කාලය ඇවිත් ජංගම ඉතිහාස කෞතුකාගාරය කොළොඹ දී පැවැත්වේ

Image 02 (LBN)

කොළොඹ, අගෝස්තු 19 2025 කාලය ඇවිත්” ජංගම ඉතිහාස කෞතුකාගාරය, කොළොඹ මහජන පුස්තකාලයේදී මහජනයාට විවෘත විය.

මෙම කෞතුකාගාරය 2019 පෙබරවාරි මාසයේ ආරම්භයෙන් පසු දිස්ත්‍රික් 10ක් හා පළාත් 7ක් ආවරණය කරමින් යාපනය, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මඩකලපුව, මන්නාරම සහ ගාල්ල ඇතුළු නගර 11ක සංචාරය කර ඇත. මෙම ප්‍රදර්ශනය නැරඹු 52,000කට අධික පිරිසකගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් සම්පූර්ණයෙන්ම නැවත සැලසුම් කරන ලද නව සංස්කරණය පළමු වරට 2025 අගෝස්තු 19 සිට 23 දක්වා, පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා මහජනයාට විවෘත කෙරේ.
 



 

මෙම ජංගම ඉතිහාස කෞතුකාගාරයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ නිදහස ලැබීමෙන් පසුව වූ සමාජ, ආර්ථික සහ දේශපාලන සිදුවීම් පිළිබඳව ගැඹුරු අධ්‍යනයක හා සංවාදයක යෙදීමයි. ඉතිහාසයේ බහුවිධ දෘෂ්ටිකෝණ ගවේෂණය කිරීමට, සාමූහික උරුමයන් සමඟ නැවත සම්බන්ධ වීමට සහ ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීමේදී පුරවැසියන්ගේ භූමිකාවන් සලකා බැලීමට මෙම කෞතුකාගාරය අවකාශයක් ලබා දෙයි.

මෙහි නිළ විවෘත කිරීමේ උත්සවයට රාජ්‍ය, සිවිල් සමාජ, මාධ්‍ය හා රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් සහභාගී විය. විශේෂ ආරාධිතයින් අතර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා තානාපති අතිගරු කාර්මන් මොරෙනෝ මහත්මිය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි සේරා හෙසල්බාට් සහ කොළඹ නගරාධිපතිනිය ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද සිටියේය.

“මෙම ජංගම කෞතුකාගාරය අපව ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා කතාන්දර සහ ජීවමාන අත්දැකීම් සමඟ සම්බන්ධ කරයි. ඒ මගින් විවිධ දෘෂ්ටිකෝණ තේරුම් ගැනීමට අපට අවස්ථාවක් ලබා දෙයි. අප සියලු දෙනා එක්ව ගොඩනගා ගත හැකි අනාගතයක් පිළිබඳව මෙනෙහි කිරීමට අර්ථවත් අවකාශයක් ලබා දෙයි,” යනුවෙන් අතිගරු කාමන් මොරෙනෝ මහත්මිය අවධාරණය කළාය.

සමාජ සහජීවනය සඳහා ශ්‍රී ලංකාව තුළ නව්‍ය ප්‍රවේශයන් ප්‍රවර්ධනය කිරීම සඳහා යුරෝපා සංගමය සහ ජර්මනිය අතර ඇති පොදු කැපවීම අවධාරණය කරමින්, සේරා හෙසල්බාට් මහත්මිය සඳහන් කළේ, “මෙම ජංගම කෞතුකාගාරය, අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශිතයන්, ප්‍රශ්න ඇසීම සහ විවිධ දෘෂ්ටිකෝණයන් තේරුම් ගැනීම තුළින් අමුත්තන් හට කෞතුකාගාරය සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමට ආරාධනා කරයි. එය මිනිසුන් හට සිය ස්වඋපකල්පනයන්ට අභියෝග කරමින් අන් අයගේ අත්දැකීම් ගැන ඉගෙන ගැනීමට අවකාශයක් විවෘත කරන අතරම එසේ කිරීමෙන්, එය ඉතිහාසය දුරස්ථ හා ස්ථිතික දෙයක් නොව  ජීවමාන, අදාළ සහ එක්ව ගොඩනැගූ දෙයක් බවට පරිවර්තනය කරන” බවයි.

මෙම ජංගම ඉතිහාස කෞතුකාගාරයේ නව සංස්කරණය “ඓතිහාසික සංවාදය සහ මතකය සදහා වූ එකමුතුව” (The Collective for Historical Dialogue and Memory – CHDM) මගින් ක්‍රියාත්මක කරන අතර මෙම වැඩසටහනේ පෙර ක්‍රියාකාරකම් “සර්ච් ෆො කොමන් ග්‍රවුන්ඩ්” (Search for  Common Ground) ආයතනය හා එක්ව ක්‍රියාත්මක කෙරිණි. මේ සඳහා ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම (SCOPE) වැඩසටහනේ සහාය ලැබෙන අතර, එය යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය විසින් සම-අරමුදල් සපයනු ලබන අතර ශ්‍රී ලංකා රජය සමඟ හවුල්කාරිත්වයෙන් GIZ විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

 

විමසන්න:

යුරෝපා සංගමය

Le-Anne FERNANDO

පුවත් සහ තොරතුරු නිලධාරි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ දූත මණ්ඩලය

විද්‍යුත් තැපල් ලිපිනය: Le-Anne.FERNANDO@eeas.europa.eu

දුරකථන අංකය: +94 112674413-108

 

ජර්මානු තානාපති කාර්යාලය:

සේරා හෙසල්බාට් මහත්මිය

නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජර්මානු තානාපති කාර්යාලය

විද්‍යුත් තැපල් ලිපිනය: v@colo.auswaertiges-amt.de

දුරකථන අංකය: +94 112 580 431

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව