පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී BestWeb.LK සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනාගත් එකම, බැංකු නොවන මූල්‍ය සේවා ආයතනය බවට පත්වෙයි

WhatsApp Image 2024-10-11 at 6.27.08 AM (LBN)

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, පසුගියදා පැවති 14 වැනි BestWeb.LK සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. මෙම වසරේදී ‘Best Mobile User Experience in the Finance and Insurance Website’ කාණ්ඩයේ රන් සම්මානය සහ ‘Best Finance and Insurance Website’ කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට හැකියාව ලැබිණි. ඩිජිටල් නාලිකා භාවිතයේදී ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම සඳහා සමාගම ගන්නා උත්සාහයේ සාර්ථකත්වය මෙම සම්මාන මගින් මැනැවින් පිළිබිඹු වේ.
 



 
විශේෂයෙන්ම ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් ‘Best Mobile User Experience’ කාණ්ඩයේ රන් සම්මානය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙත හිමි විය. ගනුදෙනුකරුවන් කුමන ආකාරයේ ඩිජිටල් උපාංගයක් භාවිතා කළත්, ඉතාමත් පහසුවෙන් පරිශීලනය කළ හැකි අතුරු මුහුණතක් ඔස්සේ තමන්ට අවශ්‍ය සේවාවන් කිසිදු බාධාවකින් තොරව ලබාගැනීමට අවස්ථාව සලසා දීමට සමාගම පියවර ගෙන තිබේ. එමෙන්ම ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි වන ආකාරයට තම නිල වෙබ් අඩවිය සැලසුම් කර තිබීම නිසා සමාගම වෙත ‘Best Finance and Insurance Website’ කාණ්ඩයේ රිදී සම්මානය හිමි විය. මෙය ගනුදෙනුකරුවන් ඇතුළුව සියලුම පාර්ශ්වකරුවන්ට අවශ්‍ය සේවාවන් හා තොරතුරු ඉක්මනින් හා පහසුවෙන් ලබාගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කළ වෙබ් අඩවියකි.

මෙම සම්මානවල වැදගත්කම සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සංජීව බණ්ඩාරනායක මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙම වසරේ BestWeb.LK සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. අප සෑම විටම ඩිජිටල් නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීයත්වය වෙනුවෙන් කැප වී සිටින බවට මෙම සම්මාන සාක්ෂි දරනවා. කවදත් අපගේ ප්‍රධාන ඉලක්කය වුණේ ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන මට්ටමත් වඩා විශිෂ්ට ඩිජිටල් අත්දැකීමක් ඔවුන් වෙත තිළිණ කිරීමයි. මෙම සම්මාන තුළින් පන්නරය ලබමින්, ඉදිරියේදී තවතවත් නවෝත්පාදන විසඳුම් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.”

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සන්නාම හා සන්නිවේදන) රජීව් ඩේවිඩ් මහතා මෙසේ අදහස් පළකළේ ය. “පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යනු ගනුදෙනුකරුවන්ට සේවාවන් සපයන සෑම අවස්ථාවකදීම විශිෂ්ටත්වයට මුල් තැන දෙන සමාගමක්. මෙහිදී ඩිජිටල් නාලිකා සම්බන්ධයෙන් අප විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. සාමාන්‍යයෙන් ඩිජිටල් නාලිකා භාවිතා වන අවස්ථා අතරින් 80% ක්ම සිදුවන්නේ ජංගම දුරකථන භාවිතයෙන්. එම නිසා ස්මාර්ට් දුරකථන භාවිතා කරන ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සැලසීමට අප සෑම විටම උත්සාහ කරනවා. එමෙන්ම අපගේ ප්‍රධානතම ඩිජිටල් නාලිකාවක් වන නිල වෙබ් අඩවිය ජංගම දුරකථන ඔස්සේ පහසුවෙන් පරිශීලනය කළ හැකි පරිදි සැලසුම් කර තිබෙන අතර, ගනුදෙනුකරුවන්ට අතිශයින් වැදගත් වන ණය ගණක වැනි විශේෂාංග රැසකුත් ඊට ඇතුළත් කර තිබෙනවා. මෙම සම්මාන හිමි වීම මගින් තහවුරු වන්නේ, සියලු දෙනාටම වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ පරිපූර්ණ ඩිජිටල් අත්දැකීමක් පිරිනැමීම සඳහා අප දරන උත්සාහය සාර්ථක වී ඇති බවයි.”

තම පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන රාමුව යටතේ තිරසාර අරමුණු ඉටුකර ගැනීම සඳහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම දරන උත්සාහය මෙම සම්මාන මගින් මැනැවින් නිරූපණය වේ. ජනතාවට වඩාත් පහසුවෙන් මූල්‍ය සේවාවන් ලබාගත හැකි වන ආකාරයට ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම සහ, කාබන් පියසටහන අවම කිරීම සඳහා කඩදාසි භාවිතය සීමා කිරීම මෙම අරමුණු අතර ප්‍රධාන තැනක් ගනී. මීට පෙරද මෙවැනි ප්‍රධාන පෙළේ සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමාගම සමත් විය. National Best Quality Software Awards (NQBSA) 2023  හිදී ‘Best Digital Process Enabler of the Year’ සම්මානය සහ PLC Touch App වෙනුවෙන් ‘In-House Development’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් හිමි වීම සහ LankaPay Technovation Awards 2024 හිදී LankaSign Digital Signatures 2022/23 භාවිතයට ගැනීම වෙනුවෙන් ‘Financial Institution of the Year’ කාණ්ඩයේ රන් සම්මානයක් හිමි වීම වැනි ජයග්‍රහණ මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැකි වේ.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යනු මෙරට බලපත්‍රලාභී, බැංකු නොවන මුදල් ආයතනයකි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන මූල්‍ය විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් එම සමාගම විශාල කීර්තියක් දිනා සිටී. ශක්තිමත් පදනමක්, පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුවක් සහ විශිෂ්ටත්වය උදෙසා නොසැලෙන කැපවීමක් සහිත පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, මේ වනවිට මුදල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියටම පැමිණීමට සමත් වී ඇත. මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, ශ්‍රී ලාංකිකයන්ගේ දියුණුවට හා සෞභාග්‍යට උරදෙන විශ්වාසනීය හා ගෞරවණීය මුදල් සේවා සපයන්නෙකු ලෙස සැලකේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව