කොවිඞ් එන්නත් ආනයනය කිරීමේදී ඉතා විමසිලිමත් වන ලෙස SLCPI ඉල්ලා සිටී

SLCPI-1

 




 

2021 මැයි මස 21 වෙනිදා: කොවිඞ්-19 වසංගතය මැඩලීම සඳහා එන්නත් ලබා ගැනීමේදී ඒ සඳහා රජය දරන ප‍්‍රයත්නයන්ට ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) ප‍්‍රසාදය පළකරන අතරම එන්නත් ආනයනය කිරීමේදී සිය සංසදය සමඟ කටයුතු කරන ප‍්‍රධාන ගෝලීය ඖෂධ නිෂ්පාදකයින් යටතේ ලියාපදිංචි වී ඇති නීත්‍යානුකූල බෙදාහරින්නන් වෙතින් එම එන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා රජය හා සෞඛ්‍ය බලධාරීන් සමඟ අඛණ්ඩව සමීපව සහයෝගයෙන් කටයුතු කරන බව එම සංසදය පවසා සිටී.

ගෝලීය එන්නත් නිෂ්පාදනයේ නිරතව සිටින ලොව සියලූම විශාලතම සමාගම්වල සාමාජිකත්වය දරන SLCPI අවධාරණය කර සිටින්නේ කොවිඞ්-19 සඳහා වන ඕනෑම එන්නතක් ආනයනය කිරීමේදී අනිවාර්යයෙන්ම ගෝලීය නිෂ්පාදක සමාගම් විසින් අනුමත කරන ලද ලියාපදිංචි හා වෙළෙඳපොලේ බලයලත් බෙදාහරින්නන් වෙතින් එම එන්නත් ලබා ගත යුතු බවයි. එන්නත් මිලදී ගැනීමේදී එය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් සිදු වන බවත් ඒ සඳහා අඛණ්ඩව පහසුකම් හා සහයෝගය ලබා දෙන බව සඳහන් කරන SLCPI රෝගියාගේ ආරක්ෂාව සහතික කිරීමේදී එම එන්නත් ගෙන්වන සමාගමේ නිරවද්‍යතාවය ඉතා වැදගත් වන බව ද අවධාරණය කර සිටී.

සාමාන්‍යයෙන් වසංගතයක් පවතින කාලවලදී නීති විරෝධී හා ව්‍යාජ නිෂ්පාදන විවිධ වෙළෙඳපොළවල බහුලව දක්නට තිබේ. ‘‘එන්නත් නිෂ්පාදනයේ සිට එය භාවිතා කිරීම දක්වා වූ නිවැරදි ක‍්‍රියාපටිපාටියට අනුකූල නොවන හා අනෙකුත් ඖෂධ පිළිබඳ රෙගුලාසි සහතික කළ නොහැකි නීති විරෝධී වෙළෙන්දන් හා වංචාකාර සැපයුම්කරුවන්ගෙන් එවැනි නිෂ්පාදන ලබා නොගන්නා බවට සහතික වීම සඳහා මේ අවස්ථාවේදී එන්නත් ආනයනය කිරීමට උත්සහ කරන්නන් පිළිබඳව අපට නිවැරදිව තක්සේරු කළ නොහැකියි.’’

සිය සංසදය සියලූම ප‍්‍රධාන පෙළේ එන්නත් නිෂ්පාදක සමාගම්වල සාමාජිකත්වය දරන බවත් මවු සමාගම සමඟ අඛණ්ඩව සමීපව කටයුතු කරන බවත් SLCPI අවධාරණය කර සිටී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව