දුමිඳු අබේවික්‍රම ලතින් අමෙරිකානු බැඩ්මින්ටන් පිටියේ දෙවැනි රන් පදක්කම හඹා යයි

IMG-20251012-WA0008

සැප්තැම්බර් මාසයේ මුල් භාගයේ සිට ජාත්‍යන්තර තරග බිමේ ලැබු සාර්ථකත්වයත් සමඟ ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් ක්‍රීඩක දුමිඳු අබේවික්‍රම සිය පස්වැනි ජාත්‍යන්තර පදක්කම දිනා ගැනීමේ අපේක්ෂාවෙන් 14 වැනි Santo Domingo විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය ලැබූ මෙම තරගාවලිය ඩොමිනිකන් රාජ්‍යයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ පැවැත්වෙන අතර, මාස දෙකක් ඇතුළත සිය දෙවැනි ජාත්‍යන්තර රන් පදක්කම බලාපොරොත්තුවන් දුමිඳු අබේවික්‍රම මෙම මස 15 වැනිදා සිය පළමු තරගයට සහභාගි වනු ඇත.

ශ්‍රී ලංකාවේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග බිමේ නැඟී එන ක්‍රීඩකයකු ලෙස සිය ගමන් මඟ විවර කරගත් දුමිඳු අබේවික්‍රම වර්තමානයේ ලෝක බැඩ්මින්ටන් පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල 115 වැනි ස්ථානයේ පසු වෙයි.  මේ වනවිට ලතින් අමෙරිකාවේ බැඩ්මින්ටන් තරග බිමේදි රන් පදක්කමක්, රිදි පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වී සිටින ඔහුගේ මෙම දස්කම් ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට යෑමට ද ඉවහල් වී තිබේ.
 



 

පසුගිය සැප්තැම්බර් මස අගභාගයේදී ග්වාතමාලා රාජ්‍යයේ පැවැති ග්වාතමාලා ජාත්‍යන්තර අභියෝගතා ශූරතාවලියේදී අඛණ්ඩව තරග 5ක් ජයගනිමින් පිරිමි ඒකල රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත්වූයේ ලෝක බැඩ්මින්ටන් පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල 106 වැනි ස්ථානයේ පසුවන අමෙරිකාවේ මාක් ශෙලී පරාජය කරමිනි. එය ඔහු ලතින් අමෙරිකානු කලාප සංචාරයේදී රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමෙන් පසුව අත්කර ගත් පළමු රන් පදක්කම ද විය.

සැප්තැම්බර් මස මුල් භාගයේදී ග්වාතමාලා රාජ්‍යයේහිදිම ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ලතින් අමෙරිකානු කලාපයේ සිය දස්කම් උරගා බැලු දුමිඳු අබේවික්‍රම අනතුරුව කොලොම්බියාවේදී සහ  කොස්ටා රිකා රාජ්‍යයේදී පිරිමි ඒකල අවසන් මහා තරග දෙකකට පිවිසීමට ද සමත් විය.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවකු වන දුමිඳු වර්තමානයේ අමෙරිකාවේ සියැටල් නගරයේදී ප්‍රකට බැඩ්මින්ටන් පුහුණුකරුවකු වන රෝහිත් ගව්ඩා යටතේ පුහුණුව ලබමින් සිටින අතර, ලතින් අමෙරිකානු තරගවලදී දුමිඳුට මඟ පෙන්වනු ලැබුවේ ඔහු විසිනි. ශ්‍රී ලංකාවේ ඒකල ශ්‍රේණිගත කිරිම්වල දෙවැනි ස්ථානය අත්කර ගැනීමට සහ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යෑමට එම පුහුණුව ඔහුට ඉවහල් වී තිබේ.. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන යටතේ දුමිඳුගේ මෙම තරග කාලසටහන සම්බන්ධිකරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු යුක්ති පෙරේරා මහතා විසිනි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව