ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

Image UOC (1) (1)

දියවැඩියා රෝගීන් හට ඇවිදීමේදී, දෙපයට සුරක්ෂිත සුවපහසුවක් මෙන්ම චිකිත්සක සහනයක් ලබාදීම අරමුණු කොටගෙන නිෂ්පාදනය කෙරෙන Beta පාවහන් වෙනුවෙන් විශේෂඥ තාක්ෂණික උපදෙස් හා පර්යේෂණ සහය ලබාගැනීම අරමුණු කරගනිමින් ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය (FOMUOC) සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළෙඹ ඇත. ඒ යටතේ ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) එක්ව ක‍්‍රියාත්මක කරනු ලබන  “නිරෝගී ලංකා” ව්‍යාපෘතිය සඳහාද කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්පත් දායකත්වය හිමිවේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න, ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීටාධිපති මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය මන්දික විජයරත්න, නිරෝගි ලංකා ව්‍යාපෘතිය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය තුසිත කහඳව, ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ දිල්ශාන් රාජපක්ෂ, DSI නියෝජනය කරමින් ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනී ඔෂිනි ජයසූරිය සහ සහකාර ව්‍යාපාර සංවර්ධන කළමනාකාර ජානක බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහභාගී විය.

 




 

 

ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් දියවැඩියා රෝගීන්ගේ දෙපා සුරක්ෂිතවන ආකාරයෙන් සුසිනිදු හා සුවපහසු නිමාවකින් මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව නිර්මාණය කරන ලද Beta පාවහන් පැළඳීම මගින් දියවැඩියා රෝගීන්ගේ දෙපාවලට දැනෙන පීඩාව, දෙපාවල තුවාල සිදුවීම හා සම රළු වීම වැනි ගැටලූ ඇතිවීම වළක්වාගෙන තුවාල රහිත දෙපා යුගලක් පවත්වාගත හැකිය.

Beta සන්නාමයෙන් වසර 2 ක් වැනි ඉතාමත් කෙටිකාලයකදී පාරිභෝගික විශ්වාසය දිනාගනිමින්                    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දියවැඩියා සහන පාවහන් නිෂ්පාදකයා බවට පත්වන්නට ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම සමත්ව සිටියි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව