කිරි රසැති චොකලට් සොයන්නන්ට Chocolit White වෙතින් රස පෙරළියක්

Diana Trading Co. (Pvt) Ltd. (LBN)

කිරි රසැති චොකලට් සඳහා කැමැත්තක් දක්වන ඔබ වෙනුවෙන්ම, Diana Chocolates (Pvt) Ltd විසින් සිය නවතම නිෂ්පාදිතය වන Chocolit White වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. Creamy milk රසයෙන් යුක්ත White Choco ඔබේ රස නහර පිනවමින් කුඩාකල මිහිරි මතකයන් ඔබ වෙත සමීප කරයි.

 



 

ශ්‍රී ලාංකීය වෙළඳපොළ වෙත හඳුන්වා දී ඇති White Choco, Chocolit පවුලේ නවතම සාමාජිකයා වන අතර කිරි රස චොකලට් වල වූ සුවිශේෂී රසයට ආශා කරන අයට විනෝදජනක රස හැඟීමක් මෙමඟින් ලබාදෙනු ඇත. එහි ප්‍රණීත කිරි රසය ළමයින් සහ යෞවනයන් ආකර්ෂණය කරගනු නොඅනුමානයි.

Chocolit White Slab බෙදාහදාගෙන රස බැලිය හැකි අතර, Chocolit White Bar පහසුවෙන් රැගෙන යා හැකිවන ලෙස කොටස් වශයෙන් ඇසුරුම් කර ඇත. තවද Chocolit White Crispy Ball,  සුදු චොකලට් රසයෙන් නිමවා ඇති නිසා ඔබට විනෝදාස්වාදී රස හැඟීමක් තිලිණ කරයි.

Chocolit White වෙතින් දිව පිනවන සැබෑ කිරි රසය නැවත අත්විඳින්න!

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව