පුත්තලම දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත ඒකල ශූරතාව ශෙනුක් සමරරත්න දිනා ගනී විවෘත කාන්තා ශූරතාව රශ්මි භාග්‍යාට

MS Shenuk Samararatne (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ  සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ශෙනුක් සමරරත්න සමත් වූ අතර, විවෘත කාන්තා ඒකල ශුරතාව රශ්මි භාග්‍යා දිනා ගත්තාය. වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් එෆ්.පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තිළිණ රාජකරුණා ලකුණු 21-19ක්, 19-21ක් සහ 21-16ක් ලෙස පරාජය කිරීමට ශෙනුක් සමත් වූ අතර, රශ්මි භාග්‍යා හමුවේ ලකුණු 21-11ක් සහ 21-17ක් ලෙස ජනනුවනි ද අල්විස් පරාජයට පත්වූවාය.

 



 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දෙවැනි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-17ක් සහ 21-16 ලෙස රොෂාන් පද්මකුමාර සහ සුපුන් ලක්රංග පියරත්න පරාජයට පත් කරනු ලැබූ මධුක දුලාංජන සහ ළහිරු මධුෂාන් වීරසිංහ විසිනි. රශ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන ලකුණු 21-16ක් සහ 21-7 ලෙස නිලාසි බාලසූරිය සහ ජනනුවනි අමන්දා ද අල්විස් පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශුරතාව දිනා ගත්හ. ලකුණු 21-14ක් සහ 21-14ක් ලෙස විදූ මන්දීව් ලියනගේ සහ නිලාසි බාලසූරිය පරාජය කළ ළහිරු මධුෂාන් වීරසිංහ සහ ඉරූෂි අමන්දි විවෘත මිශ්‍ර ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ තරග ඉසව්වේදී බාලක ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 20-22ක්, 21-15ක් සහ 21-13ක් ලෙස රෙෂාන් හරිත් පරාජයට පත් කළ තිළිණ රාජකරුණා විසිනි. එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල ශූරතාව සඳති දෙව්මිණි විසින් දිනාගනු ලැබුවේ ලකුණු 21-13ක් සහ 21-13ක් ලෙස රුක්ෂිකා බාස්කරන් පරාජයට පත්  කරමිනි. අචින්ත්‍ය ඉමේෂක් සහ පසිඳු මිහිරංගට එරෙහිව ලකුණු 21-19ක්, 18-21ක් සහ 21-14ක් ලෙස ජය ලැබූ රිතිර සෙන්දිල් අබේගුණවර්ධන සහ තෙනුල් රන්සජ ගනේවත්ත අවුරුදු 19න් පහළ බාලක යුගල ශූරතාව දිනාගත්හ.

කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩ තරග,  විවෘත තරග සහ පළඟ කාණ්ඩයේ තරග ඇතුළත් සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාග, පදක්කම් සහ සහතික පත් බෙදා දුන් අතර,  McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය යටතේ  තරගාවලිය පැවැත්විණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව