නවලෝක රෝහල් සමූහය ICRA Lanka ණය වර්ගීකරණයෙහි BBB [SL] ශ්‍රේණිය හිමිකර ගනී

Image 1

 




 

2021 අගෝස්තු 3 : ශ‍්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහය මෑතකදී ආයෝඡුන ශ්‍රේණිගතකරණයට අයත් සමූහයේ ණය ශ්‍රේණිය [SL] BBB ස්ථාවර තත්වයක ඇති බව ICRA Lanka Limited විසින් නව දැක්මකින් යුතුව නැවතත් තහවුරු කරන ලදි.

ICRA ශ්‍රේණිගත කිරීම මගින් යළි තහවුරු කරන ලද නවලෝක රෝහල් සමූහය පසුගිය කාලය තුළ දී ශක්තිමත්, තිරසාර ව්‍යාපාරික ආකෘතියක් ක‍්‍රියාත්මක කිරීමෙන් ලබා ගත් කැපී පෙනෙන ප‍්‍රගතිය ඇගයීම සඳහා මෙන්ම උසස්, වටිනාකම් එකතු කළ වෛද්‍ය සේවාවන් තුළින් විවිධාකාර මෙහෙයුම් විශේෂතා ලබා දීමට හැකි වීමට ලද ඇගයීමක් ලෙසත් මෙය හදුන්වාදිය හැකිය. මෙම ණය ශ්‍රේණිගතකරණය තුළින් ශ‍්‍රී ලංකාවේ තරඟකාරී පෞද්ගලික සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමුඛථම රෝහල් සමූහය බවට  නවලෝක රෝහල් ජාලයේ ශක්තිමත් වෙළඳ නාමය සහ සුවිශේෂී මෙහෙයුම් වාර්තා ද ඇගයීමට ලක් වී ඇත.

“COVID -19 වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා පනවා තිබූ සීමා කිරීම් හේතුවෙන් පසුගිය වසර තුළදී අපට විශ්වාස කළ නොහැකි තරම් අභියෝගාත්මක ව්‍යාපාරික වාතාවරණයක් පැවතුනා.  මෙම වසංගත කාලපරිච්ෙඡ්දය තුළ ඇතිවූ නව තත්වයට අනුරූපව හැඩ ගැසෙමින් එම නව සාමාන්‍යකරණ තත්වය හමුවේ පැන නැගුණු නව පාරිභෝගික සුවසේවා අවශ්‍යතා ප‍්‍රශස්තව සපුරලීමට අපට හැකි වුණා. මෙහිදී දැඩි කැපවීමකින් කටයුතු කරන නවලෝක රෝහල් කාර්යමණ්ඩලය එම පාරිභෝගික සුවසේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම අපගේ සේවා ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වුණා. ලංකාවේ පළමු පෞද්ගලික රෝහල ලෙස අප වෙත එන සෑම තරාතිරමකම පුද්ගලයින්ටම සහයෝගය ලබා දීමට අපි සුදානමින් සිටින අතර අප වෙත පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ලෙසට පවත්වාගෙන යන රෝහල් සේවා සමූහය, දශක ගණනක නොමැකෙන කීර්ති නාමය සහ ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සුරක්ෂිත පරිසරයක් තුළ අඛණ්ඩව ලබා දීමට ඇති දැඩි කැපවීම මෙම ඇගයීමට හේතු වූ බව මගේ අදහසයි ” යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ උප සභාපති හර්ෂිත් ධර්මදාස මහතා පැවසීය.

1985 දී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පෞද්ගලික රෝහල ලෙස ආරම්භ කළ නවලෝක රෝහල් සමූහය වසර ගණනාවක් පුරා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රය තුළ ශක්තිමත් වෙළඳ නාමයක් ස්ථාපිත කර ඇත. දිවයින පුරා පිහිටි වෛද්‍ය රසායනාගාරයන් ජාලය තවදුරටත් ශක්තිමත් කරන ලද අතර කොළඹ සහ මීගමුව රෝහල් වල ඇඳන් ධාරිතාව 365 දක්වා වැඩි කරන ලදි. අද වන විට  Nawaloka Hospitals PLC ශ‍්‍රී ලංකාවේ විශාලතම රෝහල් සමූහය බවට පත්ව ඇත.

නවලෝක රෝහල් සමූහය සායනික සේවා සහ ප‍්‍රතිකාර තාක්ෂණය අතින් ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සේවාවක් පවත්වාගෙන යනු ලබන අතර ශ‍්‍රී ලංකාවේ  ඕනෑම ස්ථානයක සිටින රෝගියකුට පහසුවෙන් ළ`ගා වී ප‍්‍රතිකාර ලබා ගත හැකි තත්වයකට වැඩි දියුණු කර ඇත. එමෙන්ම මෙරට සිටින අති දක්ෂ විශේෂඥ වෛද ්‍යවරුන්ගේ උපදේශනය, විශිෂ්ට හෙද සේවාව නවලෝක රෝහල ශ‍්‍රී ලංකාවේ හොඳම පුද්ගලික රෝහල බවට පත් කර ඇත. 2021 දී නවලෝක සමූහ ව්‍යාපාරය විසින් සිය මීගමුව රෝහල සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම අරඹා ඇති අතර එමඟින් කලාපීය වශයෙන් සිය සේවාවන්ගේ ශක්තිමත්බව පවත්වාගෙන යෑමට ඔවුන්ට හැකි වනු ඇත. නවලෝක රෝහල් විශේෂඥ මධ්‍යස්ථානය විසින් ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක්, පශ්චාත් කොරෝනා සත්කාර මධ්‍යස්ථානයක්, වකුගඩු ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක්, ස්නායු රෝග ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ හෘද රෝග ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ද ඇතුළුව සුවිශේෂී හා විවිධාකාර ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 14 ක් ක‍්‍රියාත්මක කරයි.

 




 

 

2021 ජනවාරි මාසයේ සිට නවලෝක රෝහල් විසින් COVID -19 රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීම වෙනුවෙන් ඇඳන් 500 ක ධාරිතාවයක් ලබා දීමට තරු පන්තියේ හෝටල් කිහිපයක් සමඟ හවුල් වී කෝවිඞ් දැඩි සත්කාර ^ICU) පහසුකම් සහිත ජාත්‍යන්තර මට්ටමේ, අංගසම්පූර්ණ අතරමැදි සත්කාර මධ්‍යස්ථාන හතරක් ද පිහිටුවන ලදී. COVID -19 රෝගීන් සඳහා ඔවුන්ගේ හුදෙකලා පරිශ‍්‍රයක නේවාසිකව ප‍්‍රතිකාර ලබා දීම ද රෝහල මඟින් සිදු කෙරේ.  මීට අමතරව, නවලෝක හෙද විදුහල තුළින්, රෝහල් කටයුතු වලට සහය දැක්වීම සඳහා මෙන්ම මේ වන විට සෞඛ්‍ය සේවා අංශය අත්විඳින ශ‍්‍රම බලකා හිඟය පියවා ගැනීම සඳහා ඉතා උසස් හෙදියන් පුහුණු කිරීම හා සේවයේ පිහිටුවීම අඛණ්ඩව සිදු කරයි.

Nawaloka Hospitals නවලෝක රෝහල් 1985 දී රජයේ ප‍්‍රධාන සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට ඇතුළත් වූයේ තෘතීය සෞඛ්‍ය සේවා සැපයූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පෞද්ගලික රෝහල ලෙස ය.  එතැන් පටන්, වෛද්‍ය ජයන්ත ධර්මදාස මහතාගේ ¥රදර්ශී නායකත්වය යටතේ, රෝහල සැලකිය යුතු දේශීය හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇති අතර, රටේ සායනික දියුණුව සඳහා පුරෝගාමී විය. 2020 දී නවලෝක රෝහල් ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය ආරක්ෂණ ප‍්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් කීර්තිමත් Joint Commission International’s (JCI)  රන් මුද්‍රාව ලබා ගත්හ.

පැය 24 පුරාම විවෘත බාහිර රෝග නිවාරණ මධ්‍යස්ථානයක්, අති නවීනතම ETU පහසුකම්, ගුවන් වෛද්‍ය සේවාවන් ඇතුලුව ජංගම දැඩි සත්කාර ඒකක සහ නිවසේ සිටම සත්කාර සේවා සපයන නිවාස හෙද ඒකකයක් ද නවලෝක රෝහල් සතුව පවතී.  හොඳම උපදේශකවරුන් හා හෙදියන්ගෙන් සමන්විත උද්‍යෝගිමත් සහ වෘත්තීයමය පළපුරුද්දෙන් හෙබි සේවා කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන, නවතම තාක්ෂණයෙන් සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි සෞඛ්‍යාරක්ෂක විසඳුම් වලින් සමන්විත නවලෝක රෝහල් සමූහය සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ මූලික දැක්ම සඳහා මුළුමනින්ම කැපවී සිටී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව