කෑගල්ල දිස්ත්‍රික් 13න් පහළ බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30ක්

1684475303790 (LBN)




 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් සංචිත ගොඩනැගීමේ වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කිරීම පසුගියදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ කෑගලු බාලිකා විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ පසුගියදා පැවැති මේ වැඩසටහන මගින් 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 දෙනකු තෝරා ගැනිණි.

මේ වැඩසටහන යටතේ 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසක් බිහි කරලීමට සැලසුම් කර ඇතැයි ද, මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට ආසන්න සංඛ්‍යාවක් දිස්ත්‍රික්ක 15ක් යටතේ සංචිතගත කර අවසන් බව ද මේ අවස්ථාවට සහභාගි වූ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. සංචිතගත කරන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් වසර දෙකක කාලයක් එම සංචිතයේ රඳවා පුහුණු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඒ අනුව වසර 2030 වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ජයගැනීමට හැකියාව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙමගින් බිහි කිරීම එකම අභිප්‍රාය බව ද ඔහු සඳහන් කළේය




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව