බවර් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම 2024 ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී හමුවේදී ඇගයීමට ලක්වෙයි

1- Baurs leadership with award (LBN)

වසර 127ක් පුරා ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කළ බවර් සමූහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම, ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී නායකත්ව විශිෂ්ටතා සම්මාන උලෙළේදී විශේෂ පිළිගැනීමට ලක්විය. මෙම සම්මාන උලෙළ දෙසැම්බර් 5 වැනිදා කොළඹ ICT රත්නදීප හෝටලෙය්දී පැවැත්වුණි.
 



 

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත කාලසීමාවේ සිට රට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුද කාලසීමාව දක්වා පසුගිය වසර 4ක කාලයක් මුළුල්ලේ බවර් සමූහයට ලබාදුන් සාමූහික නායකත්වය, මෙසේ රොල්ෆ් බ්ලාසර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම ඇගයීමට හේතුවිය. බවර් සමාගමේ වර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් එම කණ්ඩායමේ එකමුතුකම සහ කැපවීම මෙහිදී විශේෂ අවධානයට ලක්වුණි.

බවර් කළමනාකාරීත්වයේ ශක්තිමත්බව, සහයෝගීතාව මෙන්ම අනාගතවාදී චින්තන ප්‍රවේශය ද මෙම සම්මානය දිනාගැනීමට ප්‍රධාන හේතුවක් විය. නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ/ අධ්‍යක්ෂ, කෘෂිකර්මාන්ත- ජානක ගුණසේකර; නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ/ අධ්‍යක්ෂ, සෞඛ්‍යසේවා- නිශාන්ත වීරසිංහ; අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ – අනෝජා බස්නායක; අධ්‍යක්ෂ, මූල්‍ය- පවිත්‍ර සමරසිංහ; ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, මානව සම්පත්, පරිපාලන, මිලදීගැනීම් සහ තිරසරත්ව- කෙන් විජයකුමාර්; ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, කෘෂිකර්මාන්ත- නිලංග සමරසිංහ; ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, පර්යේෂණ සහ නිෂ්පාදන සංවර්ධන- දක්ෂිණ හෙට්ටිආරච්චි; ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, සංචාරක සහ අධ්‍යාපන- ඩැනියෙලා මුණසිංහ; සාමාන්‍යාධිකාරී, සහාය සේවා සෞඛ්‍ය- අනුර වීරසිංහ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, කාර්මික අමුද්‍රව්‍ය- දේවප්‍රිය අර්ථනායක යන මහත්ම මහත්මීහු, බවර් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩයමේ සාමාජිකයෝ වෙති.

මෙම සම්මානය බවර් කළමනාකාරීත්ව කණ්ඩායමේ එකමුතුකම සහ කැපවීම වෙනුවෙන් ලද සුවිශේෂී ඇගයුමක්. අපේ උත්සාහය, හුදෙක් ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකාරීත්වය වීම නොවේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම කළමනාකාරීත්වයක් සැපයීම අපේ අරමුණයි, යනුවෙන් බවර් කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා අදහස් දැක්වූයේය.

රොල්ෆ් බ්ලාසර් ප්‍රමුඛ කළමනාකාරීත්වයේ නායකත්වය යටතේ පසුගිය කාලසීමාව තුළ විශේෂ ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට බවර් සමූහයට හැකිවිය. ලොව දැවැන්ත ඖෂධ සමාගම් 10න් අඩක් සමඟ සහයෝගීතාවලට එළඹෙමින්, පසුගිය වසර 4ක කාලසීමාව තුළ පමණක් සමූහයේ සෞඛ්‍ය සේවා ව්‍යාපාර අංශය දෙගුණයකින් වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ තිරසර කාබනික කෘෂිකර්මාන්ත  නැඹුරුව තුළ තීරණාත්මක භූමිකාවක් ඉටුකරමින් විවිධ පාර්ශ්වකරුවන් සමඟ එක්ව විශිෂ්ටතා මධ්‍යස්ථානයක් පිහිටුවීමට බවර් සමූහය කටයුතු කළේය. එමෙන්ම සුපර් යූරියා පොහොර හඳුන්වාදෙමින් අවම පාරිසරික බලපෑමක් තුළ අස්වනු වර්ධනය කිරීමටත් සිය දායකත්වය ලබාදුනි. සමූහයට අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය සහ තිරසර වර්ධනය උදෙසා කුසලතා වැඩසටහන තුළින් ශ්‍රී ලංකාව තුළ ලොව උසස්ම මට්ටමේ සංචාරක අධ්‍යාපනය බෙදාහැරීම ද පසුගිය කාලයේ සමූහය ගත් තවත් වැදගත් පියවරකි.

මීට ඉහතදී, රොල්ෆ් බ්ලාසර් මහතා, ‘2022 වසරේ වඩාත් ඇගයුමට පත් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම් කෙරුණු අතර, කෙන් විජයකුමාර් මහතා 2022 වසරේ වඩාත්ම කැපීපෙනෙන මානව සම්පත් ව්‍යාපාර නායකයා ලෙස ඇගයුමට ලක්විය. එමෙන්ම ශ්‍රී ලංකා පරිගණක සංසදය 2023 වසරේදී ප්‍රථමවරට ප්‍රකාශයට පත්කළ ජාතික ප්‍රධාන තොරතුරු නිලධාරී ශ්‍රේණිගත කිරීමට බවර් තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ අනෝජා බස්නායක මහත්මිය ද ඇතුළත්ව තිබුණි.

ස්විස් සම්ප්‍රදාය සහ හර පද්ධතින් පදනම් කරගත් බවර් සමූහය ඉදිරියටත් සිය පැහැදිලි නායකත්ව කණ්ඩායම සමඟින් නවෝත්පාදනය සහ අනාගතවාදී චින්තන ප්‍රවේශය පෙරදැරි කරගනිමින් ශක්තිමත්ව ගමන්කරනු නිසැක ය. මෙම සම්මානය, බවර් සමූහයේ නායකත්ව කණ්ඩායමේ සාමූහික ශක්තියේ සාර්ථකත්වයට සාක්ෂියකි. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව