දේශීය වාණිජ වනවගා ක්ෂේත්‍රයේ පූර්වගාමී සදාහරිත – එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අල්වීනා සුවඳ විලවුන් නිෂ්පාදන සමාගම සමග නිෂ්පාදන අරඹයි.

Image_03_ (LBN)

ශ්‍රී ලාංකීය වාණිජ වනවගා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ තවත් ශක්තිමත් පියවරක් ඉදිරියට තබමින් අගාවුඩ් ආශ්‍රිත නිෂ්පාදන ලෝක වෙළඳපළට එක්කිරීමේ තවත් පියවරක් අද අභිමානයෙන් යුතුව සමරනු ලැබීය. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිදැවැන්ත සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමේ සමාගමක් වන අල්වීනා සුවඳ විලවුන් සමාගම සමඟයි.

 




 

ලාංකීය වැවිලි ක්ෂේත්‍රයේ පරම්පරා ගණනාවක අත්දැකීම් එක්කොට ගනිමින් වසර ගණනාවක පර්යේෂණ සහ අත්හදා බැලීම් තුළින් ලබාගත් දැනුම් සම්භාරයත් එකතු කර ගනිමින් සදාහරිත සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති සතීස් නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2002 වසරේදී අගෝස්තු මස 14 වන දින ආරම්භ කල සදාහරිත වැවිලි සමාගම තේක්ක, මහෝගනී, සුදුහදුන් මෙන්ම රබුටන් වැනි ශාකයන් බොහෝ ප්‍රමණයක් වගාකොට අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රාජ්‍යයන්ගේද පවා මේ වන විට වගා කටයුතු සිදුකරමින් මෙරටට අවශ්‍ය විදේශ විනිමය ලගාකර ගැනීමට මහගු දායකත්වයක් ලබාදෙන්නේය. 2013 වසරේදී අගාවුඩ් ශාක රෝපණය ආරම්භ කර මේ වන විට ලක්ෂ 8 කට වඩා වැඩි ශාක සංචිතයකින් හෙබි සදාහරිත වැවිලි සමාගම ආයතනය ආරම්භ කරන ලද්දේ අක්කර 500ක භූමි භාගයකිනි. දිනෙන් දින සාර්ථකත්වය කරා යන ගමන් මගෙහි අද වන විට සදාහරිත ප්ලාන්ටේශන්ස් ආයතනයේ අගාවුඩ් ශාක පමණක් අක්කර 1360 වඩා වැඩි භූමි ප්‍රමාණයක් දක්වා විහිදෙමින් ශ්‍රී ලංකාව පමණක් නොව විදෙස් වෙළඳපල තුළ දිදුළන සන්නාමක් වී අවසන්.

2002 වසරේදී ආරම්භ කළ සදාහරිත ආයතනය 2020 මැයි මස 21 වන දින, අගාවුඩ් වගාවේ සිට ඒ ආශ්‍රිත නිමි නිෂ්පාදනය කිරීම දක්වා වන පූර්ණ සුපැහැදිලි ක්‍රියාවලියක් තුළින් අගාවුඩ් බීජයේ සිට සුවඳ විලවුන් නිෂ්පාදනය කරමින් අගාවුඩ් ආශ්‍රිත නිමි නිෂ්පාදනය කරමින් ලාංකික නිෂ්පාදනයක් ලෙස ‘Sìor Verde’ සන්නාමය ලෝක වෙළඳපළට එක් කරමින් ඒ හරහා මෙරට තුළට විදේශ විනිමය ළඟා කරදීමටත් එමඟින් මෙරට ආර්ථිකය නඟා සිටුවීමටත් මහඟු දායකත්වයක් ලබා දෙන්නේය.

අගාවුඩ් ආශ්‍රිත නිෂ්පාදන ‘Oud’ නිෂ්පාදන ලෙස හදුන්වනු ලබන අතර සුවඳ විලවුන්, තේ, oud oil, ඖෂධ, රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අතුරු නිමි භාණ්ඩ රැසක් මෙම වටිනා ශාකයේ මූලයේ සිට පත්‍රය දක්වා භාවිතා කරමින්, නිෂ්පාදනය ශ්‍රී ලංකාව තුළ නිත්‍යානුකූලව සිදු කරමින්, අගාවුඩ් ආශ්‍රිත නිෂ්පාදන ලෝක වෙළඳපළට එක්කිරීමේ හැකියාව ඇති නීතිමය අවසරය ලත් අපනයන බලපත්‍රය හිමි ආයතනයක් වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරය හැදින්විය හැකියි. Sadaharitha Oud භාවිතා කරමින් නිෂ්පාදන රැසක් මෙන්ම සුවඳ විලවුන් නිෂ්පාදන පෙලක්ම ‘Sìor Verde’  වූ අපගේ සන්නාමයක් යටතේ වෙළදපලට එක්කර ඇත.  Sadaharitha Oud සන්නාමය යටතේ අද වන විට ශ්‍රී ලංකාවෙ පමණක් නොව කටාර් රාජ්‍ය, මැලේසියාව, සිංගප්පූරුව ඇතුලු රටවල් කිහිපයකම ශඛා බොහොමයක් විවෘත කිරීම සදාහරිත ආයතනයේ සභාපති ගරු සතීස් නවරත්න මහතාගේ නායකත්වය හා යාවත්කාලීන දැනුම යටතේ මේ වන විට සිදු කෙරෙමින් පවතී. තවද දැනට පවතින වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ලබා දීමේ අරමුණින් Oud ආශ්‍රිත අතුරු නිෂ්පාදන රැසක් වෙළඳපළට දියත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත. එහි දෙවන වෙඩිමුරය අද දිනයේදී අතිඋත්කර්ශවත් අන්දමින් කොළඹ One Galle Face සාප්පූ සංකීර්ණයේ පිහිටි අපගේ Oud Galleria විකුණුම් හා ප්‍රර්දශනාගාරයේදී අද දිනයේදී සිදු කරනු ලැබීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුවඳ විලවුන් නිශ්පාදනයේ අතිදැවැන්ත සන්නාමයක් වන අල්වීනා සුවඳ විලවුන් නිෂ්පාදන ආයතනය අද දිනයේදී නිළ වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේය. අල්වීනා සමාඟමේ මෙහෙයුම් කටයුතු සදාහරිත සමූහ ව්‍යාපාරය සමඟ එක්සත් අරාභි එමිර් රාජ්‍යයේ දීපව්‍යාප්තව කිරීමට අද දිනයේදී සියලූම කටයුතු ආරම්භ කරනු ලැබුවේය. අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්ද මෙහිදී පැවැත්වුණි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව