ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්, HNB සමඟ එක්ව ‘Freedom Mortgage’ නැවත හඳුන්වා දෙයි

1 (LBN)

 



 

 

ජූලි 2023, කොළඹ, ශ්‍රී ලංකාව – නාගරික ජීවන අත්දැකීම්හි විප්ලවීය වෙනසක් ඇති කරමින්, ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් විසින් TRI-ZEN මහල් නිවාස සංකීර්ණය සඳහා ‘Freedom Mortgage’ නැවත හඳුන්වා දෙන ලදී. මූලිකව 20% ක් ගෙවා ඉදිරි මාස 6 සඳහා කිසිදු ගෙවීමකින් තොරව හිමිකාරිත්වය ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින්ට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇත. මේ හරහා නිවාස ගැණුම්කරුවන්ට ආකර්ෂණීය මූල්‍ය නම්‍යශීලීත්වයක් භුක්ති විඳීමට සුවිශේෂී අවස්ථාවක් හිමි වනු ඇත.

‘Freedom Mortgage’ සැලසුම් කර ඇත්තේ දේපළ හිමිකම හා සම්බන්ධව නිරන්තරයෙන් මතු වන මූල්‍ය අභියෝග අවම කිරීම සඳහා වන අතර, දේපළ ණය ගෙවීම් කිරීමට සිදුවීම හේතුවෙන් අනාගත ගැණුම්කරුවන් තුළ ඇති වන ක්ෂණික පීඩනය මගහරවමින් මහල් නිවාසයක් හිමිකර ගැනීමේ අවස්ථාව මේ හරහා ඔවුන්ට උදා වනු ඇත. මෙම නව්‍ය මූල්‍ය පහසුකම හරහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්හි නේවාසික නිශ්චල දේපළ සඳහා නව අර්ථකථනයක් සැපයෙන අතර සිය වටිනා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන්ට ප්‍රමුඛත්වය දීමට ඔවුන් තුළ ඇති කැපවීමද පිළිබිඹු කෙරේ.

මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි විකුණුම් සහ අලෙවි, දේපළ අංශයේ ප්‍රධානී සහ උප සභාපති – නදීම් ෂම්ස් මහතා ප්‍රකාශ කළේ: “වසර කිහිපයකට පෙර අප විසින් හඳුන්වා දුන් දේපළ ණය පහසුකමක් නැවත හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. පොලී අනුපාත පහත වැටීමත් සමඟ, ඉතා ඉහළ බදු අයකරනු ලබන ඇතැම් ස්ථාවර ආදායම් විකල්ප සමඟ සසඳන විට නිශ්චල දේපළ ආයෝජන මේ වනවිට ඉතා ආකර්ෂණීය වේ. TRI-ZEN හරහා, මූල්‍ය පීඩනය අවම කර ගනිමින් නිවාස හිමිකම පිළිබඳ සිහින සැබෑ කර ගැනීම සඳහා පුද්ගලයන් සහ පවුල් සවිබල ගැන්වීම පිළිබඳ අපි විශ්වාසය තබා ඇත්තෙමු. පළමු මාස හය සඳහා වන පිරිවැය අප විසින් දැරීම හරහා අපගේ ගනුදෙනුකරුවන්ට සහනයක් සහ මූල්‍ය නම්‍යශීලී බවක් ලබා දීම අපගේ අරමුණ වේ. සහනශීලී හැඟීමකින් යුතුව ඔවුන්ගේ නව නිවාසවල පදිංචි වීමට එමඟින් ඔවුන්ට ඉඩ සැලසෙනු ඇත. මෙම සීමිත කාලීන දීමනාවෙන් ප්‍රයෝජන ගෙන HNB සමඟ එක්ව ‘Freedom Mortgage’ හරහා ආකර්ෂණීය දේපළ ණය පැකේජයකට හිමිකම් කීමට මේ හොඳම කාලයයි.”

“පසුගිය වසර කිහිපය තුළ ඇති වූ සාර්ව ආර්ථික අභියෝග සහ දේපළවල මිල උච්චාවචනයන් හේතුවෙන් අනාගත නිවාස හිමියන්ට තමන්ගේම නිවසක් වෙනුවෙන් ආයෝජනයන් සිදු කිරීම දුෂ්කර කාර්යයක් වී තිබේ. පෞද්ගලික අංශයේ බැංකු අතර විශාලතම බැංකුවක් වශයෙන්, අපි සැමවිටම අපගේ ගනුදෙනුකරුවන්ට වෙළඳපොළේ හොඳම ආකාරයේ ගනුදෙනු සම්බන්ධතා පිරිනැමීමට කටයුතු කර ඇත. ‘Freedom Mortgage’ පැකේජය සඳහා JKP සමඟ ඇති මෙම හවුල්කාරිත්වය නවීන නිවසක ආයෝජනය කිරීම සඳහා පාරිභෝගිකයින්ට උදා වන කදිම අවස්ථාවක් බව අපි විශ්වාස කරමු.” HNB හි සහකාර සාමාන්‍යාධිකාරී (පෞද්ගලික මූල්‍ය සේවා), කාංචන කරුණාගම මහතා පැවසීය.

‘Freedom Mortgage’ හි නියමයන් යටතේ, TRI-ZEN මහල් නිවාස සංකීර්ණය සමඟ දේපළ ණයක් සුරක්ෂිත කරන නිවාස ගැණුම්කරුවන් ඔවුන්ගේ දේපළ ණය කාල සීමාවේ මුල් මාස හය සඳහා පොලී පිරිවැයේ බරින් නිදහස් වේ. මෙයින් අදහස් කරන්නේ, නිවාස හිමිකමේ තීරණාත්මක මුල් අවධියේදී සපයනු ලබන මූල්‍යමය සහය නිසා නිවාස හිමියන්ට කනස්සල්ලකින් තොරව ඔවුන්ගේ නව TRI-ZEN මහල් නිවාසයෙහි පදිංචියට යා හැකි බවයි.

‘Freedom Mortgage’ වෙතින් අත්වන මූල්‍ය ප්‍රතිලාභවලට අමතරව, TRI-ZEN මහල් නිවාස සංකීර්ණය හරහා නාගරික වැසියන්ගේ විවිධ අවශ්‍යතා සහ මනාපයන් සපුරාලීම සඳහා නවීන මෙන්ම තිරසාර ජීවන අවකාශයන් රැසක් පිරිනැමේ. නවීන පහසුකම්, පරිසර හිතකාමී සැලසුම් සහ උද්‍යෝගී ප්‍රජාවක් ඒකරාශී කරන TRI-ZEN හි අත්දැකීම් පදිංචිකරුවන් සඳහා සුවිශේෂී ජීවන තත්ත්වයක් සහතික කරයි.

කොළඹ නගරය තුළ ව්‍යාපාර සහ විනෝදාස්වාදය සඳහාම සුවිශේෂී වූ ප්‍රදේශයක සුවපහසුව සහ සමකාලීන ජීවන රටාව අත්විඳීමට පදිංචිකරුවන්ට අවස්ථාව සලසමින් ස්මාර්ට් තාක්ෂණය ඒකාබද්ධ කිරීම සඳහා එය මුල සිටම නිර්මාණය කර ඇත. කොළඹ ප්‍රධාන පොදු ප්‍රවාහන පර්යන්ත, ව්‍යාපාරික මධ්‍යස්ථාන, පාසල්, රෝහල්, උද්‍යාන, ආගමික සිද්ධස්ථාන, හෝටල් සහ විනෝදාස්වාදය සඳහා වූ අතිවිශාල ස්ථාන සංඛ්‍යාවකට ඉතා පහසුවෙන් ළඟා විය හැකි ලෙස පිහිටා ඇති බැවින් මෙම මහල් නිවාස සංකීර්ණය අනාගත නිවාස හිමියන්ට වඩාත් ආකර්ෂණීය වනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව