දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යවසායකත්වය නැංවීමට Hatch සහ HDFC බැංකුව එක් වෙයි

Hatch & HDFC Bank sign MOU, officiating partnership (2) (LBN)

 



 

 

මෙරට ආරම්භක ව්‍යවසායකත්වය වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා නිල බැංකු කරු ලෙස HDFC බැංකුව ,  Hatch සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීම පසුගිය දා සිදු විය. ශ්‍රී ලංකාව තුළ පවතින අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා යොමු වන ව්‍යවසායකයින්ට ණය මුදල් ලබා දීමට මෙමගින් අරමුණු කරයි.

මෙරට සමස්ත ව්‍යාපාරවලින් 90%ක්, රැකියාවලින් 45%ක් සහ  දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක් ආවරණය කරන  ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) ශ්‍රී ලාංකේය ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස හඳුන්වා දිය හැකි ය. එමෙන් ම මෙම  ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ග්‍රාමීය ජනතාවගේ  ප්‍රධාන රැකියා සහ ආදායම් උත්පාදන මූලාශ්‍රයක් ලෙස දේශීය ජනගහනයෙන්  බහුතරයක් සමඟ සම්බන්ධ වන අතර, එය ග්‍රාමීය  දරිද්‍රතාව පිටුදැකීම සඳහා ඉතා වැදගත් වේ. දේශීය ආර්ථික හා සාමාජීය වර්ධනය සහ සංවර්ධනය සහතික කිරීම සඳහා වන ප්‍රතිසාධන සැලසුම්වල දී  ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි පැවැත්මට සහ වර්ධනයට සහාය වීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු ය.

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව හෙවත් HDFC බැංකුව යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි විශේෂිත බැංකුවක් වන අතර එම ආයතනය කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ලැයිස්තු ගත කර ඇති අර්ධ රාජ්‍ය ආයතනයක් මෙන් ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා මහා භාණ්ඩාගාරය 51% ක කොටස් හිමිකාරීත්වය දරන ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි ය.  දිවයින පුරා පිහිටා ඇති ශාඛා 39 කින් සමන්විත HDFC බැංකුව  තිරසාර නිවාස සහ ජීවන තත්ත්වයන් සහතික කිරීම සඳහා අඩු හා මධ්‍ය ආදායම්ලාභීන් සඳහා සේවා සළසන ප්‍රමුඛතම මූල්‍ය හවුල්කරු වේ.  නිවාස අවශ්‍යතා සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම  HDFC බැංකුවේ ප්‍රධානතම අරමුණ වන අතර, එම බැංකුව වර්තමානය වන විට සිය මූලික අරමුණුවලින්  ඔබ්බට ගොස් ගෘහ අවශ්‍යතා, අධ්‍යාපන හා සංවර්ධන මූල්‍ය පහසුකම්, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූල්‍ය පහසුකම්, ලීසිං සහ රන් ණය ආදී මූල්‍ය පහසුකම් රැසක් ලබා දෙයි.

Hatch විසින් 2018 වසරේ අග භාගයේ  සිට Incubator සහ Accelerator වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරමින් මෙරට දේශීය ව්‍යවසායකත්වය බලගැන්වීමට කටයුතු කරමින් සිටින අතර,  2023 වසරේ දී  තවත් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු  කර ඇත.  ව්‍යවසායකයින් ආර්ථික සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වන බවත්, සහයෝගීතාව සැම විට ම නව්‍යකරණයන් නිර්මාණය කරන බවත්, පසුබිම කුමක් වුවත් ලෝකය වෙත  අර්ථවත් බලපෑමක් ඇති කිරීමට සෑම කෙනෙකුට ම අවස්ථාව ලබා දිය යුතු බවත්, Hatch විශ්වාස කරයි. ආරම්භක ව්‍යාපාර 28 කට සහයෝගය ලබා දෙමින් ඇරඹුණු Hatch ආරම්භ වී වසර 4ක් තුළ ආරම්භක ව්‍යාපාර 500 කට අධික සංඛ්‍යාවකට සහාය ලබා දීමට කටයුතු කර ඇත. මේ අතරින් 37% ක  පුර්ව ලියාපදිංචිය තක්සේරු කර ආරම්භක වැඩපිළිවෙළ වේගවත් කර ඇති අතර, එම ව්‍යාපාර අතරින්  33% ක් කාන්තාවන් විසින් මෙහෙයවන හෝ කාන්තාවන් ඉලක්ක කරගත් ව්‍යාපාර වීම විශේෂිත ය.

උපදේශනය, ව්‍යාපාර සංවර්ධනය සහ ආයෝජකයින් සම්බන්ධීකරණය හරහා  කාන්තා ව්‍යවසායකයින් මුහුණ දෙන බාධකවලට විසඳුම් ලබා දීමට කැප වන  Hatch,  2020 වසරේ දී Kickass වැඩසටහනෙන් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර, 2021 සැප්තැම්බර් මාසයේ දී සිය ප්‍රමුඛතම වැඩසටහනක් වන AccelerateHer වැඩසටහන දියත් කිරීම ආරම්භ කළේ ය.  AccelerateHer වැඩසටහන හරහා Hatch කණ්ඩායම ක්ෂේත්‍රයේ  විශේෂඥයින් සමඟ කොළඹ සිට  ගාල්ල, මහනුවර, මඩකලපුව සහ යාපනය දක්වා ව්‍යාපාරික සහ ව්‍යවසායකත්ව ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දැනුම ලබා දෙමින් දින 3 ක කඳවුරු පවත්වාගෙන ගිය අතර, Hatch ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින් බලගැන්වීම  අරමුණු කරගත්  වැඩසටහන් මගින් රට පුරා කාන්තා ව්‍යවසායකයින් 50 කට අධික සංඛ්‍යාවක් බිහි කිරීමට ණය ඇතුළු මූල්‍ය පහසුකම් ලබා දී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව