පෝෂණ මිත්‍යාවන් තුරන් කිරීම – ඔබ සැබවින්ම දැනගත යුතු දේ

Astra-2

වර්තමානයේදී සෞඛ්‍ය සම්පන්න හා සමබර ආහාර වේලක් යනු ඉතා ජනප්‍රිය කරුණකි. අප සැවොම සෞඛ්‍යසම්පන්න පරිවෘත්තියක් (metabolism)  හා ප්‍රතිශක්තිය (immunity) පවත්වාගැනීම පිළිබඳ අලුත්ම තොරතුරු සොයමින් සිටින බැවින් නිවැරදි පෝෂ්‍ය පදාර්ථ ආහාර වේලට ඇතුළත් කර ගැනීමේ දැනුවත්භාවය මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත. එවැනි එක් පෝෂණ සම්පතක් වන්නේ මාගරින් හා මේද තැවරුම්ය. කෙසේ වෙතත් වසර ගණනාවක් මුළුල්ලේ එය බොහෝ වැරදි වැටහීම් හා පදනම් විරහිත කටකථාවලට ලක්වූ පෝෂණ සම්පතකි.

මෙම ප්‍රකාශයන් බොහොමයක් සමීප මිතුරන්ගෙන් හෝ නෑදෑයන්ගෙන් පැමිණෙන නමුත්, සත්‍යයම හැර අන් කිසිවක් අඩංගු නොවූ සම්පූර්ණම සත්‍ය දැන ගැනීමට අවස්ථාව මෙසේ සලසන්නෙමු. එසේනම් එම වැරදි තොරතුරු කිහිපය නැවත බෙදාහැරීමේ බොත්තමට විරාමයක් ලබාදී අපි එහි සත්‍යය මෙලෙසින් එළිදරව් කරමු.

පළමු දුර්මතය – ‘මාගරින්/ මේද තැවරුම් යනු ප්ලාස්ටික්වලින් ඉවත් වූ එක් අනුවක්’

මෙය ඉතා හාස්‍යජනක වූ අසත්‍යකිෟ මාගරින් හා මේද තැවරුම්හි ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ශාක පදනම් කරගත් මේදය හා ජලයයි. රසායනිකව, ප්ලාස්ටික් තුළ මාගරින් වල අඩංගු සංතෘප්ත හා අසංතෘප්ත මේදයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අණුක ව්‍යුහයක් පවතී. මාගරින් හා මේද තැවරුම් සුරක්ෂිත හා පෝෂ්‍යදායී වන අතර වසර ගණනාවක් පුරා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් බවට පත්ව තිබේ.

දෙවැනි දුර්මතය – ‘ මේදය ඔබට අහිතරකයි’

නැවතත් වැරදීෟ. හොඳ සහ නරක අතර වෙනස වටහා ගැනීම ඉතා වැදගත්ය. සියලුම ආහාර වල අඩංගු මේදය ශරීරයේ ක්‍රියාකාරීත්වය හා සෞඛ්‍යය සඳහා නිර්දේශිත දෛනික ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වේ. හිතකර ‘හොඳ’ අසංතෘප්ත මේද පරිභෝජනය වැඩිදියුණු කරගන්නා අතරතුරම ‘නරක’ සංතෘප්ත මේද පරිභෝජනය අවම කරගැනීම ඉතා වැදගත්ය. යථාර්ථය නම් හේතු ගණනාවක් නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ආහාර මේදය අවශ්‍ය බවයි. මෙම මේද ශක්තිය සපයමින්, මේද ද්‍රාව්‍ය විටමින් විසුරුවා හරිමින් නිරන්තරයෙන් විටමින්වල ආරක්ෂාව සමඟින් විටමින් ‘ඒ’, ‘ඩී’ සහ ‘ඊ’ ලබාදෙයි.
සෞඛ්‍ය බලධාරීන් (ලෝක සෞඛ්‍ය සංවිධානය) නිර්දේශ කරන්නේ වැඩිහිටියන්ගේ මුළු දෛනික ශක්තියෙන් 20%-35%ත් අතර ප්‍රමාණයක් මේද පරිභෝජනය නියෝජනය කළ යුතු බවයි. මෙයින් අදහස් වන්නේ කිලෝකැලරි 2000ක ආහාර වේලක් සලකා බැලීමේදී දෛනිකව මේදය ග්‍රෑම් 45-78ක් දක්වා පරිභෝජනය කිරීමයි. වයස අවුරුදු 2-18 අතර ළමුන් හා තරුණ වැඩිහිටියන්ගේ දෛනික ශක්තියෙන් 25%-35%අතර ප්‍රමාණයක් ගුණාත්මක මේදයෙන් නිෂ්පාදනය කළ යුතුය. මේද පරිභෝජනයේ ගුණාත්මකභාවය සෞඛ්‍යට අත්‍යවශ්‍ය වේ.
මිනිස් සිරුර පළමු වසර කිහිපය තුළ ඉතා වේගයෙන් වර්ධනය වේ. එබැවින් දරුවන්ට ඔවුන්ගේ වර්ධනය හා සංවර්ධනය සඳහා ප්‍රමාණවත් ශක්තිය හා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව පෝෂ්‍ය පදාර්ථ වර්ගයන් (උදාහරණයක් ලෙස මේදය හෝ කාබෝහයිඩ්‍රේට්) නොසලකා සෞඛ්‍ය සම්බන්න ශරීර බරක් පවත්වා ගැනීම සඳහා ශක්ති සමතුලිතතාවය ඉතා තීරණාත්මකය.

යොමුව:
■ ලෝක සෞඛ්‍ය සංවිධානය (උ්‍යධ)/එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (ත්‍්ධ)
මානව පෝෂණයේ අඩංගු මේද හා මේද අම්ල විශේෂඥ උපදේශන වාර්තාව.
■ යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය(ෑත්‍ී්). විද්‍යාත්මක මතය: බ-3 සහ බ-6 බහු අසංතෘප්ත මේද අම්ල සඳහා යොමු පරිභෝජන අගයන් ලේබල් කිරීම. යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරියේ සඟරාව. 2009ත 1176, 1-11
■ ලෝක සෞඛ්‍ය සංවිධානය (උ්‍යධ). ලෝක සෞඛ්‍ය සංවිධානය/එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (ත්‍්ධ) ඒකාබද්ධ විශේෂඥ උපදේශනයක වාර්තාව. ආහාර පෝෂණය හා නිදන්ගත රෝග වැළැක්වීම. ජිනීවා: ලෝක සෞඛ්‍ය සංවිධානයත 2003. වාර්තා අංක: 916

තෙවැනි දුර්මතය – ‘මාගරින් පිලිකා කාරකයකි’
මෙය වඩාත්ම ප්‍රචලිත මිත්‍යාවන්ගෙන් එකකි. සරලවම කිවහොත් මෙය සත්‍යක් නොවේ. නිදන්ගත රෝග වැළැක්වීම සඳහා සැබැවින්ම වැදගත් වන්නේ හොඳ පෝෂණයයි. ධාන්‍ය, පලතුරු සහ එළවළු වලින් සමන්විත සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ලබාගැනීම පිලිකා සහ හෘද රෝග අවදානම අඩුකරගැනීමේ හොඳම ක්‍රමයයි. අසංතෘප්ත මේදය එනම් ඔමේගා-3 හා ෆ්ලෝරා මේද තැවරුමේ අඩංගු ඒකඅසංතෘප්ත මේද සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීම සමග සැබැවින්ම සබැඳී තිබේ.

මාගරින් හා මේද තැවරුම් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා සියලුම අමුද්‍රව්‍ය ආරක්ෂිත යැයි ලොව පුරා සිටින විද්‍යාත්මක විශේඥයන් සමාලෝචනය කර තිබේ. මාගරින් නිෂ්පාදනය මූලික වශයෙන් මිශ්‍ර කිරීමේ හා සිසිලන ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය මඟින් අමුද්‍රව්‍ය වලට වෙනස්කම් හඳුන්වා නොදෙයි. එබැවින්, මෙම මිත්‍යාවන් පසෙකට දමා ඔබේ මිතුරන්ට සහ අසල්වැසියන්ට සත්‍යය පතුරුවා හැරීමට නියම කාලය එළැඹ ඇත.

යොමුව:
■ මිනිසාගේ පෝෂණයේ මේද හා මේද අම්ල පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය (උ්‍යධ)/ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (ත්‍්ධ) ඒකාබද්ධ විශේෂඥ උපදේශනයක එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානයේ වාර්තාව. ජිනීවා 2008.
http://foris.fao.org/preview/25553-0ece4cb94ac52f9a25af77ca5cfba7a8c.pdf

■ ලෝක සෞඛ්‍ය සංවිධානය (උ්‍යධ)/එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (ත්‍්ධ). ආහාර පෝෂණය හා නිදන්ගත රෝග වැළැක්වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය/එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධ විශේෂඥ උපදේශනය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 916 තාක්ෂණික වාර්තා මාලාව. ජිනීවා 2002.

http://www.who.int/dietphysicalactivity/publications/trs916/en/

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගැනීම සඳහා හයිඩ්‍රජනීකරණය නොවූ ට්‍රාන්ස් මේදය රහිත අසංතෘප්ත මේද තැවරුම් නිතරම තෝරාගන්න. නිෂ්පාදන ඇසුරුම සරලව පරීක්ෂා කරන්න. ට්‍රාන්ස් මේද අඩංගු නොවන බව ඇස්ට්‍රා සහ ෆ්ලෝරා යන වෙළඳ නාමවල පැහැදිලිව සඳහන් කර ඇත. අපගේ අහාර වේලට මේදය අත්‍යවශ්‍ය වන අතර ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැත. ඔබ ආහාර තෝරාගැනීමේදී හා ශාක පදනම් කරගත් මේද තැවරුම්වල මේදයේ ඇති සියලුම යහපත් දේ ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කරගැනීමේදී නුවණක්කාර වන්න.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව