කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය සමාජ සත්කාරක වැඩසටහන ‘කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි.

Fix - 01 - Kelani - Pera Uni. Saviya Extended (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනකවන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව පවත්වන්නකි. විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන ‘කැළණි සවිය’ වැඩසටහන මෙම වසරේදී (2022) දී අවසන්වීමට නියමිතව තිබුණද එමගින් සුදුසුකම් ලබන්නන්ට මෙරට හා විදේශීය සමාගම්වල කදිම ඉල්ලුමක් නිර්මාණයවී තිබීම එය තවත් පස්වසරකින් දීර්ඝකිරීමට හේතුවිණි.

මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව තවත් වසර 5කින් දීර්ඝකිරීමේ ආයතනික ගිවිසුම කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය, එම්.ඩී. ලමාවංශ අතර පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යලීය සනාතන මන්දිරයේදී අත්සන් කෙරුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේ සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් සමාගම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ජේ.බී. ඒකනායකගේ අදහසකට අනුව 2007 වසරේදී දියත් කළ මෙම ‘කැලණි සවිය’ වැඩසටහන මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයන් එක්ව පැවැත්වූ පළමු වැඩසටහනද විය. ‘කැලණි සවිය’ එක් වසරක පාඨමාලාව යටතේ පසුගිය වසර 15 තුළ සහතික ලත් විදුලි කාර්මිකයන් 500කට අධික සංඛ්‍යාවක් බිහිකර ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් දේශීය හා විදේශීය ආයතනයන්හි සේවය කරනු ලබයි.

වසර 2007දී මෙම ‘කැලණි සවිය’ වැඩසටහන සමාරම්භ කෙරුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය, එස්.බී.එස්. අබේකෝන් හා කැලණි කේබල්ස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ, හේමන්ත පෙරේරා අවබෝධාත්මක ගිවිසුමක් අත්සන් කිරීමෙනි. එම අවබෝධාත්මක ගිවිසුමට අනුව මෙම සමාජ සත්කාරක වැඩසටහන වසර 2012දී අවසන්වීමට නියමිත වූ අතර කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල විසින් එය තවත් වසර 10කින් හෙවත් වසර 2022 දක්වා දීර්ඝ කරනු ලැබීය.

‘කැලණි සවිය’ වැඩසටහන තවත් වසර 5කින් දීර්ඝකිරීමේ ආයතනික ගිවිසුම අත්සන්කිරීමේ අවස්ථාවට එක්වූ කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල පැවසුවේ මෙම වකවානුව මූල්‍යමය වශයෙන් දැඩි පීඩාවකට පත්ව තිබුණද ශ්‍රී ලංකාවේ දීර්ඝතම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවෙන් පැවැත්වෙන සමාජ සත්කාරයවන ‘කැලණි සවිය’ ඉදිරියට ගෙන පවත්වාගෙන යෑමට තම සමාගම තීරණය කළ බවය.

එමෙන්ම ‘කැලණි සවිය’ වැඩසටහන දීර්ඝකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය, එම්.ඩී. ලමාවංශ මහතා පැවසුවේ මෙම වැඩසටහන තම විශ්ව විද්‍යාලය සමාජ ප්‍රගමනයට දක්වන දායකත්වයට තවත් එක් උදාහරණයක් වන්නා සේම නිරන්තරයෙන්ම මෙම වැඩසටහනට අගය එක්කරමින් එහි ගුණාත්මකබවට ඉහළ දැමීමට කැපවන බවය.

‘කැලණි සවිය’ වැඩසටහන දීර්ඝකිරීමේ අවස්ථාවට එක්වූ කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධීකාරී, ආචාර්ය, අනිල් මුණසිංහ මහතා පැවසුවේ, ‘මෙම කැලණි කේබල්ස් සමාගමට මෙම ‘කැලණි සවිය’ සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහනක්. මන්ද මෙමගින් සරසවි සහතික ලද කුසලතාපූර්ණ තරුණ පිරිසක් සමාජයට තිළිණ කෙරෙනවා. එහෙයින් අංගසම්පූර්ණ හා ඵලදායි පාඨමාලාවක් ලෙසින් එය පවත්වාගෙන යන පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට මම මෙහිදී ප්‍රණාමය පුද කරන්න කැමතියි’ යන්නය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැති ‘කැලණි සවිය’ දීර්ඝකිරීමේ උත්සවයේදී  එම වැඩසටහනේ 11වන කණ්ඩායම ලෙසින් තවත් සිසුන් 55ක් බඳවාගැනීමද සිදුවිය. මෙම වැඩසටහනේ සියලු පිරිවැය කැලණි කේබල්ස් සමාගම විසින් දරනු ඇත. මෙම උත්සව අවස්ථාවට ඉලෙක්ට්‍රෝනික හා විදුලි ඉංජිනේරු වැඩමුළු අධ්‍යක්ෂ, ආචාර්ය, මහේෂී දිසානායක, ‘කැලණි සවිය’ පාඨමාලා අධ්‍යක්ෂ, ප්‍රභාත් බිංදුහේවා හා පාඨමාලා සම්බන්ධීකාරක ජයන්ත විජේසිංහ සහභාගී වූහ.

100%ක්ම දේශීය සමාගමකවන කැළණි කේබල්ස් සමාගම, ගෙවුණු 53 වසර පුරා දෙස් විදෙස් හි පිරිනැමෙන බොහෝ තත්ත්ව සහතික රැසකට හිමිකම් කී සමාගමකි. ඒ අතර ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති හා ISO  14001 පරිසර කළමනාකරණ සහතිකය ලබා ඇත. එමෙන්ම එම සමාගම ගෞරවනීය සම්මාන රැසක් දිනාගෙන ඇත. ඒ අතර 2017 හා 2019 වසරවලදී World Class Global Performance Excellence Awards සම්මානයෙන්ද පිදුම් ලැබූ කැලණි කේබල්ස් සමාගම වසර 2012, 2013, 2016, 2017 හා 2019 යන වසරවලදී SLIM Brand Excellence හි B2B අංශයේ රන් සම්මානය, 2018 SLIM Brand Excellence හි B2B අංශයේ රිදී සම්මානය කැලණි කේබල්ස් සමාගම දිනාගත්තේය. තවද 2015 හා 2018දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය දිනාගත් කැලණි කේබල්ස් සමාගම වසර 2016දී සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය හා National HR Excellence රීදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම එම වසරේදීම ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල – 2016 දී (Presidential Environmental Awards) විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය හා ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ජාතික තත්ත්ව සම්මානය හිමි කරගැනීමට සමත්විය. තවද 2015 හා 2016 වසරවලදී ‘ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය’ හිමිකරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත්විණ. එයට අමතරව එම සමාගම 2015 ජාතික හරිත සම්මානය, GEO Responsibility Award -2014, ‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මානය 2012 හා 2013’ හිමිකරගෙන ඇත. එමෙන්ම සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන SLITAD People Development – 2013 රන් සම්මානය දිනාගැනීමට සමත් වූ කැලණි කේබලස් සමාගම කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානය 2006, 2007 2008 යන වසරවලදී දිනාගනු ලැබිණ. 2008දී කර්මාන්ත විශිෂ්ටත්ව පළිඟු සම්මානය, 2006 හා 2016දී ජාතික තත්ත්ව සම්මානය, 2007දී ටයිකි අකිමොටෝ 5S රන් සම්මානය, 2010දී ජාතික සුරක්ෂිතතා රන් සම්මානය, එමෙන්ම කැළණි කේබල්ස් තිරසාර ආර්ථික, සමාජ හා පාරිසරික සංවර්ධනයට ප්‍රතිඥාදෙමින් National Green Reporting System ක්‍රමවේදයට අනුගත ශ්‍රී ලංකාවේ පළමු සමාගම් කිහිපය අතරට එක්වූ සමාගමකි. තවද පරිසර හිතකාමී හා වෘත්තීය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Responsibile Care ලාංජනය භාවිතාකිරීමේ සහතිකය හිමි සමාගමක් හෙයින් කැලණි කේබල්ස් නිෂ්පාදනවලට අපනයන වෙළෙඳපොලේ විශේෂිත පිළිගැනුමක් හිමිවේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව