කලා පොළ 2024 – මාධ්‍ය නිවේදනය

MPK00405 (1) (LBN)

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ 2024 පෙබරවාරි 18 වන දින පැවැත්විණි. මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වුණේ 31 වැනි වරට ය. 1993 වර්ෂයේදී ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව ආරම්භ වූ මෙම වැඩසටහනට 1994 වර්ෂයේ පටන්ම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය හිමි වී තිබේ.

 



 

කලා පොළ යනු මෙරට දෘශ්‍ය කලා නිර්මාණ ශිල්පීන්ට ගැනුම්කරුවන්, රසික ප්‍රජාව සහ කලා ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලබාදෙන විශාලතම වැඩසටහනයි. එය ඔවුන්ට තම නිර්මාණ අලෙවි කරගැනීමට වෙළඳපොළක් ලබාදෙන අතර, දැනුම් හුවමාරුව හා සහයෝගීතාව වර්ධනය උදෙසාද අවස්ථාව සලසා දෙයි. එමෙන්ම මෙය රටේ නිර්මාණකරණ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරන වැඩසටහනකි.

මෙම වසරේ කලා පොළ වැඩසටහන ශ්‍රී ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් ශිල්පීන් හා ශිල්පිනියන් 350 කට අධික පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව