එමිරේට්ස් සමූහයට 2025-26 අර්ධ වසර සඳහා වාර්තාගත ලාභයක්

Ales Vyslouzil Architectural Photography

වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා ඩිරාම් බිලියන 12.2 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3) පෙර බදු ලාභයක් වාර්තා කරමින් එමිරේට්ස් සමූහය අඛණ්ඩව හතරවන වසරටත් වාර්තාගත අර්ධ වාර්ෂික කාර්ය සාධනයක් ප්‍රකාශයට පත් කර ඇත.

ආදායම් බදු ගාස්තු ගණනය කිරීමෙන් පසුව සමූහයේ ශුද්ධ ලාභය ඩිරාම් බිලියන 10.6 (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9) ක් වන අතර එය පසුගිය වසරට වඩා 13%ක වැඩි වීමකි.

2025-26 මුල් මාස හය සඳහා සමූහයේ මුළු ආදායම ඩිරාම් බිලියන 75.4 (ඇමෙරිකානු ඩොලර් බිලියන 20.6) ක් වූ අතර එය පසුගිය වසරේ ඩිරාම් බිලියන 70.8 (ඇමෙරිකානු ඩොලර් බිලියන 19.3) අර්ධ වාර්ෂික ආදායමට වඩා 4%ක වර්ධනයකි.

 



 

එමිරේට්ස් ගුවන් සේවයේ සහ සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අතිගරු ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් තුමා මෙසේ පැවසීය: “පසුගිය වසරේ අපගේ අර්ධ වාර්ෂික ප්‍රතිඵල ද අභිබවා යමින් 2025-26 පළමු අර්ධය සඳහා නව වාර්තාගත ලාභයක් අත්කර ගත් සමූහය, නැවත වරක් කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්වා ඇත. මෙම අර්ධ වාර්ෂික වාර්තාකරණ කාලය තුළදී ද ලොව වඩාත් ම ලාභදායී ගුවන් සේවය ලෙස එමිරේට්ස් සිය ස්ථානය පවත්වා ගෙන යන බව මම සතුටින් සඳහන් කරමි.”

“මෙම කාර්ය සාධනය සඳහා මූලික වූයේ අපගේ නිෂ්පාදන සහ සේවා සඳහා අඩුවක් නොමැති ඉල්ලුම සහ වර්ධනය වන පාරිභෝගික මනාපය හේතුවෙන් ආදායම් වැඩි වීම හා ලාභදායී බව ඉහළ යාමයි.”

එමිරේට්ස් ගුවන් සේවය

2025 අප්‍රෙල් 1 වන දා සිට සැප්තැම්බර් 30 දින දක්වා කාලය තුළදී එමිරේට්ස් ගුවන් සේවය ගුවන් මගීන් මිලියන 27.8 ක් ප්‍රවාහනය කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 4%ක වැඩි වීමකි. අර්ධ වාර්ෂික වාර්තාකරණ කාලය සඳහා ලොව වඩාත්ම ලාභදායී ගුවන් සේවය ලෙස තම ස්ථානය තහවුරු කර ගනිමින් 2025-26 පළමු භාගය සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය ඩිරාම් බිලියන 11.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.1) ක් ලෙස නව වාර්තාවක් තැබීය. පසුගිය වසරේ පළමු භාගයේදී එය ඩිරාම් බිලියන 9.7 (ඇමරිකානු ඩොලර් බිලියන 2.6) විය. එමිරේට්ස් හි බදු ගෙවීමෙන් පසු ලාභය ඩිරාම් බිලියන 9.9 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.7) ක් වන අතර එය පසුගිය වසරට වඩා 13%ක වැඩි වීමකි.

අනෙකුත් මෙහෙයුම් අදායම් ඇතුළුව එමිරේට්ස් ගුවන් සමාගමේ ආදායම ඩිරාම් බිලියන 65.6 ක (ඇමරිකානු ඩොලර් බිලියන 17.9) ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලය සඳහා වූ ඩිරාම් බිලියන 62.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 16.9) ආදායමට සාපේක්ෂව 6% ක වර්ධනයකි. විය. වෙළඳපල පුරා සංචාරක රුචිය සහ එමිරේට්ස් නිෂ්පාදන හා සේවාවන් සඳහා, විශේෂයෙන් ම එහි උසස් තත්ත්වයේ කැබින් සඳහා, ඇති පාරිභෝගික කැමැත්ත, ගුවන් සමාගමේ නව වාර්තාගත ආදායමට හේතු වී ඇත.

එමිරේට්ස් හි SkyCargo සේවය මගින් වසරේ මුල් මාස හය තුළ ගුවන් භාණ්ඩ ටොන් මිලියන 1.25 ක් ප්‍රවාහනය කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 4%ක වර්ධනයකි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව