ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී ‘Are you ready? 2019’ මැයින් වන විශ්ව විද්‍යාලීය වාර්ෂික වෘත්තීය ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එහි මූලික සාරධර්මවලට අනුගත වෙමින්, ආයතනික ලෝකය තුළ සාර්ථකව සේවයේ යෙදීමට අත්‍යවශ්‍ය වන රැකියා නියුක්තිය පිළිබඳ කුසලතා ඇති රටේ තරුණ තරුණියන් පෝෂණය කිරීමේ අරමුණින්, ජෝන් කීල්ස් සමූහය විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් නියෝජනය කරමින් මෙම අවබෝධතා ගිවිසුමට සමූහ මානව සම්පත්, තිරසාරකත්ව, ව්‍යවසාය අවදානම් කළමනාකරණය සහ සමූහ වැඩසටහන් ප්‍රධානී ඉසුරු ගුණසේකර මහතා අත්සන් තැබූ අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ රොටරැක්ට් සමාජයේ සභාපති ධනුක පෙරේරා මහතා විශ්ව විද්‍යාලය වෙනුවෙන් එයට අත්සන් තැබී ය .මෙම අවස්ථාවට මොරටුව විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ ඒකකයේ ප්‍රධානී ආචාර්ය සතිෂ් නාමසිවයම් මහතා සහභාගී විය.
‘Are you ready? 2019’ ඔක්තෝබර් මාසය තුළ සිසුන් 2,000 කට වැඩි පිරිසකට ප්රතිලාභ ලබාදුන්වැඩසටහන්මාලාවකින් සමන්විත විය.
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් විසින් බල ගැන්වූ ඔක්තෝම්බර් 10 වන දින පවත්වන ලද පුනරාරම්භ මධ්‍යස්ථානයට මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් 450කට වැඩි සංඛ්‍යාවක් සහභාගිවූ අතර, ජෝන් කීල්ස් සමූහයේ Octave හි ප්‍රධානී යොලාන් සීමොන් මහතා විසින් එදිනම මෙහෙයවන ලද අන්තර්ජාල සම්මන්ත්රණයමඟින් සිසුන් 990 කට වැඩි පිරිසකට ප්රතිලාභ සැලසීය.
ඔක්තෝබර් 25 වන දින පැවති Flagship Day වැඩසටහනටපෙරාතුව පැවති වැඩසටහන්මාලාව වෙනුවෙන් ජෝන් කීල්ස් ප්‍රොපටීස් අංශ ප්‍රධානී, නයන මාවිල්මඩ, සිනමන් රෙසෝර්ට්ස් අංශ ප්‍රධානී හිෂාන් සිංහවන්සසහ ජෝන් කීල්ස් Xහි ප්‍රධානී විශාන්ත් විජේසිංහ යන මහත්වරුන් සහභාගී වූහ. මේ අතරFlagship Day දිනය පුරාම ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි විවිධ ව්‍යාපාරික ඒකකවලට සම්බන්ධ මානව සම්පත් වෘත්තිකයන් සමඟ සම්බන්ධ වීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන ලදී.
මොරටුව විශ්ව විද්‍යාලයේ රොටරැක්ට් සමාජය විසින් වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සමඟ එක්ව විශ්ව විද්‍යාලයේ නිල වෘත්තීය සතිය සනිටුහන් කරමින් ‘Are you Ready? සංවිධානය කරනු ලබයි.1998 දී හඳුන්වා දුන් “Are you Ready?” මෙම වසරේ 24 වන වැඩසටහන සනිටුහන් කළේ විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින් ආයතනික ලෝකය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන වේදිකාව ලෙස එහි ප්‍රබල පැවැත්ම තහවුරු කරමිනි.
මෙම උත්සවයේ කොටසක් ලෙස, විශ්ව විද්‍යාලයේ අවසාන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට අනුකරණ සම්මුඛ සාකච්ඡා සඳහා අනාගත සේවා යෝජකයින් හමුවීමට අවස්ථාව ලබා දෙන අතර, ඔවුන් නුදුරු අනාගතයේ දී ඇතුළු වන රැකියා වෙළඳපොළට ගැලපෙන පරිදි ඔවුන්ගේ කුසලතා සකසාගත යුතු අවස්ථා පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගනී.
අපගේ ව්‍යාපාර ක්‍රියාත්මක වන ප්‍රජාවන් සහ පරිසරය ද ඇතුළුව අපගේ සියලු පාර්ශවකරුවන් සඳහා වන අපගේ කැපවීම ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමූහය විශ්වාස කරන අතර, අධ්‍යාපනය යනු බුද්ධිමත් හා ශිෂ්ඨසම්පන්න සමාජයක මුල්ගල බව විශ්වාස කරයි.ශ්‍රී ලංකාවේ අනාගතය රටේ මානව ප්රාග්ධනයේ ගුණාත්මකභාවය මත රඳා පවතින බව ජෝන් කීල්ස් සමූහය තවදුරටත් හඳුනාගෙන ඇති බැවින් අපගේ අධ්‍යාපන ආශ්රිත වැඩසටහන්වල අරමුණ වන්නේ ශ්‍රී ලාංකිකයින් වඩාත් ඵලදායී හා සේවාවක නියුක්ත කළ හැක්කන් බවට පත් කිරීම සඳහා ඔවුන්ගේ ජීවන සහ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමයි.
ශ්‍රී ලාංකික සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් විවිධ කර්මාන්ත අංශ 7 ක සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර, වර්තමානයේ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධන සම්පාදනයට හිමිකම් ලබයි.ජෝන් කීල්ස් පුද්ගලයින් 13,000 කට වැඩි පිරිසකට රැකියා සපයන අතර, වසර 14 ක් පුරා ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය ආයතනය’ ලෙස ශ්‍රේණිගත කර ඇත.
ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සාමාජිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.