තිරසර බව සමඟ Cinnamon Hotels & Resorts පුරෝගාමී මෙහෙවරක

Image 1 - Winner Award for (LBN)

එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් නව නිපැයුම් වැඩි වශයෙන් දායක වන මෙවන් යුගයක, ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී, අඛණ්ඩව දෙවන වරටත් Cinnamon Hotels & Resorts තිරසර වාර්තාකරණය සඳහා වූ සම්මානය දිනා ගන්නා ලදී. මෙය අපගේ ආගන්තුක සත්කාරයෙහි  තිරසර බව සම්බන්ධයෙන් අපේ සුවිශේෂී බව නැවත වරක් තහවුරු කිරීමකි. එමෙන්ම, එය අපේ සාර්ථකත්වය වෙනුවෙන් ලැබුණු වටිනා ඇගයීමක් මෙන්ම වඩාත් තිරසර අනාගතයක් වෙනුවෙන් අපේ කැපවීමට දිය හැකි සාක්ෂියක් ද වේ.

 



 

2022/23 මුදල් වර්ෂය සඳහා අපගේ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) වාර්තාව දත්ත සමූහයක් පමණක් නොවේ, එය තිරසාරත්වය කරා යන අපගේ ගමන පිළිබඳ පැහැදිලි සටහනකි. එපමණක් නොව, පරිසරය සුරැකීම සම්බන්ධයෙන් අපේ දායකත්වය, වෙනස් හැකියාවන් ඇති පුද්ගලයින්ගේ දායකත්වය සහ ආයතනයේ සෑම මට්ටමකම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම සඳහා අප ගත් උත්සාහයන් ද ඒ තුළ ඇතුළත් වේ.

අපගේ වාර්තාවේ ප්‍රධාන ලක්ෂණය වන්නේ විනිවිදභාවයයි. නිවැරදි වාර්තාකරණ ක‍්‍රම යොදා ගනිමින් සහ බාහිර පිරිස්වල තහවුරු කිරීම් හරහා ද, අපගේ තොරතුරු නිවැරදි සහ විශ්වසනීයත්වයෙන් යුතු බවට සහතික කර ඇති අතර, මෙම තොරතුරු සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව ද සලසා දී ඇත. විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණයක් සඳහා අප ගත් උත්සාහය, ජනතාව තුළ විශ්වාසය ඇති කිරීමටත්, ඒ පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කිරීමටත්, විවිධ පිරිස් සමඟ අපගේ සබඳතා ඇති කරගැනීමටත්  හේතුවක් ලෙස අපි දකින්නෙමු.

තිරසර බව වෙනුවෙන් අපගේ කැපවීම අපගේ ආයතන රටාවේ කැපී පෙනෙන අංගයක් ලෙස ද සැලකිය හැකිය. ආයතනයේ තීරණ ගැනීම ඇතුළු සියලු කරුණු කාරණා හැඩගැසී ඇත්තේ මෙකී තිරසර බව පදනම් කර ගනිමිනි. අපගේ ප්‍රධාන ව්‍යාපාරික උපාය මාර්ගය ලෙස තිරසර හඳුනා ගැනීම, වගකීමක් ඇති ආයතනයක් ලෙස අපගේ මෙහෙවර මනාව පෙන්නුම් කරනවා පමණක් නොව, අමුත්තන්, සේවකයින්ගේ සිට සැපයුම්කරුවන් සහ පොදු ජනතාව දක්වා අපගේ සියලූම හවුල්කාර පිරිස් සමඟ වටිනාකම් නිර්මාණය කිරීමට ද එය අපට අවස්ථාව ලබා දෙයි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) අනුව සැලසුම් කර ඇති අපගේ ESG වාර්තාකරණ රාමුව, සමාජයේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අපගේ අරමුණ ද පෙන්නුම් කරන්නක් වන අතර එය Global Reporting Initiative (GRI) මඟින් සකසා ඇති ගෝලීය වාර්තාකරණ ප්‍රමිතීන්ට ද අනුකූල වන්නකි.

තිරසාරත්වය කරා අප යන ගමනේ මාර්ග සිතියම සේ සැලකිය හැකි අපගේ ESG වාර්තාව, ජනතාව වෙනුවෙන් අප ක්‍රියාක්මක කරනු ලබන සෙසු වැඩසටහන්වලින් ඔබ්බට විහිදෙන්නක් ද වේ. එමෙන්ම පාරිභෝගිකයන් තම වුවමනාවන් ගැන වැඩි වශයෙන් දැනුවත්ව සිටින, වේගයෙන් වෙනස් වන ලෝකයක විවිධාකාර පාර්ශව සමඟ හවුල්කාර වැඩසටහන් රැසක් සමඟ සමාජයට කල්පවතින ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අපි උත්සාහ දරමින් සිටින්නෙමු. මෙකී සෑම අංගයක් හරහාම පරිසර හානිය අවම කිරීමටත්, විවිධත්වය තුළින් වඩා තිරසර අනාගතයක් නිර්මාණය කිරීමටත් අපි නිරතුරුවම ඇපකැප වන්නෙමු.

2022 සහ 2023 ACCA තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී අප ලැබූ ද්විත්ව ඇගයුම අතීතයට පමණක් අයිති වූවක් නොවේ. එය අනාගතය උදෙසා අපගේ දැක්ම පෙන්නුම් කරන මනා සාක්ෂියක් ද වේ. තිරසර අනාගතයක් කරා අප යන ගමන තුළ, ESG වාර්තාකරණය සම්බන්ධයෙන් නව නිර්ණායක සකස් කිරීමටත් සමස්ත ලෝකයේ සහ ජනතාවගේ යහපැවැත්මට දායක වීමටත් අපි නිබඳවම ඇපකැපවී සිටින්නෙමු.

අපගේ තිරසර වාර්තාව පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න

https://cinnamonweb.blob.core.windows.net/cinnamonweb-prd/brochures/Cinnamon-Hotels&Resorts-Sustainability-Report-2022.2023.pdf.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව