පීපල්ස් ලීසිං සමාගමේ “හරිත නැණ” ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවන අදියර මහනුවරින් ඇරඹේ.

PLC - VTA - Kandy (LBN)

 



 

 

දැයේ ශ්‍රම බළකාය සංවර්ධනය, වෘත්තීය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්‍යයට උරදීමක් වශයෙන් දෙමුහුන් මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමුකිරීමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කළේය. ඒ අනුව පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂිකව සිදුකරන තිරසර ව්‍යාපෘති යටතේ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය හා මූල්‍ය සාක්ෂරතාව ගොඩනැගීම වෙනුවෙන් ආරම්භ කළ ‘හරිත නැණ’ ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවන අදියර මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණි.

ඒ අනුව මෙම වැඩසටහනේ ශිෂ්‍යයන් 16 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායමේ සමාරම්භක වැඩසටහන කටුගස්තොට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි. මේ සදහා පීපල්ස් ලීසිං සමාගමේ අලෙවි, සන්නිවේදන හා සමාජ සත්කාර අංශ ප්‍රධානී, හිෂාන් වැල්මිල්ල මහතා, පීපල්ස් ලීසිං සමාගමේ මහනුවර ශාඛා කළමනාකරු, සේනක මුණසිංහ මහතා, පීපල්ස් ලීසිං සමාගමේ මහනුවර අල්සෆා ශාඛා කළමනාකරු, මොහොමඩ් අමීන් මහතා, පීපල්ස් ලීසිං සමාගමේ පිළිමතලාව ශාඛා කළමනාකරු, උපුල් ශාන්ත මහතා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, (මහනුවර) රොහාන් ප්‍රියන්ත මහතා, ව්‍යාපෘති නිලධාරිනී (කටුගස්තොට) යූ.ජී.එස්.මැණිකේ මහත්මිය සහ අනෙකුත් අධ්‍යයන අංශයන්හි උපදේශකවරුන් හා පීපල්ස් ලීසිං සමාගමේ කටුගස්තොට ශාඛාවේ සහ ප්‍රධාන කාර්යාලයේ නියෝජිතයන් ඇතුළු පාඨමාලා සිසු දරුවන් සහභාගී වූහ. මෙහි පළමු අදියර කොළඹ ක්‍රියාත්මක වූ අතර එහි අධ්‍යයන කටයුතු සදහා ශිෂ්‍යත්වලාභීන් 19 දෙනෙකු සහභාගි විය. මෙම වැඩසටහනේ තෙවන අදියර තවත් දිස්ත්‍රික්කයක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත ය.

පීපල්ස් ලීසිං සමාගම විසින් වර්තමානයේ පවතින වෘත්තීය සුදුසුකම්ලත් සේවා නියුක්තියන්ගේ හිඟකම හඳුනාගත් අතර එය අවම කිරිමේ අරමුණින් දෙමුහුන් මෝටර් රථ තාක්ෂණ වෘත්තීය පුහුණු පාඨමාලා සදහා ශිෂ්‍යත්ව 50ක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණි. මෙම වැඩසටහන වෘත්තීය පුහුණු අධිකාරියේ සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන අංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ.

ගෝලීය තරගකාරීත්වය හා කාර්මිකරණය හමුවේ ව්‍යාපාර තම ඉලක්ක හඹායමින් කටයුතු කරයි. එවන් අවස්ථාවන් වලදී සමාගම්, ආයතන හා ව්‍යාපාර විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව තිරසර සංකල්පයේ පරිසරය හා ප්‍රජාව යන අනෙකුත් අංශ අමතක කරයි. තම ඉලක්කගත ලාභය පමණක් අරමුණු කරගෙන කටයුතු කිරිම නිසා ඔවුන්ට තිරසර මුල්‍ය මගහැරෙයි. නමුත් පීපල්ස් ලිසිං සමාගම මුල්‍ය ක්ෂේත්‍රය තුළ සියලු මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ තිරසර අරමුණු පෙරදැරි කරගෙනය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව