ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් ක්‍රීඩාවට ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයෙන් අනුග්‍රාහකත්වය

THREE SINHA (LBN)

 



 

 

පාසල් රගර් ක්‍රීඩාවේ ඉදිරි පෙළ ප්‍රමුඛයෙකු වන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය විසින් පසුගියදා කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවේ රෝලර් ඩෝ නිෂ්පාදනයේ පුරෝගාමියා වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය මීට පෙරද කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායම සදහා විවිධාකාරයේ අනුග්‍රාහකත්ව පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ පාසල් රගර් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඩී. එස්. සේනානායක විද්‍යාලය දක්වන දායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සෑම අවස්ථාවකම සහයෝගය දක්වයි.

ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා 1987 වර්ෂයේදී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර ඔහුගේ සහෝදරයන් වන තුෂාර චන්දන කුමාර සහ මහේෂ් කුමාරද ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකත්වය 1989 සහ 1994 යන වසරවලදී දරා ඇත. මංජුල ආරියකුමාර මහතාගේ පුත්‍රයා වන ඩෙවින් ආරියකුමාරද 2012 වර්ෂයේදී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකත්වය දරමින් සිය පරපුර සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් ක්‍රීඩාව අතර ඇති සබඳතාව තව දුරටත් වර්ධනය කර ඇත. “ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සෑම විටම සිය ආයතනික සමාජ මෙහෙවර මැනවින් අවබෝධ කර ගනිමින් සමාජ ප්‍රගමනයට සිය උපරිම දායකත්වය සපයනවා. සමාජයට ගුණ ගරුක, ඉවසිලිවන්ත, නොසැලෙන, ශක්තිමත් නායකයන් බිහි කිරීමට ක්‍රීඩාවෙන් ලැබෙන්නේ සුවිශාල දායකත්වයක්. පෞරුෂයෙන් පරිපූර්ණ නායකයන් බිහි කිරීමට රගර් ක්‍රීඩාවේ දායකත්වය සුවිශාල බවට ශ්‍රී ලංකාවේ ආයතන රැසක හිමිකරුවන් සහ ඉහළ කළමනාකාරිත්වයේ පිරිස් පාසල් කාලයේදී රගර් ක්‍රීඩාවේ නිරත වී සිටීම ප්‍රබල සාක්ෂියක්. ශ්‍රී ලංකාවේ පාසල් රගර් ක්‍රීඩාවේ ප්‍රමුඛයෙකු ලෙස ඩී. එස්. සේනානායක විද්‍යාලය සියලු දෙනා විසින්ම හදුනා ගනු ලැබ තිබෙනවා. ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට ආයතනයක් ලෙස අපගේ උපරිම දායකත්වය නිරන්තරයෙන් සපයනවා.” ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා විසින් පවසන ලදී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව