ආචාර්ය නරේෂ් බානා
ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කොට ඇති අදානි සමූහයේ සුළං බල ව්‍යාපෘතිය මෙගාවොට් 250 (MW) ක ධාරිතාවකින් සමන්විතය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අදානි සමූහය විසින් පුනර්ජනනීය බලශක්තිය සඳහා සිදු කරන පුළුල් ආයෝජනයක කොටසක් වන අතර එය 2025 වන විට නිම කිරීමට අපේක්ෂිතය. මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට සහාය වීම සහ ඉදිකිරීම් සහ මෙහෙයුම්වලදී දේශීය රැකියා 2,000ක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආයෝජන මුදල ඇ.ඩො. ඩොලර් මිලියන 250ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ඉදිවෙමින් වෙමින් පවතින විශාලතම සුළං බල ව්‍යාපෘතිවලින් එකකි.
නව රජය බලයට පත් වූ සැණින් මේ පිළිබඳ විවිධ අදහස් ප්‍රචාරය වන්නට පටන්ගත් අතර ඕනෑම ප්රජාතන්ත්රවාදී රටක සිදු වන පරිදි වඩාත් ඉස්මතු වූ ප්රශ්නය වූයේ ඉවත්ව යන නිලධාරී මණ්ඩල විසින්, සැලසුම් කරන ලද විශාල ව්‍යාපෘති පිළිබඳ ප්‍රශ්න මතු කිරීමයි. කලින් ක්‍රියාත්මක කරන ලද හෝ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සමාලෝචනය කිරීම සහ ගැඹුරින් පරීක්ෂා කිරීම සඳහා වලංගු හේතු සාධක තිබිය හැකි වුවද, ආයෝජනවලට බලපෑමක් ඇති නොවන පරිදි ඒ ගැන නිසි සැලකිල්ලක් දැක්විය යුතුය. 2022 වසරේ ඇති වූ ආර්ථික අවපාතයෙන් පසුව, ආර්ථිකයේ ධනාත්මක වර්ධනය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවට ශ්‍රී ලංකාවට උපදෙස් ලැබී ඇති අතර, ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවලට එරෙහි ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සහ ඕනෑම ව්‍යාපෘතියකට රජයේ කිසිදු න්‍යාය පත්‍රයක ඉඩක් නැත. ක්‍රියා පටිපාටිවල ඇති අක්‍රමිකතාවන්ගේ සිට අධික PPA මිල ගණන්, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල නොවීම, පාරිසරික ගැටලු සහ දිගු කාලීන ජාතික අවශ්‍යතා වැනි හේතූන් මත අදානි සමාගම මගින් මන්නාරමේ සිදුකරන ලද සුළං බල ව්‍යාපෘතිය අවලංගු කළ යුතු බවට මෑතකදී මාධ්‍යවල තර්ක විතර්ක පළ විය. සමස්තයක් ලෙස එම ව්‍යාපෘතියට එරෙහිව ප්‍රධාන හේතු පහක් දක්වා ඇත. එමෙන්ම මේ පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සහ පර්යේෂණ මත පදනම් වූ ප්‍රතිඵල මේ කතාවේ තවත් පැත්තක් අපට පෙන්වා දෙයි. එය පාඨකයන්ට වඩා වැදගත් වන අයුරින් ඔවුන්ගේම මතයක් නිර්මාණය කිරීමට හැකි වන පරිදි සඳහන් කිරීම ද ඉතා වැදගත්ය.
අදානි ව්‍යාපෘතිය සඳහා අනුගමනය කරන ලද ක්‍රියාවලිය.
Adani Green Energy Limited (AGEL) විසින් ප්‍රවර්ධනය කරන ලද සුළං බල ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දෙනු ලැබුවේ කැබිනට් මණ්ඩලය විසින් ආයෝජන පිළිබඳ පත් කරන ලද කළමනාකරණ කමිටුව (CAMCI) මඟිනි. මෙය ශ්‍රී ලංකාවේ නීති මාලාවට අනුකූලව සකස් කරන ලද ක්‍රියාවලියක් වූ අතර, ඉන්පසු AGEL සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. මුදල් අමාත්‍යාංශයේ නිවේදනයේ දැක්වෙන්නේ CAMCI හි තීරණය ක්‍රියාත්මක වන අවස්ථාවලදී ටෙන්ඩර් ක්‍රියාවලියක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි. තවද මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විදුලිබල පනතේ විධිවිධානවලට අනුකූලව සිදු කෙරේ. එමෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ද AGEL වෙතින් විදුලිය ලබා ගැනීමට අනුමැතිය ලබා දී ඇති අතර මෙම ව්‍යාපෘතිය PUCSL විසින් ඔවුන්ගේ දිගු කාලීන විදුලි ජනන සැලැස්මටද (LTGEP 2023-24) ඇතුළත් කර ඇත. මේ අතර ශ්‍රී ලංකා රජයට තනි ස්ථානයක් පදනම් කරගත් පුනර්ජනනීය බලශක්ති (RE) යෝජනා සහිත තනි ලංසුකරුවෙකු ලැබී ඇති අතර ඒ සඳහා ද මෑත කාලීනව අනුමැතිය හිමි වී ඇත. AGEL සඳහා ද එවැනිම ක්‍රියාවලියක් අනුගමනය කර තිබේ. පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව පිළිබඳ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෑත කාලීනව අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට ද මෙම යෝජනාව අනුකූල වේ.
අදානි ව්‍යාපෘතිය මගින් ජනනය කරන ලද විදුලිය සඳහා PPA මිලකරණය.
AGEL සමාගමට විශේෂ සැලකිලි ලබා දීම සහ මන්නාරම සහ පුනරීන් හි අදානි ව්‍යාපෘතියට ඒකකයකට අධික මිලක් ලබා දී ඇති බවට චෝදනා එල්ල වේ. ඇත්ත වශයෙන්ම, මන්නාරම සහ පුනරීන් හි අදානි ව්‍යාපෘතියේ සුළං විදුලි මිල ගනන් රටේ අඩුම මිල ලෙස සදහන් වේ. පහත දැක්වෙන PUCSL වෙබ් අඩවියේ ඇතුලත් දත්ත ඕනෑම කෙනෙකුට පරීක්ෂා කල හැකි අතර ඊට පටහැනිව ඕනෑම තර්කයක් යොමු කළ හැක.
Power Tariffs in Sri Lanka (based on recently applicable tariffs) | ||
Plant / Source | Tariff in USD cents / kWh | Tariff in LKR / kWh |
IPP Thermal Oil (Diesel) | 31.01 | 93.02 |
CEB Thermal Oil (Diesel) | 30.81 | 92.44 |
CEB Thermal Oil (Naphtha) | 17.50 | 52.51 |
IPP Thermal Oil (HFO) | 16.29 | 48.86 |
IPP Solar+ Battery (Poonakary tank) | 15.62 | 46.86 |
CEB Thermal Oil (HFO) | 15.11 | 45.32 |
IPP Wind (Mannar) | 11.12 | 33.35 |
CEB Wind (Mannar) | 10.12 | 30.31 |
Feed-in-Tariff (Wind 3 tier tariff/Flat tariff) | 9.95 | 29.86 |
CEB Norochcholai (Coal) | 8.82 | 26.45 |
IPP Solar (100 MW Batticaloa) | 8.75 | 26.25 |
Adani Wind (Mannar & Pooneryn) | 8.26 | 24.78 |
මූලාශ්‍රය: PUCSL වෙබ් අඩවිය
ඉහත වගුවේ ලැයිස්තුගත කර ඇති ව්‍යාපෘති අතරින් අදානි ව්‍යාපෘතිය සඳහා එකඟ වූ PPA අනුපාත ඇත්තෙන්ම අඩුම අගයන් බව පැහැදිලිය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය තුළින් ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් අධික ලෙස ගෙවන බවට පැවසෙන තර්කය ද මෙමඟින් අහෝසි වෙයි. කාලෝචිත ආයෝජනයකට රටේ බලශක්ති ලබා ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධ කිරීමට මේ නිසා ඉඩ ලැබෙන අතර ෆොසිල ඉන්ධන ප්‍රභවයන්ගෙන් ලැබෙන බලශක්ති හිඟය සහ අධික පිරිවැය අවම කරගැනීමට ද මෙය මනා පිටිවහලකි. මෙමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ වාතාවරණය ශක්තිමත් කරන බව අමුතුවෙන් කිව යුතු නැත.
ගෝලීය ප්රමිතීන් සමඟ සැසඳීම.
ගෝලීය වශයෙන් PPA වල මිලකරණය සඳහා පුළුල් ලෙස පිළිගත් මිණුම් ලකුණක් වන Levelized Cost of Energy (LCOE) මත පදනම්ව සැසඳීමට උත්සාහයක් ගෙන ඇති බව පෙනේ. Adani ව්‍යාපෘතියට විරුද්ධ පිරිස් පවසන්නේ වසර ගණනාවක් පුරා ලොව පුරා සුළං ව්‍යාපෘති සඳහා LCOE ක්‍රමානුකූලව පහත වැටී ඇති බවයි. එය ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති නියෝජිතායතනය (IRENA) විසින් ද සඳහන් කර ඇති ප්රවණතාවකි. එමෙන්ම ඔවුන් තර්ක කරන්නේ AGEL ව්‍යාපෘතිය කිලෝවොට් එකක් ඩොලර් 0.08ක් ලෙස අධිකව මිල කර ඇති බවයි. එහෙත් මන්නාරමේ IPP සහ මන්නාරමේ ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකව පවතින බැවින් PUCSL වෙබ් අඩවිය නැවත පරික්ෂා කළොත් එම තර්කය ද වලංගු නොවන බව පෙනී යනු ඇත. එහිදී PPA එක ඒකකයකට පිළිවෙලින් ඩොලර් 0.1112 සහ ඩොලර් 0.1012 සඳහා අත්සන් කර ඇත. ඇත්ත වශයෙන්ම, අදානි ව්‍යාපෘතිය PPA බලශක්ති මිලකරණයේ වසර ගණනාවක් පුරා තීරුබදු අඩු කිරීමේ IRENA ප්‍රවණතාවය ද තහවුරු කර ඇත. මීට අමතරව, AGEL මිලකරණය ප්‍රමිතිගත PPA මත පදනම් වූ මිලදී ගැනීමේ බලය සඳහා කාලයක් පුරා ප්‍රකාශයට පත් කරන ලද ලංකා විදුලිබල මණ්ඩලයේ බලශක්ති ප්‍රසම්පාදන අනුපාතවලට ද අනුකූල වේ. ස්වෛරී රටවල් දෙකකට එකිනෙකාට වෙනස් ඔවුන්ගේම ප්‍රතිපත්ති සහ ආයෝජන ආදර්ශයක් ඇති බැවින් ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය විසින් ඇතුළත් කර ඇති PPA වල එක්සත් ජනපද ඩොලර් අනුපාත සමඟ සැසඳීම නීත්‍යානුකූල හෝ යුක්ති සහගත නොවිය හැකිය.
පාරිසරික අවදානය
මන්නාරම ව්‍යාපෘති භූමිය සංක්‍රමණික පක්ෂීන්ගේ වාසස්ථානය වී ඇති බැවින් විශාල ව්‍යාපෘති සදහා එය යොදා ගැනීම සංවේදී සහ ගැටලුකාරී බවක් ඇති කරයි. ඒ සදහා විකල්ප අඩවි යෝජනා කර ඇති බව විදේශීය මූලාශ්‍ර වල සදහන් සමහර දත්ත උපුටා දක්වා ඇත. මන්නාරම ප්‍රදේශයේ ප්‍රශ්නයක් ඇත්නම් තවත් MW 100 සුළං බලාගාරයක් ඒ ප්‍රදේශයේම ක්‍රියාත්මක කරන්නේ ඇයි? මෙගාවොට් 50 ටෙන්ඩරයක් සඳහා එහි ඉඩ ලබා දෙන්නේ ඇයි? මන්නාරම කලාපයේම මෙගාවොට් 5ක කුඩා සුළං බලාගාරයක් සඳහා අනුමැතිය ලබා දෙන්නේ ඇයි? විරුද්ධවාදීන් මෙවැනි තර්ක සඳහා ද පිළිතුරු දිය යුතුව ඇත. අදානි ව්‍යාපෘතිය පුළුල් පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට (CEB හි මෙගාවොට් 100ට සමාන) ක්‍රියාවලියකට භාජනය වී ඇති අතර, සඳහන් කර ඇති පරිදි කිසිදු වාසස්ථානයකට හානියක් නොවන බවට සහතික කර ඇත.
ආර්ථික සංවර්ධනය සඳහා විශාල බලපෑමක්.
මන්නාරමේ සහ පුනරීන් හි අදානි සුළං ව්‍යාපෘතියේ විවේචකයින් විසින් ඉදිරිපත් කරන තර්ක මූලික වශයෙන් පදනම් වී ඇත්තේ පසුගිය රජයන් විසින් අනුගමනය කරන ලද ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය සහ මිලකරණය පිළිබඳ ඔවුන්ගේ වැරදි අවබෝධය මතය. ඉහත කොටසේ ඉදිරිපත් කර ඇති පරිදි මේ තර්ක දෙකම අසත්‍ය වේ. එබැවින් එවැනි ආයෝජනයක් ශ්‍රී ලංකාවට නොලැබෙන අවස්ථා ගැන සොයා බැලීම වටී. පළමුව, ඩොලර් මිලියන 250කට ආසන්න විදේශ සෘජු ආයෝජන (FDI) නොමැතිකම ශ්‍රී ලංකාවේ පවතින අසීරු ආයෝජන වාතාවරණය තවත් අඩපණ කළ හැකිය. දෙවනුව, ශ්‍රී ලංකාවට විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි වනු ඇති අතර ෆොසිල ඉන්ධන මත පදනම් වූ නිෂ්පාදනය මත අඛණ්ඩව යැපීම හේතුවෙන් පාරිභෝගිකයින්ට වසරකට ඩොලර් මිලියන 80 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවනු ඇත. තෙවනුව, එවැනි ආයෝජකයින්ගේ සහ කලින් අනුමත කරන ලද අනෙකුත් අයගේ PPA විවෘත කිරීම යහපත් පූර්වාදර්ශයක් විය හැකිද? හතරවනුව, මෙහි අතුරු ප්‍රතිඵල ලෙස මුහුණ දීමට සිදුවන නඩු සහ රක්ෂණ හිමිකම්, මෙම ව්‍යාපෘතිවල මූල්‍ය පිරිවැය තවදුරටත් ඉහළ නංවන අතර එමඟින් ව්‍යාපෘති පිරිවැය ඉහළ යනු ඇත. අවසාන වශයෙන්, රටේ ආයෝජන සහ ව්‍යාපෘති අවදානම් පැතිකඩ වඩාත් සංකීර්ණ වනු ඇත. මේ සියල්ල අනාගත සෘජු විදේශ ආයෝජන ගලා ඒමට කිසිසේත්ම හිතකර නොවනු ඇත.
බලයට පත්වීමෙන් පසු විශාල ව්‍යාපෘති සමාලෝචනය කිරීම සහ නැවත බැලීම ඕනෑම රජයක අයිතියකි. එවැනි සමාලෝචනයක් නඩුවේ ශක්‍යතාව මත පදනම් වී ඇති බවත්, වර්තමාන සමාජ මාධ්‍යවල හැසිරීමට අනුව මෙම ක්‍රියාවලි මෙහෙයවනු නොලැබිය යුතු බවත් සිතා බැලීම නුවණට හුරුය. ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කර ඇති විශාල සංගත ඔවුන් ව්‍යාපෘති භාර ගන්නා සත්කාරක රටේ නීතිවලට පමණක් නොව ඔවුන්ගේ මව් රටෙහි සහ ලොව පුරා කොටස් වෙළෙඳපොළ නිරීක්ෂකයින් සහ නියාමන අධිකාරීන් අතින් ද නැවත නැවත පරීක්ෂාවට ලක්වේ. මෑත කාලීනව ඉතා සංකීර්ණ තත්ත්වයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව වැනි නැඟී එන ආර්ථිකයක් වෙනස් ආකාරවල විදේශ ආයෝජන සහ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් පමණක් සිදු කිරීම වැදගත් බව යෝජනා කළ හැකිය.