පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි (ESQR) “හොඳම භාවිතය 2022” යුරෝපීය සම්මානය අතිගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරයි.

PLC - ESQR Awards presented to HE President (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මඟින් වාර්ෂිකව පිරිනමන “හොඳම භාවිතය 2022” ^Best Practices 2022& සම්මානයෙන් පිදුම් ලැබිය. ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමි වු මෙම සම්මානය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත්කිරීම පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් හා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමේන්ද්‍ර මර්සිලීන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

පීපල්ස් ලීසිං සමාගම මෙම සම්මානය සඳහා තත්ත්ව පර්යේෂණ සඳහා යුරෝපීය සංගමය (ESQR) මඟින් තෝරා ගනු ලබන්නේ යුරෝපය, ආසියාව, ඇමෙරිකාව, අප්‍රිකාව සහ ඔස්ටේ්‍රලියාව යන මහාද්වීපයන් හි නිර්දේශිත රාජ්‍ය පරිපාලන සමාගම් සහ සංවිධාන අතරින් වාර්ෂික ඇඟයීම් වැඩසටහනේ හොඳම භාවිතයන් උදෙසාය.

2022 දෙසැම්බර් මස 11වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැති සම්මාන උළෙලේදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සලීන් මහතා විසින් මෙම සම්මානය ලබාගනු ලැබීය. මෙම සම්මානය ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමිකරදීමට හැකිවීම පිපල්ස් ලීසිං සමාගම ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි.

සම්මානලාභී සමාගම්, සංවිධාන සහ රාජ්‍ය පරිපාලන ආයතන (ESQR) හි ඡන්ද විමසීම්, පාරිභෝගික අදහස්, පර්යේෂණ සහ වෙළඳපොල අධ්‍යයනයන් හි ප්‍රතිඵල මත පදනම්ව තෝරා ගනී. ජයග්‍රාහකයන් තේරීම් ක්‍රියාවලියේදී පොදු තොරතුරු මූලාශ්‍ර, ප්‍රකාශන, ධනාත්මක ප්‍රකාශ, පුණ්‍ය ව්‍යාපෘති, වාණිජ මණ්ඩල සහ විශ්ව විද්‍යාල ව්‍යාපෘති, වෙළඳ ප්‍රදර්ශන සහ ප්‍රදර්ශන පිළිබඳ පර්යේෂණ යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

තත්ත්ව පර්යේෂණ සඳහා යුරෝපීය සංගමය (ESQR) යනු තත්ත්ව වැඩිදියුණු කිරීමේ ශිල්පීය ක්‍රම හඳුනා ගැනීම සහ පර්යේෂණ සඳහා කැප වූ යුරෝපීය සංවිධානයකි. යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පිහිටා ඇති අතර ESQR සංවිධානය, සමාගම්, රාජ්‍ය පරිපාලන ආයතන, විශ්ව විද්‍යාල, රාජ්‍ය නොවන සංවිධාන සහ තනි පුද්ගල ව්‍යාපාරයන්හි හොදම භාවිතයන් සහ තත්ත්ව කළමනාකරන උපාය මාර්ගවල ප්‍රතිඵල ඇගයීමට කැපවී කටයුතුකරන ආයතනයකි. තවද ESQR සංවිධානය විසින් සමාගම්හි විශිෂ්ටත්වය, නවෝත්පාදන හැකියාව සහ දූරදර්ශී චින්තනය, දැනුම බෙදාහැරීම, අනුකූලතා තක්සේරුකරණ භාවිතයන් හෝ පහසුකම් බෙදාගැනීම අගය කරනු ලබයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව