ත්‍රී රෝද රථ සංගමයේ සහාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා හෙළා දකී

TFHASL

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 41 ක එකතුවකින් සැදුම්ලත් ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) පසුගියදා සිදු වුණු, ශ්‍රී ලංකා ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති, සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය තරයේ හෙළා දකියි.

සුනිල් ජයවර්ධන මහතාගේ මෙම ඝාතනය වංචනික මුල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන සදාචාර විරෝධී ක්‍රියාවන්ට උදාහරණයක් වන අතර, සිද්ධියට සම්බන්ධ, නිති විරෝධී මූල්‍ය ආයතනයක් වන Chanmil Investment (Pvt) Ltd, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතනයකි. එමෙන්ම, එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගම් 41 සමග කිසිදු සම්බන්ධතාවක් නොපවත්වන අතර, ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) වෙත කිසිදු අයුරකින් හෝ අනුයුක්ත කර නොමැත.

එනිසා, මෙම වංචනික මූල්‍ය ආයතනය විසින් සිදු කරන ලද ක්‍රියාව හා ඒ හේතුවෙන් ඇති වූ ඛේදනීය තත්ත්වය, ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා විසින් තරයේ හෙළා දකිනු ලබයි.

ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා යනු, රට තුළ මූල්‍ය තැන්පතු සහ ණය දෙන සමාගම් කිසිදු නියාමනයකින් තොරව ක්‍රියාත්මක වීමේදී මතු වුණු ගැටලු විසඳීමේ අරමුණින් පිහිටුවා ගැනුණු, ශ්‍රි ලංකාව පුරා ව්‍යාප්ත ලියාපදිංචි මුල්‍ය සමාගම් 41 කින් සමන්විත, ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන නමක් දිනා ගත් සංගමයකි. ‘මූල්‍ය ආයතන’ යැයි කියා ගත් බොහෝ වංචනික ආයතන විසින් අනුගමනය කරන ලද සදාචාර විරෝධී ක්‍රියාවන් නැවැත්වීමට එමගින් හඬක් නැගිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2020 අංක 04 හා 05 දරන චක්‍රලේඛයට අනුව, COVID-19 වසංගතය සහ ගෝලීය අර්බුදය සමග ඇති වූ මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් සාමාන්‍ය ජනතාව මුහුණ පා සිටින ණය බර හමුවේ සහන සලසමින්, ණය පමා සහන කාලයක් ක්‍රියාත්මක කරන ලෙස මූල්‍ය සමාගම් වෙත උපදෙස් දෙනු ලැබිණි. ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා හා අනුබද්ධ ලියාපදිංචි මූල්‍ය සමාගම් 41 ම, රජය විසින් නියම කර ඇති මෙම ණය පමා සහන කාලය ක්‍රියාත්මක කරන බව එම සංගමය තවදුරටත් පැහැදිලි කරයි.

එමෙන්ම, රජය විසින් මෙලෙස ණය පමා සහන කාල සීමාවක් පනවද්දී, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් දිවයින පුරා 500,000 කට ආසන්න ගැනුම්කරුවන් පිරිසකට එම සහනය පිරි නමා තිබේ. එවැනි තත්ත්වයක් යටතේ, වටිනා මිනිස් ජීවිත අහිමි වීමට මග පාදමින්, කිසිදු නියාමනයකින් තොර, බලපත්‍ර නොමැති මුල්‍ය ආයතන විසින් ගෙන යන මෙවැනි විනාශකාරී ක්‍රියා තම සංගමය විසින් හෙළා දකින බව ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා තරයේ අවධාරණය කර සිටී.

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව