කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය සමාජ සත්කාරක වැඩසටහන ‘කැලණි සවිය’ට තවත් සිසුන් 55ක් බඳවා ගැනේ

Kelani - Kelani Saviya -11th Intake (LBN)

 




 

 

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනකවන ‘කැළණි සවිය’ වැඩසටහනට තවත් සිසුන් 55දෙනෙකු බඳවාගැනීම පසුගියදා සිදු කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව පවත්වන්නකි. විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන එකම විදුලි කාර්මික පුහුනු වැඩසටහන වන්නේද මෙම ‘කැළණි සවිය’ වැඩසටහනවන අතර එහි සියලු පිරිවැය කැලණි කේබල්ස් සමාගම විසින් දරනු ඇත. මෙම වසරේදී (2022)දී අවසන්වීමට නියමිතව තිබු ‘කැලණි සවිය’ තවත් පස්වසරකින් දීර්ඝකිරීම හේතුවෙන් මෙම නව සිසු කණ්ඩායම බඳවාගැනීම සිදුවිණි.

වසර 2007දී මෙම ‘කැලණි සවිය’ වැඩසටහන සමාරම්භ කෙරුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය, එස්.බී.එස්. අබේකෝන් හා කැලණි කේබල්ස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ, හේමන්ත පෙරේරා අවබෝධාත්මක ගිවිසුමක් අත්සන් කිරීමෙනි. එම පස්වසරක අවබෝධාත්මක ගිවිසුමට අනුව මෙම සමාජ සත්කාරක වැඩසටහන අවසන්වීමට නියමිත වූයේ 2012 වසරේදීය. නමුත් මෙම විශිෂ්ට විදුලි කාර්මික පාඨමාලාව මෙරට යෞවනයන්ගේ අනාගත අභිවෘද්ධියට ලබාදෙන සහයෝගය හා එයින් ඔවුන්ට විවරවන දෙස් විදෙස් රැකියා අවස්ථාවල වටිනාකම  කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා විසින් මැනවින්ම හඳුනාගත්තේය. එහි ප්‍රතිපලයක් ලෙස වසර 2012 සිට 2017 දක්වාද, වසර 2017 සිට 2022 දක්වාද, වසර 2022 සිට 2027 දක්වාද තෙවරක්ම දීර්ඝකිරීමට මහින්ද සරණපාල මහතා විසින් පියවර ගත්තේය.

‘කැලණි සවිය’ වැඩසටහනට තවත් සිසු කණ්ඩායමක් බඳවාගැනීමේ අවස්ථාවට එක්වෙමින් කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවසුවේ “කැලණි සවිය’ වැඩසටහනෙන් විශ්ව විද්‍යාල සහතිකයක් ලබා පිටවන සිසුන්ට දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා බහුලව ලැබෙන්නක්. එවැනි වැඩසටහනකට සහයෝගිතාව දැක්වීමට ලැබීම ප්‍රබල වටිනාකමකින් යුත් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් පවත්වන සමාගමක් ලෙස කැලණි කේබල්ස් සමාගමට ආඩම්බරයක්. එමෙන්ම මෙම සිසුන්ගේ වගකීම වන්නේ මෙවැනි ඵලදායි මෙහෙවරකින් උපරිම ඵල ලබා තම වෘත්තීය අනාගතය සාර්ථක කරගැනීමයි.’ යන්න ය.

‘කැලණි සවිය’ වැඩසටහනට නවක සිසු පිරිසක් බඳවාගැනීමේ උත්සයට එක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය, එම්.ඩී. ලමාවංශ මහතා පැවසුවේ වසරින් වසර මෙම එක් අවුරුදු විදුලි කාර්මික පාඨාමාලවට අගය එක්කරමින් එහි ගුණාත්මකබවට ඉහළ දැමීමක් සිදුවන බවය.

‘කැලණි සවිය’ වැඩසටහනේ 11වන සිසු කණ්ඩායම බඳවාගැනීමේ අවස්ථාවට එක්වූ කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධීකාරී, ආචාර්ය, අනිල් මුණසිංහ මහතා පැවසුවේ, ‘ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමක් රාජ්‍ය අංශය සමඟ එක්ව පවත්වන  දීර්ඝතම වැඩසටහනවන මෙම ‘කැලණි සවියෙහි’ ශිෂ්‍යාභාවය ලැබීමත් සුවිශේෂී වූවක්. මන්ද මෙමගින් බිහිවන සරසවි සහතික ලත් කුසලතාපූර්ණ විදුලි කාර්මිකයන්ගේ වෘත්තීය අනාගතය ඉතා පැහැදිලිවූවක්. මෙවැනි අංගසම්පූර්ණ හා ඵලදායි පාඨමාලාවක් පවත්වාගෙන යන පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට අප සැමගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.’ යන්නය.

මෙම අවස්ථාවට කැලණි කේබල්ස් සමාගමේ අලෙවි කළමනාකරු චන්න ජයසිංහ, ඉලෙක්ට්‍රෝනික හා විදුලි ඉංජිනේරු වැඩමුළු අධ්‍යක්ෂ, ආචාර්ය, මහේෂී දිසානායක, ‘කැලණි සවිය’ පාඨමාලා අධ්‍යක්ෂ, ප්‍රභාත් බිංදුහේවා හා පාඨමාලා සම්බන්ධීකාරක ජයන්ත විජේසිංහ සහභාගී වූහ.

100%ක්ම දේශීය සමාගමකවන කැළණි කේබල්ස් සමාගම, ගෙවුණු 53 වසර පුරා දෙස් විදෙස් හි පිරිනැමෙන බොහෝ තත්ත්ව සහතික රැසකට හිමිකම් කී සමාගමකි. ඒ අතර ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති හා ISO  14001 පරිසර කළමනාකරණ සහතිකය ලබා ඇත. එමෙන්ම එම සමාගම ගෞරවනීය සම්මාන රැසක් දිනාගෙන ඇත. ඒ අතර 2017 හා 2019 වසරවලදී World Class Global Performance Excellence Awards සම්මානයෙන්ද පිදුම් ලැබූ කැලණි කේබල්ස් සමාගම වසර 2012, 2013, 2016, 2017 හා 2019 යන වසරවලදී SLIM Brand Excellence හි B2B අංශයේ රන් සම්මානය, 2018 SLIM Brand Excellence හි B2B අංශයේ රිදී සම්මානය කැලණි කේබල්ස් සමාගම දිනාගත්තේය. තවද 2015 හා 2018දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය දිනාගත් කැලණි කේබල්ස් සමාගම වසර 2016දී සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය හා National HR Excellence රීදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම එම වසරේදීම ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල – 2016 දී (Presidential Environmental Awards) විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය හා ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ජාතික තත්ත්ව සම්මානය හිමි කරගැනීමට සමත්විය. තවද 2015 හා 2016 වසරවලදී ‘ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය’ හිමිකරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත්විණ. එයට අමතරව එම සමාගම 2015 ජාතික හරිත සම්මානය, GEO Responsibility Award -2014, ‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මානය 2012 හා 2013’ හිමිකරගෙන ඇත. එමෙන්ම සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන SLITAD People Development – 2013 රන් සම්මානය දිනාගැනීමට සමත් වූ කැලණි කේබලස් සමාගම කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානය 2006, 2007 2008 යන වසරවලදී දිනාගනු ලැබිණ. 2008දී කර්මාන්ත විශිෂ්ටත්ව පළිඟු සම්මානය, 2006 හා 2016දී ජාතික තත්ත්ව සම්මානය, 2007දී ටයිකි අකිමොටෝ 5S රන් සම්මානය, 2010දී ජාතික සුරක්ෂිතතා රන් සම්මානය, එමෙන්ම කැළණි කේබල්ස් තිරසාර ආර්ථික, සමාජ හා පාරිසරික සංවර්ධනයට ප්‍රතිඥාදෙමින් National Green Reporting System ක්‍රමවේදයට අනුගත ශ්‍රී ලංකාවේ පළමු සමාගම් කිහිපය අතරට එක්වූ සමාගමකි. තවද පරිසර හිතකාමී හා වෘත්තීය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Responsibile Care ලාංජනය භාවිතාකිරීමේ සහතිකය හිමි සමාගමක් හෙයින් කැලණි කේබල්ස් නිෂ්පාදනවලට අපනයන වෙළෙඳපොලේ විශේෂිත පිළිගැනුමක් හිමිවේ.

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව