පීපල්ස් ලීසිං සමාගම සීගිරි පර්වත පරිශ්‍රයේදී තිරසර කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් දියත් කරයි.

PLC - Sigiriya Rock - pix -03

 



 

 

 

මහජන බැංකුවට අනුබද්ධිත ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං සමාගම 25 වසරක සිට වගකීම් සහගත පූර්ණ මූල්‍ය සේවා විසඳුම් සමඟින් තිරසර අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට දිවයින පුරා විවිධ ප්‍රජා සත්කාරක සේවා රැසක් සිදුකරනු ලබන සමාගමකි. ඒ අනුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස කසළ කළමනාකරණ ක්‍රියාපිළිවෙත වඩාත් ක්‍රමවත් කිරීමේ අරමුණින් කසළ බදුන් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී/සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සිලින් මහතාගේ සංකල්පයකට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මඟපෙන්වීම යටතේ සීගිරි පරිශ්‍රයේදී පසුගියදා මහජන අයිතියට පත්කරනු ලැබීය.

ඒ අනුව සීගිරි පර්වත පරිශ්‍රය තුළ හා ඉන් පිටත ඉවතලන ඝන අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැරලීමට අවශ්‍ය කසළ බඳුන් කට්ටල පීපල්ස් ලීසිං සමාගමේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර, සුසිල් ප්‍රියන්ත මහතා විසින් දඹුල්ල මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමණාකාර, ආර්. උපුල් නිශාන්ත මහතා, දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වෛද්‍ය, ධයන්ත වීරසූරීය මහතා සහ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එස්. එම්. අයි. අහමඩ් මහතා වෙත නිල වශයෙන් ප්‍රදානයකිරීම පසුගියදා සිදුවිය.

මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන ශාඛාවේ අලෙවි, සන්නිවේදන හා සමාජ සත්කාර අංශ ප්‍රධානි, හිෂාන් වැල්මිල්ල මහතා, පීපල්ස් ලීසිං දඹුල්ල ශාඛා කළමනාකාර, චතුරංග නාගොඩවිතාන මහතා, දඹුල්ල පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂක, ධනුක උදයන්ග මහතා, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් එච්. එම්. ආර්. කේ. සෙනෙවිරත්න මහතා සහ දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්. ඒ. වසන්ත කුමාර මහතා ඇතුළු සෙසු නිලධාරීහූ සහභාගී වූහ.

මානව සෞඛ්‍යය සහ පරිසරය ආරක්ෂා කිරීමට උපකාරී වන ලෙස ව්‍යාපාරයක් අපද්‍රව්‍ය නිවැරදිව කළමණාකරණය කිරීම හැකිතාක් පහසු කළ යුතුය. ව්‍යාපාරික ලෝකයේ අපද්‍රව්‍ය වෙන්කිරීමේ වැදගත්කම අවතක්සේරු කළ නොහැකිය. ඒ අනුව අන්තරායකර අපද්‍රව්‍ය වෙන්කර වෙනම පිරිපහදු කළ විට අපට වාතය සහ ජලය දූෂණය වීම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය.

1982 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලද සීගිරිය ශ්‍රී ලංකාවේ ඇති වටිනාම ඓතිහාසික ස්මාරකයකි. ලෝකයේ අටවැනි ආශ්චර්යය ලෙස හඳුන්වනු ලබන මෙම පෞරාණික මාලිගාව සහ බලකොටු සංකීර්ණය පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති අතර සෑම වසරකම සංචාරකයින් දහස් ගණනකගේ ආකර්ෂණය දිනාගන්නා අතර එහි භූ දර්ශනය ස්වභාවධර්මය සහ මානව පරිකල්පනය අතර ඇති අද්විතීය සංහිඳියාව සමඟ සංචාරකයින් මවිතයට පත් කරයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව