දශකයක් පුරා රෙදිපිළි නවෝත්පාදනය සහ රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කළ Intex Sri Lanka 2025 කොළඹ BMICH හීදී අද ඇරැඹේ

Pic 2

දකුණු ආසියාවේ රෙදිපිලි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ වැදගත් සංධිස්ථානයක් සටහන් කළ Intex Sri Lanka 2025 ප්‍රදර්ශනයේ 10 වැනි අදියර අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නිල වශයෙන් ආරම්භ වේ.  ඇඟලුම් කේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයට සහ සම්බන්ධතා ගොඩ නැගීමට දශකයක් පුරා ලද විශිෂ්ඨ දායකත්වය සමරමින් මෙවර ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ පෙර නොවූ විරූ අයුරින් අනාගතය කරා යන ගෝලීය වශයෙන් පුළුල් වූ අතිවිශාල ප්‍රදර්ශනයක් ලෙසිනි.
 



 

Intex Sri Lanka ප්‍රදර්ශනයේ වසර 10  සමරනු ලබන මෙම සංධිස්ථානය ප්‍රදර්ශනයේ ප්‍රගතිය පෙන්නුම් කිරීමක් පමණක් නොව එය ගෝලීය රෙදිපිලි මූලාශ්‍ර ක්ෂේත්‍රය තුළ දකුණු ආසියාවේ වර්ධනය  විදහා දක්වන අවස්ථාවක් ද වන බව මෙම ප්‍රදර්ශනයේ සංවිධායකවරුන් වන Worldex India සමාගමේ විධායක අධ්‍යක්ෂිකා ආර්ති භගාත් මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම ප්‍රදර්ශනයේ උත්කර්ෂවත් සමාරම්භක උත්සවය වර්ණවත් කිරිම සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති සයිෆ් ජෙෆර්ජි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්මික නිෂ්පාදන අධ්‍යක්ෂිකා මනෝජා දිසානායක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (ආර්ථික සහ වාණිජ) සෞරබ් සභාලොක්, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියා මහකොමසාරිස් ඩේවි ගස්ටිනා ටොබිංග්, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොං ලී මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් වෙති.

තිරසරභාවය, ආචාර් ධර්ම සහ නවෝත්පාදනයේ වටිනාකම ශක්තිමත් කරමින් Eurofins තිරසර හවුල්කරු ලෙසත්,  Kasturi Cotton, Superdry සහ Oritain සන්නාම හවුල්කරුවන් ලෙසත් මෙම ප්‍රදර්ශනය වර්ණවත් කිරීමට එක්වී සිටිති.

වැඩිදුර තොරතුරු සඳහා  https://sl.intexsouthasia.com/ වෙබ් අඩවියට පිවිසෙන්න

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව