ප්‍රීමා සමූහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 300 කට අධික වියළි සලාක ගංවතුර සහන කටයුතු වෙනුවෙන් ‌ ප්‍රදානය කරයි

Image-01

2025 දෙසැම්බර් 01 කොළඹ දී, – ශ්‍රී ලාංකිකයන් මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා ප්‍රීමා සමාගම වෙතින් රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් ප්‍රීමා නිෂ්පාදන සහනාධාර ලෙස ප්‍රදානය කර තිබේ. ආපදාවට ලක් පවුල්වලට අත්‍යවශ්‍යය වූ මෙම සහනාධාර බෙදා හැරීම ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ දියත් කර ඇත.

ප්‍රීමා නිෂ්පාදන අඩංගු මෙම වියළි සලාක තොගය පසුගිය නොවැම්බර් 30 වන දින ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කරන ලදී. ආපදා තත්වය හමුවේ වැඩිම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක කිහිපයක් වෙත එම අමුද්‍රව්‍ය තොගය බෙදා හැරීමට නියමිතය. මෙම සහනාධාරය එදිනෙදා ජන ජීවිතය තර්ජණයට ලක් වූ විශාල ජන පිරිසකගේ මූලික අවශ්‍යතා තෘප්තිමත් කිරීමට සහය වන බව විශ්වාසයි.
 



 

මෙම පරිත්‍යාගය භාරදීම ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා විසින් එම පරිත්‍යාගයන් භාර ගන්නා ලදී. ප්‍රීමා සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා සහ සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් පීඑල්සී හි සාමාන්‍යාධිකාරී සංජීව පෙරේරා මහතා යන මහත්වරුන් මෙම වියළි සලාක තොගය භාරදීමට සහභාගී වූහ.

ප්‍රීමා සමූහ ව්‍යාපාරය වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ජනතාව සමඟ සිටින අතර, මෙම පරිත්‍යාගය අතිශය අසීරු හා අභියෝගාත්මක කාලවලදී ජාතිය කෙරෙහි ඇති හෘදයාංගම කැපවීම පිළිබිඹු කරයි. දිවයින පුරා සහන මෙහෙයුම් රැසක් අඛණ්ඩව සිදුවන මේ මොහොතේ රාජ්‍ය බලධාරීන් සමඟ එක්ව සහයෝගයෙන් විපතට පත් පවුල්වලට ඔවුන්ගේ ජන ජීවිත යළි ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සහ අඛණ්ඩ සහන සැලසීමේ ක්‍රියාවලියට සහාය වීම ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ මූලික අරමුණ වේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව