නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහය නිෂ්පාදන ප්‍රසාරණයට රු. මිලියන 500ක් ආයෝජනය කරයි

1- Priyanka Vinodini, Head of Further Processing at Anthoneys (1)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදකයෙකුවන නිව් ඇන්තනීස් සමූහය සිය නවතම උසස් ප්‍රමිතියේ මාංශ ආහාර නිෂ්පාදන පෙළවන Chicken Havens ඇතුළු අගය එකතුකළ නිෂ්පාදන ප්‍රසාරණය වෙනුවෙන් රුපියල් මිලියන 500ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට සැලසුම්කර තිබේ.

මාස හයක් ඇතුළත නිෂ්පාදන ධාරිතාව සිව් ගුණයකින් වැඩිකිරීමේ අරමුණින් සිදුකරන මෙම ආයෝජනය හරහා මෙරට මාංශ නිෂ්පාදන කර්මාන්තය තුළ ද විශේෂ පරිවර්තනයක් සිදුවනු නොඅනුමාන ය. වර්තමානයේ නිව් ඇන්තනීස් සමූහයේ සමස්ත නිෂ්පාදන අතුරින් අගය එකතුකළ නිෂ්පාදන ප්‍රමාණය 10%ක් පමණවන අතර, නව ආයෝජනය තුළින් එම ප්‍රමාණය ඉහළ නංවමින් හෝටල්, අවන්හල් ක්ෂේත්‍ර සඳහා මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයින් වෙත ද උසස්ම තත්ත්වයේ අගය එකතු කළ නිෂ්පාදන සැපයීමේ හැකියාව නිව් ඇන්තනීස් සමූහයට හිමිවනු ඇත.

 



 

මෙම නිෂ්පාදන පහසුකම නවීනතම යුරෝපීය තාක්ෂණයෙන් බලගැන්වී ඇති අතර, ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා නීතිරීතිවලට අනුකූලව නිෂ්පාදන කටයුතු සිදුකිරීමට සමත් ය. අපජල පිරිසිදුකිරීමේ පහසුකමින් ද යුතු නව නිෂ්පාදන පරිශ්‍රය හරහා නිව් ඇන්තනීස්හි අගය එකතු කළ නිෂ්පාදන ධාරිතාව සිව් ගුණයකින් ඉහළ නැංවීමට හැකිවනු ඇත.

″මාංශ ආහාරවල රසය වගේම ඒවා සපයාගැනීම සහ සැකසීමේ වගකීම් සහගතබව යනාදිය ගැනත් නිව් ඇන්තනීස් සමූහය බෙහෙවින් සැළකිලිමත් වෙනවා. අපේ නිෂ්පාදන දැක්ම ව්‍යාපාර ලාභය මත පමණක් පදනම් වූවක් නොවේ. පාරිභෝගිකයින්ට විශ්වාසය තැබිය හැකි උසස් ප්‍රමිතියේ මාංශ ආහාර සැපයීම අපේ අරමුණයි. අපේ සෑම නිෂ්පාදනයක් තුළම නවෝත්පාදනය, තිරසරබව සහ විශ්වාසනීයත්වය අඩංගුයි″, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ වැඩිදුර සැකසුම් අංශයේ ව්‍යාපාර ප්‍රධානී කළමනාකාරිණී ප්‍රියංකා විනෝදිනී මහත්මිය ප්‍රකාශ කළාය.

මීට ඉහතදී ද නවෝත්පාදන සහ අගය එකතුකළ නිෂ්පාදන වෙනුවෙන් ක්‍රියාකර ඇති නිව් ඇන්තනීස් සමූහය විසින් ශ්‍රී ලංකාවේ පළමු වරට Crizzpys නමින් අධිශීතකළ ක්‍රිස්පි චිකන් නිෂ්පාදනයක් ද, Frenchys චිකන් ෆ්‍රයිස් නිෂ්පාදනයක් ද හඳුන්වාදෙන ලදී.

Chicken Havens යනු වෘත්තීය මට්ටමේ සූපවේදී කටයුතු මෙන්ම ගෘහස්ථ මට්ටමින් ද පරිභෝජනය කළ හැකි නිෂ්පාදන කාණ්ඩ අටකින් යුතු නිෂ්පාදන පෙළකි. ඊට චිකන් හැම්, චිකන් බේකන්, චිකන් ස්පයිසි රෝල්, චිකන් මීට්බෝල්ස්, චිකන් කෙබාබ්, චිකන් සාටේයි, චිකන් බර්ගර් පැටී මෙන්ම මැරිනේට් කළ රෝස්ට් චිකන් අයත් ය.

මෙම නිෂ්පාදන පෙළ හරහා දිගු කාලයක් තිස්සේ හෝටල්, අවන්හල් සහ කේටරින් සේවාවන්ට පැවැති අඩුපාඩුවක් පිරිමසනු ඇත. අවිධිමත් ලෙස කැපූ මස් කැබලි, මස් සපයාගැනීමේ ඇති අවිධිමත් බව, පිළියෙළ කිරීමට ගතවන කාලය මෙන්ම ආහාර සුරක්ෂිතතාවට අදාළ ගැටලු ද මෙම නිෂ්පාදන පෙළ හරහා මඟහරවාගැනීමේ අවස්ථාව උදාවේ.

මෙය වෘත්තීය සූපවේදීන් වෙනුවෙන්ම සකසන ලද නිෂ්පාදන පෙළක් වුව ද නුදුරේදීම එය සාමාන්‍ය පාරිභෝගිකයාට ද විවෘත වීමට නියමිත ය. එනම් උසස් මට්ටමේ අවන්හල් ප්‍රමිතියේ ආහාර සාමාන්‍ය නිවසක මුුළුතැන්ගෙයට පවා ගෙනඒමේ හැකියාව එය සතුය. නිශ්චිත ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත, සූපවේදී අනුමැතිය ලත් මස් පිළියෙළ කිරීමේදී යොදන කුළුබඩු අඩුම කුඩුම ආදියෙන් ද යුත්, පිළියෙළ කිරීමට පහසු සහ සෑමවිටම නිශ්චිත ප්‍රමාණවලින් ලබාගත හැකි මෙම නිෂ්පාදන මගින් ආහාරවල රසය ගුණය සෑමවිටම එකම අගයක් ගැනීම විශේෂත්වයකි. ″වර්තමානයේදී අවන්හල් රසය ගෙදර මුළුතැන්ගෙයින් ලබාගැනීමට පාරිභෝගිකයින් මහත් රුචියක් දක්වනවා. එහිදී සුරක්ෂිතතාව, විශ්වාසනීය ප්‍රෝටීන් අන්තර්ගතයක් වගේම පහසුව පිළිබඳවත් ඔවුන් සැළකිලිමත්″, යනුවෙන් ප්‍රියංකා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

වර්ෂ 1986දී ඇරඹුණු නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදකයා ලෙස නමක් දිනාගෙන සිටී. 100%ක්ම ප්‍රතිජීවක භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරන එහි නිෂ්පාදන ඊට ප්‍රධාන හේතුවක් වී ඇත. එමෙන්ම FSSC 22000 තත්ත්ව සහතිකය දිනාගත් මෙරට පළමු සමාගම වන්නේ ද නිව් ඇන්තනීස් ය. ඊට අමතරව GMP, HACCP, ISO 22000 සහතික සහ දෙස් විදෙස් හලාල් සහතික ද සමාගම සතු ය. සියයට සියයක් ස්වභාවිකව දිරාපත්වන අසුරන භාවිතයට ගත් (හරිතහරි චිකන් නිෂ්පාදන සඳහා) මෙරට පළමු මාංශ ආහාර නිෂ්පාදන සමාගම ද එයයි.

විසි හයවෙනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සැකසූ ආහාර අංශයේ හොඳම අපනයනකරු සම්මානය දිනාගැනීමට ද සමාගමට හැකිවිය. ඊට අමතරව මාලදිවයිනේ පැවැති 2025 Hotel Asia ප්‍රදර්ශනයේදී ද නිව් ඇන්තනීස් සමූහයට කර්මාන්ත වෘත්තිකයින්ගේ ප්‍රශංසා සහ ගෞරව බුහුමන් හිමිවිය.

දේශීය වෙළෙඳපොළ මෙන්ම අපනයන වෙළෙඳපොළ ප්‍රසාරණයත් සමඟ Chicken Havens නිෂ්පාදන පෙළ පුළුල් පාරිභෝගික ප්‍රජාවකගේ නිසැක සහ විශ්වාසනීය තෝරාගැනීමක් වනු ඇත.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව