ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩමින්ටන් පදනම එක්ව සංවිධාන කරනු ලැබූ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ මූලික මට්ටමේ පුහුණු වැඩසටහනේ පළමු පියවර ලෙස උතුරු මැද පළාත සහ උතුරු පළාත නියෝජනය කරන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ වැඩසටහන සාර්ථකව නිමාවට පත් විය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සහ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අනුරාධපුරයේ මයික් කුක් බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පසුගියදා මේ වැඩසටහන පැවැත්විණි.
උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමයේ දායකත්වය යටතේ පැවති එම වැඩසටහන උතුරු පළාත් බැඩ්මින්ටන් පුහුණුකරුවන් සහභාගි වූ ජාතික මට්ටමේ පළමු පුහුණු වැඩසටහන ද වේ.
මෙරට බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ හැකියාව සහ නිපුණතා ඉහළ නැංවීමේ අරමුණින් සහ ඔවුන්ගේ වෘත්තීයභාවය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට පුහුණුකරුවන් සවිබලගැන්වීමේ අපේක්ෂාවෙන් සිදු කෙරෙන්නකි.රට පුරා විසිරී සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවන් ඒකරාශී කරමින් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශේෂිත පුහුණුවක් සහ සහතිකපත්‍රයක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ.