“පැනඩෝල් සුව සහන මෙහෙවර” ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් බැතිබර මෙහෙවරක

4792099010010-1

2025 අප්‍රේල් 09 : 1950 වකවානුවේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ වේදනාවන්ට විශ්වසනීය සහනය සැලසූ සන්නාමය වන පැනඩෝල්, 2025 අප්‍රේල් 18 සිට 27 දක්වා මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන පූජනීය ශ්‍රී දළදා ප්‍රදර්ශනයට සහභාගී වන බැතිමතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් “පැනඩෝල් සුව සහන මෙහෙවර” නමින් විශේෂ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන මඟින්, ප්‍රදර්ශනයේ නිල ප්‍රථමාධාර සපයන පාර්ශව වෙත ඖෂධ ලබා දීම සහ සෞඛ්‍ය සේවා සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කෙරේ.
 



 
පූජනීය දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අරමුණින්, පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටින බැතිමතුන්ට ශාරීරික පීඩාවක් ඇතිවුවහොත් ඔවුන්ට සහනයක් සැලසීම මෙම සත්කාරක වැඩසටහනේ අරමුණයි.

මෙම වැඩසටහන හරහා හදිසි ප්‍රතිකාර අවශ්‍ය අය සඳහා ප්‍රථමාධාර පහසුකම් සැලසීමට, වායුසමනය කරන ලද ජංගම වෛද්‍ය මධ්‍යස්ථාන තුනක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට ‘පැනඩෝල් සුව සහන මෙහෙවර’ මඟින් සිය දායකත්වය ලබා දී ඇත.

පෝලිම්වල රැඳී සිටින අතරතුර සුළු අසීරුතාවලින් පීඩා විඳින බැතිමතුන්ට පැනඩෝල්, අයඩෙක්ස් සහ ඊනෝ වැනි ඖෂධ සැපයීමෙන් පහසුකම් සැලසීමට, ප්‍රථමාධාර සපයන ප්‍රධාන පාර්ශවයන් වන ශ්‍රී ලංකා රතු කුරුස, ශාන්ත ජෝන් ගිලන්රථ සේවාව සහ මානව මනුසත් ව්‍යාපාරය සමඟ පැනඩෝල් අත්වැල් බැඳගෙන සිටියි. මෙම සහයෝගීතාව හරහා බැතිමතුන්ට ඉක්මන් සහන සේවාවක් සැපයීම සහතික කිරීම වෙනුවෙන්, පුහුණුව ලත් ප්‍රථමාධාරකරුවන් 325කට අධික සංඛ්‍යාවක් සෑම දිනකම ප්‍රදර්ශන භූමිය පුරා රාජකාරියේ යෙදවීමට ද සැලසුම් කොට ඇත.

“පැනඩෝල් සුව සහන මෙහෙවර” හරහා බැතිමතුන්ට අවශ්‍යම මොහොතේ ඔවුන් වෙනුවෙන් සහනයක් වන්නට ඉදිරිපත් වීම අපේ අරමුණයි. වසර 60කට වැඩි කාලයක් තිස්සේ ජනාදරයට පත් සන්නාමයක් ලෙස, මේ අර්ථවත් මොහොතේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ලැබීම පැනඩෝල් අපට ආඩම්බරයක්.” Haleon ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධානී චානක වන්නිආරච්චි මහතා පැවසීය.

මෙම වැඩසටහන මඟින් ප්‍රධාන මහජන ඒකරාශීවීම්වලදී, ජනතාවගේ යහපැවැත්මට සහය වීම උදෙසා සන්නාමයේ ඇති අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරන අතර, ඉදිරියේදී ද මෙවැනි වැඩසටහන් තුළින් ශ්‍රී ලාංකිකයන්ට සේවා සලසන්නට පැනඩෝල් බලාපොරොත්තු වේ.

පරම්පරා ගණනක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ වේදනාවන්ට සුව සහනය සැලසූ පැනඩෝල්, මෙරට පාරිභෝගිකයන්ගේ නොමද විශ්වාසයට පාත්‍ර වූ සන්නාමයකි. පූජනීය ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන මෙම කාලසීමාව අතරතුර සිදු කරන මෙම සද්කාර්යය, රටේ වැදගත් ආගමික හා සංස්කෘතික කටයුත්තකදී ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය හා සුවපහසුව වෙනුවෙන් සන්නාමය දක්වන කැපවීම ද පෙන්නුම් කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව