දිලිප් ෆොන්සේකා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති අන්තර්ජාතික සම්මාන උළෙලේදී සිය නවතම කෘතිය එළිදක්වයි

Ceylon Pharma (LBN)

Ceylon Pharma College කළමනාකරණ අධ්‍යක්ෂ සහ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කළ වෘත්තිකයෙකු වන දිලිප් ෆොන්සේකා විසින් රචිත ‘Rising Above Challenges for Success’ කෘතිය ඉන්දියාවේ නව දිල්ලියේ මයුර් විහාර්හි පැවැති අන්තර්ජාතික සම්මාන උළෙලේදී එළි දක්වන ලදී. ඊට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ සහ අධ්‍යාපනඥයෝ රැසක් සහභාගී වූහ. සාර්ථකත්වය කරා පැමිණි ගමනේදී ඔහු මුහුණ දුන් අභියෝග ජය ගනිමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් එම කෘතිය රචනා කර ඇත. අධ්‍යාපනඥයන්ට, සිසුන්ට, වෘත්තිකයන්ට, ඖෂධවේද ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට නව්‍යකරණය, කැපවීම තුළින් වෘත්තීය සහ පෞද්ගලික වර්ධනය ළඟා කර ගැනීමට එම කෘතිය ඉවහල් වනු ඇත.

වසර ගණනාවක් රජයේ ඖෂධවේදියෙකු ලෙස සේවය කළ ෆොන්සේකා පසුව ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියමුවෙකු බවට පත් විය. ඔහු 2020දී ඇරැඹූ Ceylon Pharma College වර්තමානයේදී ප්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතනයක් බවට පත් වී තිබේ. ඔහු 3,000කට අධික වෘත්තිකයන් පිරිසකට දැනුම සපයා ඇති අතර වර්තමානයේදී Ceylon Pharma Collegeහි ඉගැනීම අවසන් කර ඇති සිසු කණ්ඩායම් සංඛ්‍යාව 23කි. එය ශ්‍රී ලංකාවේ ඖෂධවේදය පිළිබඳ විශිෂ්ටම අධ්‍යාපන ආයතනය ලෙස Asia Miracle හා Pinnacle සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර විය. ෆොන්සේකා ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් Asia’s Icon සම්මාන උළෙලේදී ‘ඖෂධවේද අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවකාරී චින්තකයා’, Asia Awards සම්මාන උළෙලේදී ‘Asia Best Innovative Thinker’, Asian Achievers Award සම්මාන උළෙලේදී ‘Excellence in Pharama Education’ යන සම්මානවලින් පිදුම් ලැබීය. Ceylon Pharma College සිසුන්ට නව්‍ය සහ නම්‍යශීලී අධ්‍යාපන වැඩසටහන් පිරිනමන අතර Certificate Course in Pharmacy Practice සහ Advanced Course in Pharmacy Practice ඇතුළු පාඨමාලා හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන් තුළින් ඖෂධවේදය පිළිබඳ විභාග සඳහා සිසුන්ට මූලික දැනුම සැපැයීමත්, දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ රැකියාවලට යොමු වන වෘත්තිකයන්ට ඖෂධ පිළිබඳ දැනුම සැපැයීමත් සිදු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව