බවර් සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට නිශාන්ත වීරසිංහ මහතා පත්කෙරෙයි

1- Nishantha Weerasinghe

ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ නව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර තිබේ. ඊට අමතරව බවර් සමූහයේ සෞඛ්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද ඒ මහතා තවදුරටත් කටයුතු කරයි.

 



 

නව ධූරය සමඟ වීරසිංහ මහතා සතු අත්දැකීම් සමුදාය සහ ක්‍රමෝපායික දැක්ම හරහා බවර් සමාගම තවත් වර්ධනය වනු නිසැක ය. වීරසිංහ මහතාට අමතරව ජානක ගුණසේකර මහතා ද බවර් සමාගමේ නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂ සහ කෘෂිකර්ම අංශ අධ්‍යක්ෂ ලෙස තවදුරටත් කටයුතු කරයි. ඔවුන් දෙපළගේ සංයෝජනය හරහා බවර් සමාගමේ නායකත්වය තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන සන්නාම තුන අතරට බවර් සමාගම ගෙන ඒමට නිශාන්ත වීරසිංහ මහතාගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී වේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය තුළ වේගවත් ඉදිරි ගමනක්, වර්ධනයක් සහ පිළිගැනීමක් අත්කරගැනීමට බවර් සමාගමට හැකිව ඇති අතර, ඖෂධ, සෞඛ්‍ය උපාංග, රෝග විනිශ්චය සහ පෝෂණවේදය වැනි අංශ රැසක් හරහා විවිධ නිෂ්පාදන සහ සේවා හඳුන්වාදීමට බවර් සමාගම පියවර ගෙන තිබේ.

වීරසිංහ මහතාගේ නායකත්වය යටතේ, නවෝත්පාදන සහ රෝගී ජීවිත බේරාගත හැකි නිෂ්පාදන සහ සේවා රැසක් ලාංකිකයින් වෙත හඳුන්වාදීමට හැකිවිය. විශේෂයෙන්ම GSK, Sanofi, J&J (විශේෂිත සේවා), Takeda (එන්නත්), Covidien සහ Fresenius Medical Care වැනි ගෝලීය සෞඛ්‍ය සේවා දැවැන්තයින් සමඟ හවුල්කාරීත්වයෙන් මෙම නිෂ්පාදන හා සේවා හඳුන්වාදීම ද කැපීපෙනේ. තව ද බවර්හි සෞඛය සේවා අංශයට ප්‍රකට තත්ත්ව සහතික ගණනාවක් ද හිමිව තිබේ.

1990 වසරේදී බවර් සමාගමට එක්වුණු නිශාන්ත වීරසිංහ මහතා වැඩ පරීක්ෂකවරයෙකු, විධායක නිලධාරියෙකු, කළමනාකරුවෙකු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයෙකු, අතිරේක අධ්‍යක්ෂවරයකු වශයෙන් විවිධ තනතුරු ගණනාවක් දැරූ අතර, 2012 වසරේදී සෞඛ්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම් ලැබුවේය. වසර 34කට වැඩි ඔහුගේ සම්පූර්ණ සේවා කාලය තුළ, ප්‍රවාහන සැපයුම්, සැපයුම් දාම කළමනාකරණ, වාණිජ මෙහෙයුම් සහ රාජ්‍ය අංශයේ වෙළෙඳපොළෙ ප්‍රවේශය ආදී අංශ ගණනාවක පළපුරුද්ද ඔහු සතුය.

සෞඛ්‍ය සේවාව තුළ ආචාර ධාර්මික සහ නීත්‍යනුකූල භාවිතාවක් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි වීරසිංහ මහතා, දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා සහ අපේක්ෂා පිළිබඳව ද විමසිලිමත් ය. වෙළෙඳපොළ බලපෑම් සහ තාක්ෂණික වැඩිදියුණු වීම් හරහා සෞඛ්‍ය සේවා කර්මාන්තය යාවත්කාලීනවන බව ඔහු දැඩිව විශ්වාස කරයි. එම නිසා ව්‍යාපාර අංශ විවිධාංගීකරණය කිරීමත්, සෞඛ්‍ය කර්මාන්තය හා බැඳුණු අධ්‍යාපනය වැනි සෙසු අංශ වෙත ආයෝජනය කිරීම පිළිබඳවත් ඔහුගේ අවධානය යොමුව තිබේ.

වේල්ස් ට්‍රිනිටි සෙන්ට් ඩේවිඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාද් උපාධිධාරියෙකු වන වීරසිංහ මහතා සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ද පොදු කළමනාකරණ විධායක අධ්‍යයන පාඨමාලාවක් හදාරා තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව