
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek Ceylon PLC, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 1st XV රග්බි කණ්ඩායමේ 2025 වසර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත්වෙමින් රග්බි පිටියට සිය පැමිණීම සනිටුහන් කර ඇත. පසුගියදා කොළඹදී පැවති සුවිශේෂී උත්සව අවස්ථාවකදී කණ්ඩායම විසින් Swisstek සන්නාම ලාංඡනයෙන් සමන්විත සිය නවතම රග්බි ජර්සිය එළිදක්වන ලදී.
Swisstek සිය නිෂ්පාදනයන්හි ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීම උදෙසා මනා කැපවීමකින් කටයුතු කරන අතර සිය සන්නාම පොරොන්දුව වන “For the Perfect Finish” තුළින් එය තවදුරටත් සනාථ කරයි. සිය සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන් සේවා සපයන ප්‍රජාවෙහි සහයෝගය මත යන්න මැනවින් හඳුනාගෙන සිටින Swisstek, හැකි සෑම විටම ඔවුන් වටා සිටින ප්‍රජාවෙහි යහපත් උදෙසා කටයුතු කරනු ලබයි. පරිපූර්ණ ප්‍රජාවක් ගොඩනැඟිය හැක්කේ ඊළඟ පරම්පරාව පෝෂණය කිරීමෙන් බව Swisstek හි විශ්වාසයයි. ඔවුන්ගේ මෙම අරමුණ ඉටු කරගැනීමේ සුවිශේෂී අංගයක් ලෙස ක්‍රීඩාව හඳුනාගෙන සිටින Swisstek, ක්‍රීඩාව හරහා තරුණ පරපුර, නොසැලෙන ගුණයෙන් සහ විනයෙන් යුත් අනාගත නායකයන් බවට පත් කිරීමේ කර්තව්‍යයට සිය දායකත්වය ලබා දෙයි.
මෙම අවස්ථාව පිළිබඳව Swisstek Ceylon PLC හි සහකාර අලෙවි කළමනාකරු වන සිතිර කරුණාතිලක මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “විශිෂ්ටත්වය සහ අඛණ්ඩතාවය මත පදනම්ව ආරම්භ කරන ලද ආයතනයක් ලෙස අප සෑමවිටම පරිපූර්ණ නිමාවකින් යුත් අවකාශයන් නිර්මාණය කිරීමට කටයුතු කරන අතරම ශක්තිමත් සහ යහපත් සමාජයක් ගොඩනැඟීම උදෙසාද කැපවී කටයුතු කරනවා. විද්‍යාර්ථ රග්බි කණ්ඩායම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය එයට කදිම නිදසුනක්. විද්‍යාර්ථ විද්‍යාලය තුළ දීර්ඝ කාලීන සම්ප්‍රදායක් සහිත ක්‍රීඩාවක් ලෙස රග්බි හැඳින්විය හැකි අතර ඔවුන් ජාතික තලයේ දක්‍ෂයන් රැසක් බිහි කර තිබෙනවා. මෙම වැඩසටහන තුළින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගන්වමින් පරිපූර්ණ අනාගත පරපුරක් බිහිකිරීමට අප කටයුතු කරනවා.”
“Swisstek වැනි කීර්තිමත් හවුල්කරුවෙකු සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට විශාල ගෞරවයක්. ඔවුන්ගේ සහයෝගය තුළින් අපගේ කණ්ඩායමේ කාර්ය සාධනය සහ ආත්ම විශ්වාසය ඉහළ නංවනු ලබනවා. එසේම මෙය තවත් එක් අනුග්‍රාහකත්වයක් පමණක් නොවන අතර මේ තුළින් විනයගරුක සහ දක්ෂ පුදගලයන් සමාජයට බිහිකිරීම සිදු කරනු ලබනවා.” රග්බි සංවර්ධන මණ්ඩලයේ සභාපති රංජිත් වීරසිංහ මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
Swisstek විසින් පාසල් තුළ ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා දක්වන කැපවීම, උපායමාර්ගික හවුල්කාරීත්වයන් තුළින් ඊළඟ පරම්පරාව පරිපූර්ණත්වයට පත් කිරීම සඳහා වන දිගුකාලීන උපායමාර්ගයේ කොටසකි. මෙම මුලපිරීම Swisstek හි පුළුල් දැක්මේ පළමු පියවර නියෝජනය කරයි. Swisstek නිරතුරුවම සිය සන්නාම පොරොන්දුව අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකාව සඳහා වඩාත් හොඳ සහ පරිපූර්ණ අනාගතයක් බිහිකිරීම උදෙසා කටයුතු කරයි