කැලණි කේබල්ස් සමාගම ‘Havells CAT- 6 LAN Cabels’ හි එකම බෙදාහැරීම් නියෝජිතයා බවට පත්වේ.

Kelani - Havells- CAT -6 - Launch

 




 

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් ඡුඛක්‍ සමාගම, තම බෙදාහැරීමේ නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් ලෝක ප‍්‍රකට Havelles සමාගම නිපදවන ‘CAT-6 LAN CablesZ හි ශී‍්‍ර ලාංකේය වෙළෙඳපොලෙහි සුවිශේෂී බෙදාහැරීමේ නියෝජිතයා බවට පත්ව තිබේ. එයට අනුව මෙරට පාරිභෝගිකයන්ට පූර්ණ ජාලගත විසඳුම් සපයන ලොවෙහි අධිවේගී දත්ත ප‍්‍රවේශවීමක් සහිත ‘CAT-6 LAN CablesZ කේබලය සුවිශේෂී ගුණාංග අත්දැකීමේ අවස්ථාව හිමිවනු ඇත.

‘CAT-6 LAN CablesZ කේබලය මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමේ උත්සවය කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා එම සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට කැලණි කේබල්ස් හි අලෙවි සාමාන්‍යාධීකාරී, ආචාර්ය, අනිල් මුණසිංහ, අලෙවි කළමනාකරු, චන්න ජයසිංහ හා Havells India සමාගමේ ජාතික විකුණුම් කළමනාකරු, රොහාන් ගුරුසිංහ යන මහත්වරු සහභාගී වූහ.

ලෝක ප‍්‍රකට විදුලි කේබල හා විදුලි උපකරණ නිපදවන සමාගමක් වන Havells සමාගම නිපදවන ‘CAT-6 LAN CablesZ කේබලය ධ්වනි පද්ධතිවලට අධි අනුකූලතාවක් හිමි ගින්නට ඔරොත්තුදෙන ආවරණයක් සහිත ලොව තරගකාරී නිෂ්පාදනයක් ලෙස සැලකේ. එමෙන්ම අධිවේගී දත්ත ප‍්‍රවේශයක් හිමි එම කේබලය විශිෂ්ට නැවීම් පරිධියකින් යුතුවීම විශේෂත්වයකි. තවද ලෝක ප‍්‍රකට Havells සමාගම තම නිෂ්පාදන ලොව පුරා රටවල් 50කට වැඩි සංඛ්‍යාවක අලෙවි කරනු ලබයි.

ලෝක ප‍්‍රකට Havells සමාගමේ ‘CAT-6 LAN CablesZ කේබලයෙහි මෙරට සුවිශේෂී බෙදාහරින්නා ලෙසින් කැලණි කේබල්ස් සමාගම තෝරාගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවසුවේ, ‘කැලණි’ යනු විශිෂ්ටත්වය සමග බැඳුණු නමක්. එහෙයින් ‘කැලණි කේබල්ස්’ සමාගම පිරිනමන නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයන්ට ඇත්තේ නොමඳ විශ්වාසයක්. එම නිසා කැලණි කේබල්ස් සමාගම යම් නිෂ්පාදනයක් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන්නේ බොහෝ සැලකීමෙන් හා වගකීමෙන් යුතුවයි. Havells සමාගම නිපදවන ‘CAT-6 LAN CablesZ කේබලය මෙරට බෙදාහැරීමට අප තෝරාගත්තේද එම වගකීම සහිතවයි. එමෙන්ම Havells සමාගම තම ‘CAT-6 LAN CablesZ කේබලයෙහ මෙරට බෙදාහරින්නා ලෙස ‘කැලණි කේබල්ස්’ සමාගම තෝරාගැනීමක් අප සමාගම ලද ගෞරවයක්.’ යන්නය.

‘CAT-6 LAN CablesZ කේබලය මෙරට වෙළෙඳපොලට නිකුත්කිරීමේ අවස්ථාවට එක්වූ එම සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී ආචාර්ය අනිල් මුණසිංහ මහතා පැවසුවේ ‘කැලණි කේබල්ස් සමාගම මෙරට පාරිභෝගිකයන්ගේ අතට පත් කරන්නේ විශිෂ්ට නිෂ්පාදන පමණයි. එම නිසා ‘කැලණි’ ලේබලය යටතේ සැපයෙන නිෂ්පාදන සම්බන්ධයෙන් මෙරට පුරා විසිරුණු විදුලිමය නිෂ්පාදන අලෙවිකරන්නන් අතර කදිම විශ්වාසයක් තිබෙනවා. Havells නිෂ්පාදනයක් ලෙස මෙයට පෙර අප ඉදිරිපත් කළ  Kelani Breezer විදුලි පංකාවටත් වර්තමානයේ කදිම ඉල්ලූමක් නිර්මාණය වී තිබෙනවා.’ යන්නය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව