග් බෑඩ් වුල්ෆ් විසින් මෙම සත්කාරයට මුලාරම්භයක් සළසමින් ඉතා වටිනා පොත් 500ක් පරිත්‍යාග කිරීම සුවිශේෂී වේ.