
LG Electronics Singapore (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක වන LG Electronics විසින් ශ්‍රී ලංකාව තුල නවතම කාර්යාලයක් විවෘත කිරීමට කටයුතු කරන ලදී. වසර 40 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුල LG Electronics සහ Abans PLCඅතර ඇති සහයෝගීතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම උපාය මාර්ගික පියවර ගන්නා ලදී.
ශ්‍රී ලාංකික ජන ජීවිතය අති නවීන ස්මාට් නිෂ්පාදන සමගින් ඉහළ තලයකට ඔසවා තැබීම උදෙසා අවශ්‍ය කටයුතු වඩාත් වේගවත්ව පහසුවෙන් සිදු කිරීමේ හැකියාව මේ ඔස්සේ හිමි වේ.
LG Electronics ශ්‍රී ලංකා කාර්යාලයේ කළමණාකාර අධ්‍යක්‍ෂ Keith Chung විසින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව තුල LG සන්නාමය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත කරමින් Abans PLCසමග සහයෝගීතාවයේ නව නැම්මක් ඇති කර ගැනීමට මේ ඔස්සේ අපේක්‍ෂා කරන බවයි. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට එදිනෙදා ජන ජීවිතය පහසු කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ සියලුම නිෂ්පාදන තවදුරටත් පහසුවෙන්ම ලබා දීමේ හැකියාව මෙම නවතම කාර්යාලය විවෘත කිරීමත් සමග හිමි වනු ඇති බව ඔහු විසින් පවසා සිටියි.
LG ශාඛා කාර්යාලය ස්ථාපිත කිරීමත් සමග දශක ගණනාවක් පුරා පවත්වාගෙන ආ සම්බන්ධතාවය හොඳින් ශක්තිමත් කර ගනිමින් Abans Retail ජාලය සමග වඩාත් සමීපව සම්බන්ධ වෙමින් රටපුරා ලොව සුපතල LG නිෂ්පාදන තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අවස්ථාව සැලසෙනු ඇත.
LG Electronics Singapore (පුද්ගලික) සමාගම කොරියානු ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සමාගමක් වන LG Electronics Inc. සතු ගෝලීය වෙළඳපොළේ ඉහළින්ම සිටින සමාගමකි. LG Electronics Singapore විසින් රසවින්දනය උදෙසා වූ නිෂ්පාදන, ගෘහ විදුලි උපකරණ සහ නැවුම් වායු දහරා සපයා දෙන නිෂ්පාදන ඇතුලු කාණ්ඩ ගණනාවකට අයත් නිෂ්පාදන වෙළඳපොලට හඳුන්වාදෙයි. වැඩි විස්තර සඳහා www.lg.com/sg වෙත පිවිසෙන්න.
ඡායාරූපයේ වමේ සිට දකුණටඃ
අබාන්ස් සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ආචාර්ය චතුර ජයවර්ධන, KOTRA හි අධ්‍යක්‍ෂ ජෙනරාල් Joohong Son, අබාන්ස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්‍ෂිකා ටනාස් පෙස්ටොන්ජි, අබාන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී රුවන් ගුණසේකර, EPS Centre හි අධ්‍යක්‍ෂ ජෙනරාල් Hyewon Lee ශ්‍රී ලංකාවේ LG Electronics කාර්යාලයේ කළමණාකාර අධ්‍යක්‍ෂ Keith Chung, ආසියා පැසිෆික් කළාපයේ කළාපීය ප්‍රධාන විධායක නිලධාරී Jaesung Kim, සිංගප්පූරුවේ LG Electronics කළමණාකාර අධ්‍යක්‍ෂ Koonho Lee අබාන්ස් සමාගමේ අධ්‍යක්‍ෂික ආචාර්ය සරෝෂි ඩුබාෂ්, අබාන්ස් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බුද්ධික ධර්මවර්ධන, අබාන්ස් සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ මැතිව් රෝච් යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ පෙනී සිටියි.


