ජනතා ස්ටීල්ස් නව ජවයකින් පෙරට

JSP-33 (2)

 



 

 

 

හාඞ්වෙයාර් උපකරණ ක්ෂේත‍්‍රයේ 35 වසරක කීර්තිමත් ජනතා මෙහෙවර ඉදිරියට රැගෙන යමින් ජනතා ස්ටීල්ස් වෙනස් වන වෙළෙඳපොළ ප‍්‍රවණතාවයන්ට යාවත්කාල වූ සේවා සැපයීම අරමුණු කරගනිමින් සිය වෙළෙඳපොළ මෙහෙයුම් පුළුල් කොට තිබේ. ඒ හරහා ජනතා ස්ටීල්ස් ශක්තිමත් කරමින් රැඳී සිටින පාර්ශ්වකරුවන්ටත්, හිතවත් පාරිභෝගිකයන්ටත් නව්‍යකරණයෙන් පිරිපුන් විශිෂ්ඨ සේවාවක් සැපයීම ජනතා ස්ටීල්ස් නායකත්වයේ අපේක්ෂාවයි.

වර්ෂ 1986  දී වානේ ආයුධ, හාඞ්වෙයාර් උපකරණ බෙදාහැරීමේ ආයතනයක් ලෙස ආරම්භ වූ ජනතා ස්ටීල්ස් ක‍්‍රමයෙන් ජනතා විශ්වාසය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළ හාඞ්වෙයාර් උපකරණ අලෙවිකරණ ආයතනයක් බවට පත්ව ඇත. මළ නොබැඳෙන වානේ  හෙවත් ස්ටේන්ලස් ස්ටීල් බට සහ බහුකාර්ය මෙවලම් ආදියත් සමුද්‍ර කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන ආරක්ෂාකාරී ධීවර උපාංග අලෙවියෙහිලාත් ජනතා ස්ටීල්ස් සුප‍්‍රකට ය. 2018 වසරේදී ජනතා ස්ටීල්ස් තම සේවා පුළුල් කරමින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රය, පොත්පත් හා ලිපිද්‍රව්‍ය ක්ෂේත‍්‍රය, කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය, ෆාමසි උපකරණ හා රථවාහන ක්ෂේත‍්‍රය යන ක්ෂේත‍්‍රයන්ගේ ව්‍යාපාර කටයුතු ඇරඹීය. මේ සියල්ල හරහා ජනතා ස්ටීල්ස් සෘජු රැකියා අවස්ථා 700කට අධික ප‍්‍රමාණයක් නිර්මාණය කොට ඇති අතර දිවයින පුරා වක‍්‍ර රැකියා 1000 කට අධික ප‍්‍රමාණයක් නිර්මාණය කොට සමාජය ශක්තිමත් කොට තිබේ.

ජනතා ස්ටීල්ස් තම නිෂ්පාදනයන්ගේ උසස් තත්ත්වය කෙරෙහි නිතරම විමසිල්ලෙන් පසුවෙයි. ඒ නිසාම ඉන්දියාව, පකිස්ථානය, තායිවානය, කොරියාව, මැලේසියාව, ජපානය, සිංගප්පූරුව, යුකේ‍්‍රනය, තුර්කිය, ඩුබායි හා ඉන්දුනීසියාව යන රටවල්වලින් හොඳම තත්ත්වයේ උපකරණ පමණක් මෙරටට ආනනය කොට ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම සිදු කරයි. බාහිර පරිසරයේ කොතෙකුත් වෙනස්කම් සිදුවුවද අභියෝග පැමිණියද සැමවිටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පමණක් පාරිභෝගිකයන් වෙත ලබාදෙන වසර ගණනාවක අවංක සේවාව ඔස්සේ ළඟා කරගත් අචල විශ්වාසනීයත්වයත් ජනතා ස්ටීල්ස් සතු දැවැන්ත ශක්තියකි. ආයතනික ජීවය බඳු කාර්ය මණ්ඩලයටත් සමාජය තුළ ක‍්‍රියාත්මක වෙන ව්‍යාපාරික ආයතනයක් ලෙස සමාජයටත් ඉටුවිය යුතු සාමාජීය යුතුකම් ඉටුකරලීමෙහිලා ජනතා ස්ටීල්ස් ප‍්‍රමුඛත්වය දී ක‍්‍රියා කරනු ලබයි.

දශක තුනකට අධික අත්දැකීම් රැසක් සමග ජනතා ස්ටීල්ස් තම 35 වැනි සංවත්සරය කාලීන වෙළෙඳපොළ ප‍්‍රවණතා අධ්‍යයනය කරමින් නිර්මාණය කළ, ඔන්ලයින් ක‍්‍රමයට භාණ්ඩ ඇනවුම් කොට නිවසටම ලබාගත හැකි https://www.janathasteels.lk/ වෙබ් අඩවිය සමග සමරනු ලබයි. මාස 6 ක් වැනි කෙටි කාල සීමාවක් තුලදී ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ඔන්ලයින් වානේ සැපයුම්කරුවා බවට පත්වන්නට ඒ සමග ජනතා ස්ටීල්ස් ආයතනයට හැකිව තිබේ.

ජනතා ස්ටීල්ස් ව්‍යාපාරික මෙහෙවරට හිමිවූ මෙම නවතම අන්තර්ජාල මුහුණුවරත් සමග ජනතාවගේ පහසුව පිළිබඳ සලකාලමින් කාලයේ තාලයට වෙනස් වීමත් ඒ සියල්ල මැද වානේ මෙන් සවිමත් පාරිභෝගික සේවාවක් ක‍්‍රියාත්මකවීමත් ක්ෂේත‍්‍රය තුළ වඩාත් කැපීපෙනෙන්නකි. ශ්‍රී ලාංකීය ජන ජීවිතයට හා සමස්ථ ව්‍යාපාරික ප‍්‍රජාවට බාධා රැසක් එල්ල කළ COVID-19 වසංගතය නිසා එල්ලවූ බාධා සියල්ල හමුවේ දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවයන් අඛණ්ඩව සම්පූර්ණ කිරීමට ජනතා ස්ටීල්ස් අපරිමිත වෙහෙසක් දරනු ලැබීය.

35 වසරක අභිමානය සමග ජනතා ස්ටීල්ස් නව ජවයකින් යුතුව ඉදිරියටත් වෙහෙසෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම හාඞ්වෙයාර් භාණ්ඩ සැපයුම්කරුවා බවට පත්වීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිසය.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව