කොළඹ දිස්ත්‍රික් 13න් පහළ බැඩ්මින්ටන් සංචිතය පිහිටුවයි

RDC Chairman , ROSHAN GUNAWARDANE. (LBN)

 



 

 

සංචිත 4කට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 124ක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලුම දිස්ත්‍රික් සඳහා අවුරුදු 13න් පහළ බැඩ්මින්ටන් සංචිත ගොඩ නැඟීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් සංචිතය තෝරා ගැනීම පසුගියදා සිදු කෙරිණි. කොළඹ දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් සංචිත 4ක් ගොඩ නැඟීමට අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් සංචිත ගොඩ නැඟීමේ කටයුතු මෙහෙයවනු ලබන කලාපීය සංවර්ධන කමිටුව පියවර ගෙන තිබේ. කොළඹ දකුණ, කොළඹ උතුර, මැද කොළඹ සහ කොළඹ නැගෙනහිර ලෙස එම සංචිත නම් කර ඇති අතර, ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 124 දෙනකු ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලැබූ ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ කලාප තරගවලදී ශූරතා, අනුශූරතා, අවසන් පූර්ව සහ අර්ධ අවසන් පූර්ව තරගවටයේ දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පසුගිය වසරේ ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ අවුරුදු 13න් පහළ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් මේ වසරේදී නියමිත වයස් කාණ්ඩයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඇතුළත්ව මෙම සංචිතගත කිරීම් සිදු කර ඇත.

දෙරණ සමූහ ව්‍යාපාරයේ සහ දෙරණ මාධ්‍යජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ හිටපු සභාපතිවරයකු සහ බැඩ්මින්ටන් භාරකාර පදනමේ නිත්‍ය සාමාජිකයකු වන අමන්ද වීරසිංහ, බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ  කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන, බැඩ්මින්ටන් ආයතනයේ ලේකම් අජිත් විජේසිංහ, භාණ්ඩාගාරික මංගල ගමගේ සහ උපසභාපතිවරයකු වන බුද්ධික ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව