ක්‍රිරිස්බ්‍රෝ ලෝක ආහාර සුරක්ෂිතතා දිනයේ තේමාවට ජීවය ගෙන දෙමින් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතබව හා පෝෂණ අවශ්‍යතා ඉටුකිරීමට පෙරමුණ ගනී

Image 1 (1) (1)

 




 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, 2021ලෝක අහාර සුරක්ෂිතතා දිනයේ තේමාවන් වන වර්ධනය, පෝෂණය හා තිරසරබව යන සංකල්පයන්ට ජීවය ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතබව සහ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති මෙහෙයවීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ ස්ථුලතාව, මන්ද පෝෂණය හා බෝ නොවන රෝග සඳහා ගොදුරුවන පිරිස දිනෙන් දින ඉහළ යෑමේ ප‍්‍රවණතාවක් පවතින බැවින් එම තත්වය පාලනය කිරීම සඳහා ප්‍රෝටීන් බහුල සමබල ආහාර වේලක් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව රාජ්‍ය හා පුද්ගලික යන අංශ දෙකෙහිම අවධානය යොමුවී ඇති වපසරියක් තුළ අඩුම මිලට වෙළෙඳපොලෙන් ලබා ගත හැකි ප්‍රෝටීන් ප‍්‍රභවය වන තත්වයෙන් උසස් ගුණාත්මක කුකුළු මස් පාරිභෝජනය පිළිබඳව ශ‍්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේවන විටත් කටයුතු කර ඇත.

ග‍්‍රාමීය ගොවි සහ කුකුළු ගොවිපළ හිමියන් සමග සෘජුව ගනුදෙනු කරන බැවින් ග‍්‍රාමීය ආර්ථිකය පුබුදුවාලමින් විශාල සමාජීය පරිවර්තනයක් සඳහා අවශ්‍ය අඩිතාලම ක‍්‍රිස්බ්‍රෝ විසින් ගොඩනංවා ඇත. කෝවිඞ් 19 වසංගතය හමුවේ ලෝකයේ සෙසු රටවල් වසා දැමූ පසුබිමක මෙම ගෝලීය වසංගතය සාර්ථකව පාලනය කළ රටක් ලෙස අපගේ අපනයන වර්ධනය සඳහා මෙය අවස්ථාවක් කර ගැනීමට පෙරමුණ ගත් කර්මාන්තය කිහිපය අතර කුකුළු මස් නිෂ්පාදනයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙම ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ පශ්චාත් කෝවිඞ් තත්වය තුළ කුකුළු මස් අපනයනයට යොමු වූ අතර මේ යටතේ මාලදිවයින් රාජ්‍යයට හා ගල්ෆ් සහයෝගීතා කලාපයේ රටවලට කුකුළු මස් සැපයීමේ අවස්ථාව ක‍්‍රිස්බ්‍රෝ සමාගමට හිමි විය. ගල්ෆ් සහයෝගීතා කලාපයෙන් ලැබුණු ඇණවුමකට අනුව ශීත කළ කුකුළු මස් මෙට්‍්‍රක් ටොන් 30ක ප‍්‍රථම තොගය  ඕමාන් රාජ්‍යයේ අල් හමාදි ටේ‍්‍රඩින් වෙත අපනයනය කිරීමට සමාගමට හැකිවිය. ගල්ෆ් සහයෝගීතා කලාපය වෙත සිය අපනයනයන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම තුළ ඩොලර් මිලියන 2.8ක් වටිනා අපනයන වෙළෙඳපොළක් සඳහා ශ‍්‍රී ලංකාවේ ගුණාත්මක කුකුළු මස් නිෂ්පාදනයන්ට දොරටු විවර විය.

2021 වසරේ ලෝක ආහාර දින තේමාවන් වන වර්ධනය, පෝෂණය සහ තිරසර බව යන දෙඅංශය පිළිබඳව අවධානය යොමු කරන ක‍්‍රිස්බ්‍රෝ සමාගම දැරිය හැකි මිලකට මෙරට ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීමට විශාල මෙහෙයක් සිදු කරන අතරම ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවමින් දිළිඳු බව පිටුදැකීම සඳහා ප‍්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරමින් සිටී. ක‍්‍රිස්බ‍්‍රා් සමාගමේ ප‍්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශයන් වන දිරි සවිය , ප‍්‍රජා අරුණ, සිසුදිරිය, සුවශක්ති සහ හරිත සත්කාර යන වැඩසටහන් හරහා ග‍්‍රාමීය ආර්ථික හා සමාජීය අවශ්‍යතා සපුරාලීමට ක‍්‍රිස්බ්‍රෝ උදාර මෙහෙවරක් ඉටුකරයි. ක‍්‍රිස්බ්‍රෝ දිරි සවිය වැඩසටහන යටතේ සමාගම සමග කටයුතු කරන 1200ක් වන බඩඉරි`ගු සහ සහල් ගොවීන් සහ 250ක් වන කුඩා කුකුළ ගොවිපළ හිමියන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වෙයි. මේ යටතේ ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික හා යටිතල පහසුකම් සම්පාදනය ක‍්‍රිස්බ්‍රෝ විසින් ලබා දෙයි. බඩ ඉරි`ගු සහ සහල් සඳහා වෙළෙඳපොළ මිල කිසිදු අතමැදියකුගෙන් තොරව සෘජුව එක් දිනක් තුළ ගොවිජනතාවට ලබා දීම තුළ ක‍්‍රිස්බ්‍රෝ සහ 1200ක් තරම් ගොවි ප‍්‍රජාවක් ක‍්‍රිස්බ්‍රෝ සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ ගනුදෙනු කරමින් සිටී. මීට අතිරේකව තවත් ව්‍යාපෘති රාශියක් ක‍්‍රිස්බ්‍රෝ ආයතනය මගින් පසුගිය වසර ගණනාවක් පුරා සිදු කර තිබේ. මේ යටතේ ‘‘ සිසු දිරිය” මගින් 6000 කට වඩා වැඩි පාසැල් සිසුසුවියන්ට පොත්පත් සැපයීම සහ විශ්වවිද්‍යාල හා වෘත්තීය අධ්‍යාපනය ලැබු සිසුන්  පිරිසකට ප‍්‍රතිලාභ අත්කර දී ඇත. එසේම  ප‍්‍රජා අරුණ මගින් නිවාස 34 ක් අලූතින්ම සාදා දී ඇති අතර නිවාස 80 ක් පිළිසකර කර දී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ හරිත සත්කාර ව්‍යාපෘතිය මගින් පැළ 5000 ක් සිටුවමින් ක‍්‍රිස්බ්‍රෝ පරිසර හිතකාමී බව මුළු ලෝකයටම පෙන්වා දී ඇත.

තවද ක‍්‍රිස්බ්‍රෝ කාර්ය මණ්ඩල දරුවන්ගේ කුසලතා අගයමින් ඔවුන්ව දිරිමත් කිරීම සඳහා විවිධ දක්ෂතා එළිදක්වන වැඩසටහන් ආයතනය මගින් සංවිධානය කරනු ලබයි.

නීරෝගී බව සෑම පුද්ගලයකුටම ඉතාමත් වැදගත් කාරණයකි. ක‍්‍රිස්බ්‍රෝ ”සුව ශක්ති” වැඩසටහන එම අරමුණ පෙරදැරිව ආරම්භ කරන ලද වැඩසටහනක් වන අතර මෙහි විශේෂත්වය වනුයේ ක‍්‍රිස්බ්‍රෝ කාර්යමණ්ඩලයට මෙන්ම අවට ගම්වාසීන්ටද මේ සඳහා සහභාගී වීමට ඇති හැකියාවයි. මේ වන විට සෞඛ්‍ය කඳවුරු 20 ක් පවත්වමින් නොමිලේ වෛද්‍ය පරීක්ෂාවන් සහ ඖෂධ ලබා දීම සුව ශක්ති වැඩසටහන මගින් ක‍්‍රියාත්මක කර තිබේ.

 




 

 

එසේම වඩාත් විනයානුකූලව, ව්‍යුහගතව, සහ බදු ගෙවන්නන් අතර ප‍්‍රමුඛස්ථානයේ සිටින කෘෂිකාර්මික කෂේත‍්‍රයේ ඉහළම ආදායම් උපදන අංශය ද මෙය වේ. ඉදිරි වසර කිහිපය තුළ ජනගහණයේ වර්ධනය මෙන්ම සංචාරක ක්ෂේත‍්‍රයේ වර්ධනය සමග කුකුළු ආහාර සඳහා ඇති ඉල්ලූම ඉහළ යනු ඇති අතර අනෙකුත් මස් ප‍්‍රභවයන්ගේ පිරිවැයද ඉහළ යන පසුබිමක ක‍්‍රිස්බ්‍රෝ ආයතනයේ අඛණ්ඩ මෙහෙයුම් සාර්ථකව ඉදිරියටම යනු ඇත.

ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව සවිබල ගැන්වීමේ ක‍්‍රියාවලිය අඛණ්ඩව ගෙන යාමේ අරමුණ පෙරදැරිව ක‍්‍රිස්බ්‍රෝ ජාතික ඔලිම්පික් කමිටුව සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් ‘NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා දියත් කරන ලදි. ක‍්‍රීඩා කුසලතා සහිත ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම මෙම උදාර වැඩපිළිවෙළෙ හි මුලික අරමුණ වේ.

ක‍්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් එළැඹි මෙම ගිවිසුමට අනුව ජාත්‍යන්තර තලයට ළ`ගා විය හැකි පරිසාධන මට්ටමක් සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනෙකු 2022 දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය, ආසියානු තරගාවලිය, 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ දකුණු ආසියානු තරගාවලිය වැනි ක‍්‍රීඩා තරගාවලි ඉලක්ක කර ගනිමින් පුහුණු කෙරෙනු ඇත. දිවයින පුරා විසිරී සිටින දක්ෂ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගනිමින් ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම, පුහුණුව, ආහාර රටාවන් පිලිබඳ උපදෙස් ලබාදෙමින් ඔවුන් ජාතික තලයට ඔසාවා තැබීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

ලෝක ආහාර දින තේමාවන්ට අනුරූපව සිය ප‍්‍රජා ව්‍යාපෘතින් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරෙස් සෙලර් මහතා ‘‘ වර්ධනය, පෝෂණය සහ තිරසර බව යන මූලික සංකල්පයන් අපගේ සමස්ත ප‍්‍රජා සත්කාරක ව්‍යුහය පුරාම දිවයන බව කිවහැකියි. මෙරට ග‍්‍රාමීය ජනතාව ආර්ථික , සමාජීය සහ සෞඛ්‍යමය වශයෙන් සවිබල ගන්වමින් දිළිඳු කම අවම කිරීම සඳහා දේශීය සමාගමක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ වැඩපිළිවෙල සමග පාර්ෂව ගනනාවක් සම්බන්ධ වී සිටිනවා. එමෙන්ම කුකුළුමස් අපනයන සඳහා යොමු වීම තුළ මෙරටට විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් විවර කිරීමට කුකුළු මස් ව්‍යාපාරයට හැකිව තිබීම තුළ සුළු පරිමාණයේ කුකුළු ගොවිපළ හිමියන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වෙන අතර අලූත්තෙන් කර්මාන්තයට ප‍්‍රවේශවන පිරිස ඉහළ යෑමෙන් නව රැකියා අවස්ථාවන් ජනනය වීම ද ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව මගේ අදහසයි. මීට අමතරව ව්‍යාපාරික අරමුණු වලින් ඔබ්බට ගොස් මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට ක‍්‍රිස්බ්‍රෝ ඉදිරිපත් ව සිටිනවා. ජාතික ඔලිම්පික් කමිටුව සමග දියත් කළ ‘NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන හරහා රටපුරාම විහිද සිටින කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජය ගැනීම සඳහා විශාල අත්වැලක් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හරහා අප විසින් ලබා දී තිබෙනවා’’ යනුවෙන් පැවසීය.

වෙළඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව ^vertically-integrated& තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට, අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව