ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයෙන් ඉන්දියානු චිත්‍රපට නළු රාම් චරන්ට රාජකීය පිළිගැනීමක්

Actor Ram Charan (LBN)

ඉන්දියානු සිනමාවේ ප්‍රමුඛ නමක් වන රාම් චරන් මේ දිනවල චිත්‍රපට නිෂ්පාදනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර එය ඉන්දියානු හා ශ්‍රී ලාංකික සිනමා ශිල්පීන් අතර සුවිශේෂ සහයෝගිතාවක් ලෙස සැළැකේ. රාම් චරන් ශ්‍රී ලංකා සංචාරයේදී සිය නවාතැන ලෙස තෝරා ගත්තේ ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයයි. එහිදී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය.  උඩරට නර්තන හා වාදන ශිල්පීන්ගේ  නැටුම් වැයුම් මැද ඔහු රතු පළස මතින් හෝටලයට පිළිගන්නා ලදී. රාම් චරන් පිළිගැනීමේ අවස්ථාවට ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ සාමාන්‍යධිකාරි තුසිත් සමරවීර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නාසිම් අමීත් මහතා සහ අලෙවි හා ඉදිරිපස කාර්යාල කළමනාකාරිණී වත්සලා අස්මඩල මහත්මිය සහභාගී වූහ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව