බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ වැඩමුළුවක් රත්නපුරයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

1723047423763 (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ මූලික වැඩමුළුව රත්නපුර සබරගමුව ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි. බැඩ්මින්ටන් ආයතනයේ  සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීමට අනුව බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු හා සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති එම එක්දින වැඩමුළුවට ඇඹිලිපිටිය,  බලන්ගොඩ වැනි පළාත්වල නවක බැඩ්මින්ටන් පුහුණුකරුවන් විශාල පිරිසකට නව දැනුමක් සහිතව මූලික පුහුණුව ලබාදීම මෙහිදී සිදු කෙරිණි.

මෙරට බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ හැකියාව සහ නිපුණතාව ඉහළ නැංවීමේ අරමුණින් සහ ඔවුන්ගේ වෘත්තීයභාවය තහවුරු කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ මූලික වැඩමුළුව ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට පුහුණුකරුවන් සවිබලගැන්වීමේ අපේක්ෂාවෙන් යුතුව සිදු කෙරේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව