එලිෆන්ට් හවුස් බෝතල් කළ ජල නිෂ්පාදන තවත් සන්ධිස්ථානයක් පසුකරයි

Webp.net-resizeimage




 

පරම්පරා ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් එලිෆන්ට් හවුස් සන්නාමය රැගත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම, පසුගියදා සිය ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය තුළ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්විය. ඒ, මෙතෙක් වර්ල්ඩ්වයිඩ් එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගම නම් වූ සිය උප කොන්ත්‍රාත් සමාගම සතුව තිබූ කොටගල පිහිටි පානීය ජල නිෂ්පාදනාගාරය තම සමාගම යටතට ගැනීමත් සමඟිනි.

දිවයින පුරා පාරිභෝගික විශ්වාසය දිනා සිටින එලිෆන්ට් හවුස් සන්නාමය, සිය වෙළඳනාමය යටතේ බෝතල් කළ පානීය ජලය වෙළඳපොළට හඳුන්වාදෙන ලද්දේ 2018 වසරේ ජුනි මාසයේදී ය. ඉතා පිරිසිදු ජල ධාරා සහ උල්පත් ආශ්‍රය කරගනිමින්,  SLS ප්‍රමිති සහතිකය පවා ලබාගනිමින් නිෂ්පාදනය කරන ලද මෙම පානීය ජල බෝතල් හරහා නිසි ප්‍රමිතීන්ට යටත්ව උසස්ම ගුණාත්මක බවකින් සහ සුපිරිසිදු බවින් යුතුව පානීය ජලය නිෂ්පාදනය කරනු ලබන බව සහතික කෙරුණි.

පිරිසිදු පානීය ජල අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ඇරඹි සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්හි  නවතම පානීය ජල නිෂ්පාදනායතනය මගින් සිය ව්‍යාපාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ අවකාශය ද සමාගමට විවර වී තිබේ. සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්හි කළමනාකාරීත්ව කණ්ඩායම හා එක්ව එහි සභාපති, පාරිභෝගික ආහාර, දමින්ද ගම්ලත් මහතා 2021 නොවැම්බර් 9 වැනිදා උත්සවාකාරයෙන් නව කර්මාන්තශාලාව විවෘත කළේය.

″මෙම නව අත්පත් කරගැනීමත් සමඟ අපගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමට හැකිවීම පිළිබඳව අපි මහත් සේ සතුටට පත්වෙනවා. සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම වශයෙන් අපගේ පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. එම නිසා, බෝතල් කළ පානීජ ජලය සඳහා මූලාශ්‍ර ලෙස භාවිත කරන්නේ මධ්‍යම කඳුකරයේ පිහිටි ඉතාම පිරිසිදු ජල ධාරා සහ උල්පත්. මෙම නව ව්‍යාපාර ප්‍රසාරණයත් සමඟින් අපගේ පාරිභෝගිකයින්ට නවෝත්පාදන නිෂ්පාදන රැසක් පිරිනැමීමේ අවස්ථාව අපට උදා වී තිබෙනවා. විශේෂයෙන්ම, නවෝත්පාදන සහ තාක්ෂණික වැඩිදියුණු කිරීම් තුළින් අපගේ ක්‍රියාවලි දියුණු කර, සෑමවිටම ඉහළ ගුණාත්මක ප්‍රමිතීන් පිරිනැමීම අපගේ බලාපොරොත්තුවයි″, යනුවෙන් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සභාපති, පාරිභෝගික ආහාර, දමින්ද ගම්ලත් මහතා පැවසීය.

කොටගල කාර්මික ජනපදයේ පිහිටි මෙම නව කර්මාන්තශාලාව,  කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ ව්‍යාපාරයකි. මෙම නව සන්ධිස්ථානයත් සමඟින් පානීය ජල බෝතල් වෙළඳපොල ප්‍රමුඛයා ලෙස නවෝත්පාදන රැසක් හඳුන්වාදෙමින්, සන්නාමය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පාරිභෝගික තෘප්තිය වැඩිකිරීමට ද සමාගම සැලසුම් කර ඇත. ISO 22000 සහ SLS 894:2003 වැනි පිළිගත් ප්‍රමිතීන් යටතේ මෙහෙයවනු ලබන එලිෆන්ට් හවුස් බෝතල් කළ පානීය ජල අංශය සතුව අත්දැකීම් බහුල කාර්යමණ්ඩලයක් සිටින අතර, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම සමඟ වසර 3කට වැඩි ප්‍රත්‍යක්ෂ කාර්යසාධනයක් ද ඊට ඇතුළත් ය.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව