ජනතා ස්ටීල්ස් වසර 35ක තම විශිෂ්ටත්වය සමරයි

JS-image

 




 

1986 වසරේ දී ආරම්භ කරන ලද, ශ්‍රී ලංකාවේ කීර්තිමත් හාඩ්වෙයාර් භාණ්ඩ අලෙවි ආයතනයක් වන ජනතා ස්ටීල්ස්  සමාගම වසර 35 ක තම විශිෂ්ටත්වය සමරයි. මෙරට වෙළෙඳපොළ තුළ  ප්‍රමුඛතම  හාඩ්වෙයාර් භාණ්ඩ සැපයුම්කරුවෙකු වන මෙම සමාගම මේ වන විට ඉංජිනේරු සමාගම්, වැවිලි හා ජල ව්‍යාපෘති,  ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා මෙන්ම රට තුළ ඉදි වන අති දැවැන්ත ඉදිකිරීම් සහ බහුකාර්‍ය ව්‍යාපෘති සඳහා තම නිෂ්පාදන සපයමින් කැපී පෙනෙන සේවාවක් සිදු කරයි. ලොව ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයින්ගෙන් ආනයනය කරන Tools, Pipes, Tubes, Sheets, Plates සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය තවත් බොහෝ නිෂ්පාදන  ඇතුළුව සියලුම හාඩ්වෙයාර් භාණ්ඩ ආනයනය, ප්‍රසම්පාදනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, සැපයුම සහ තොග හා සිල්ලර වෙළෙඳාම  ජනතා ස්ටීල්ස් මගින් සිදු කරන අතර ජර්මනිය, චීනය, ඉන්දියාව, පකිස්ථානය, තායිවානය, තායිලන්තය සහ කොරියාව යන රටවලින් එම නිෂ්පාදන ආනයනය කරයි.

1986 වසරේ දී කාර්‍යමණ්ඩල සාමාජිකයින්  තිදෙනෙකුගෙන් ආරම්භ කෙරුණු මෙම සමාගමෙහි කැපී පෙනෙන කඩයිම් ලෙස  1988 වසරේ දී සිංගප්පූරුවෙන් හාඩ්වෙයාර් අයිතම ආනයනය කිරීම ඇරඹීමත්, 1990 වසරේ දී තමන්ගේ ම ගබඩාවක් ආරම්භ කිරීමත්, 1994 වසර වන විට වානේ නිෂ්පාදන ආනයනය කිරීම ආරම්භයත් දැක්විය හැකිය. 1999 වන විට තමා සතු ගබඩා ප්‍රමාණය වැඩිකරගැනීමට කටයුතු කළ ජනතා ස්ටීල්ස් සමාගම 2006 දී  Wire Nails, Nuts, Bolts and Fencing Barbed Wire  නිෂ්පාදනය ආරම්භ කළ අතර  2007 දී  ඒකල පිහිටි තම කර්මාන්ත ශාලාව මගින් Wire Nails නිෂ්පාදනය සහ 2010 වන විට Tools වර්ග ආනයනය ද ආරම්භ කෙරිණි.

වර්තමානය වන විට කම්කරුවන් 700 කට වැඩි පිරිසකට සෘජු රැකියා අවස්ථාවන් මෙන් ම, දහස් ගණනකට වක්‍ර රැකියා අවස්ථාවන් ලබා දී ඇති ජනතා ස්ටීල්ස් සමාගම වසර 35 ක් පුරා ගොඩනගා ගත් විශ්වාසනීය බව නිසා ම 2013 වසරේ දී කීර්තිමත් LMD සඟරාව විසින් ‘වඩාත් ගෞරවණීය සමාගමක්’ ලෙස නම් කෙරිණි.

ජනතා ස්ටීල්ස් සමාගමේ කළමනාකාර සහකරු වාසුදේවන් සුබ්‍රමනියම් මහතා එම සමාගමේ දශක තුනක ගමන් මග පිළිබඳව අදහස් දක්වමින්  මෙසේ පැවසුවේය.

“1980 දශකයේ මුල් භාගයේ දී මම, මගේ පියා සමඟ ඔහුගේ ව්‍යාපාර කටයුතුවල නිරත වෙලා සිටියා. ඒ කාලෙ දී මට මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනයක් තිබුණා. ඒ නිසා ම මම මගේ අදහස ගැන පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කළා. එහි දී ඔවුන් ඒ සඳහා  මා දිරිමත් කළා. 1980 දශකයේ දී මේ රටට   විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග  1987 දී එවකට ගරු අග්‍රාමාත්‍ය  ආර්. ප්‍රේමදාස මහතාගේ  ‘ගම් උදාව’ සංකල්පය යටතේ ආරම්භ කරන ලද අඩු වියදම් නිවාස ව්‍යාපෘති සහ එවැනි විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට පෞද්ගලික හා රාජ්‍ය යන අංශ දෙකම ක්‍රියාකාරීව සම්බන්ධ වුණා. මෙහි දී වානේ සඳහා වැඩිවෙමින් පැවතුණු  ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් මෙම ක්ෂේත්‍රයට පිවිසීමට සුදුසුම කාලය එය බව මම තේරුම් ගත්තා. අද වෙනකොට අපේ සමාගම මේ රටේ  හාඩ්වෙයාර් භාණ්ඩ ආනයනය සහ නිෂ්පාදනය කරන පුරෝගාමී සමාගමක් බවට පත් වෙලා තිබෙනවා. ”

වාසුදේවන් මහතාගේ වැඩිමහල් පුත් ශයන්තාන් මහතා හවුල් කරුවෙකු ලෙස නිල වශයෙන් ව්‍යාපාරය සමග සම්බන්ධ වන්නේ  2016 වසරේ දී ය. පසුව 2018 වසරේ දී  මතුගම පිහිටි ගමගේ ට්‍රේඩිං (පෞද්ගලික) සමාගම තම ව්‍යාපාරය යටතට ගනිමින්,නව තාක්ෂණයට ඔබින අයුරින්  වැඩිදියුණු කරමින් රවුම් හා හතරැස් වානේ බට නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීම ජනතා ස්ටීල්ස් සමාගමේ අඛණ්ඩ වර්ධනයට උදාහරණ සපයයි.

එමෙන්ම ජනතා ස්ටීල්ස් සමාගම 2018 න් පසු කාල වකවානුවේ දී ලිපි ද්‍රව්‍ය ආනයනය කොට බෙදා හරින සමාගමක් වන ටැප්‍රොබානා අයිලන්ඩ් (පෞද්ගලික) සමාගම සහ ඖෂධ අලෙවි සමාගමක් වන හෙම්කා ෆාර්මා (පෞද්ගලික) සමාගම සමග අත්වැල් බැඳ ගනිමින්  විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් වෙත අවතීර්ණ වී ඇත. මෙම සුවිශේෂී ව්‍යාපාරය සමූහ ව්‍යාපාරයක් බවට පත් කරමින් ජනතා සිමෙන්ට් (පෞද්ගලික) සමාගම මගින් ඉදිකිරීම් ක්ෂේත්‍රය  සඳහා අවශ්‍ය ගුණාත්මක සිමෙන්ති ආනයනය කිරීම, ඇසුරුම් කිරීම සහ සැපයීමත්, ජනතා ග්‍රීන් සොලූෂන්ස් (පෞද්ගලික) සමාගම මගින් සූර්ය පැනල ආනයනය සහ සවිකිරීම කිරීමත්,  ජනතා ඔටෝමොබයිල්ස් (පෞද්ගලික) සමාගම  මගින් කෘෂිකාර්මික උපකරණ සහ වාහන අමතර කොටස් ආනයනය සඳහා ජාත්‍යන්තර නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කිරීමත් සිදුකරන අතර මෙම සමූහයටම අයත් ජනතා ප්ලාන්ටේෂන් (පෞද්ගලික) සමාගම මගින් පොල් හා අනෙකුත් මූල්‍ය බෝග වගාවන් දක්වා ව්‍යාප්ත වෙමින්, කුකුළු හා කෘෂි ගොවිපල ව්‍යාපාර සංවර්ධනය කිරීම සිදු කරයි.

මෙරට ජනතාවගේ ශුභසාධනය වෙත අවධානය යොමු කරමින් ජනතා ස්ටීල්ස් සමාගම සමාජ ශුභසාධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර එම වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යයි. ඒ අනුව කොළඹ ගණපති හින්දු කාන්තා විද්‍යාලයේ බිම් මහල වාසුදේවන් මහතා විසින් එම වැඩසටහනට සමගාමීව ඉදිකරන ලද්දකි. එමෙන්ම ඔහු මාතලේ දිස්ත්‍රික්කයේ තිරුවල්ලුවර් දෙමළ විද්‍යාලය වෙත පරිගණක පරිත්‍යාග කිරීමට ද කටයුතු කර ඇත. ඊට අමතරව දිවයින පුරා පිහිටි ආගමික හා අධ්‍යාපනික ආයතන විශාල ප්‍රමාණයක් සඳහා  වරින් වර මූල්‍ය පරිත්‍යාගයන් සිදු කර ඇති ජනතා ස්ටීල්ස් තම සමාජ ශුභසාධන වැඩසටහන් මෙන්ම රට තුළ සිදු වූ ව්‍යසනවල දී ශ්‍රී ලංකාව පුරාම කිසිදු බේධයකින් තොරව හැකි සෑම දෙනාටම විශාල වශයෙන් උදව් උපකාර කර තිබුණේ සැවොම ශ්‍රී ලාංකික සහෝදරයන් ලෙස සලකායි. මේ සියල්ලක් ම නිහඬව, නිහතමානීව ක්‍රියාත්මක කිරීමට ඔවුහු දැඩි කැමැත්තක් දක්වති.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව