එක්සත් ජනපද තානාපතිනී හේලීස් වැවිලි සමාගමට අයත් පේද්‍රෝ තේ වතුයායේ සංචාරයක

Image 01 (LBN)

 



 

 

නවෝත්පාදන, කර්මාන්තයේ අභියෝග සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳ අදහසක් ලබා ගනී

 

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගම විසින් පසුගියදා ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මියට නුවරඑළියේ පිහිටි පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක් සඳහා සත්කාරකත්වය දක්වන ලදී.

සංචාරය පිළිබඳව ටුවිටර් හරහා අදහස් දක්වමින් තානාපතිනී චන්ග් මහත්මිය මෙසේ පැවසීය: ”තේ කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සහ කලාපයේ සාර්ථකත්වයට ප‍්‍රධාන දායකත්වයක් සපයනවා. ආර්ථික අර්බුදයේ අභියෝග සහ වතු කම්කරුවන්ගේ අවශ්‍යතා සපුරාලන්නේ කෙසේද යන්න පිළිබඳ ඉදිරි දර්ශනය සොයා බැලීම සඳහා මම හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රාදේශීය කළමනාකාරවරයා හමුවුණා.”

හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා සහ ඔහුගේ කණ්ඩායම ඇයගේ සංචාරය අතරතුරදී, හේලීස් වැවිලි සමාගම විසින් එක් එක් අස්වනු නෙළන යන්ත‍්‍ර නිෂ්පාදනය නිවැරදිව වාර්තා කරන එක් එක් පුද්ගලයාට ගැලපෙන පරිදි සකස් කළ NFC කාඞ්පත් සම්බන්ධ කළ ඉලෙක්ට්‍රොනික කිරුම් තරාදි භාවිතා කරන ආකාරය පැහැදිලි කළේය.

හේලීස් වැවිලි සමාගම විසින් සිය ශ‍්‍රම බලකායේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා සහය වීම සඳහා සහ වත්මන් ආර්ථික අර්බුදය විසින් ඉදිරිපත් කර ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා ගෙන ඇති මුලපිරීම් මාලාවක් පිළිබඳ සාකච්ඡා ද මෙම සංචාරයට ඇතුළත් විය. මෙම සංචාරයේදී මෙම මුලපිරීම් විස්තරාත්මකව ප‍්‍රදර්ශනය කරන ලද අතර, පසුගිය වසර දෙක තුළ ක‍්‍රියාත්මක කරන ලද සමාගමේ සුවිශේෂී සුබසාධන වැඩසටහන් පිළිබඳ දළ විශ්ලේෂණයක් කණ්ඩායම විසින් සපයන ලදී.

පේද්‍රෝ කණ්ඩායම ඇතුළු කැලණිවැලි වැවිලි කණ්ඩායම සිය සම්මානලාභී ”සෑම වතු කම්කරුවෙකුටම නිවසක්” වැඩසටහන හරහා සේවකයින් 8700 කට වැඩි ප‍්‍රමාණයක් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් 58000 කට වැඩි ප‍්‍රමාණයකට ප‍්‍රතිලාභ හිමිකර දෙන ලදි. පවතින ආර්ථික අර්බුදයේ බලපෑම අවම කර ගැනීම සඳහා සමාගම විසින් පසුගිය වසර දෙක තුළ සිදු කරන ලද සුවිශේෂී සුබසාධන වැඩසටහන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ද කණ්ඩායම විසින් සපයන ලදී.

ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි පසුගිය වසරේ අගභාගයේදී පේද්‍රෝ වතුයායේ සංචාරය කිරීමෙන් අනතුරුව සිය සංචාරය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ”ලෝ ප‍්‍රකට ශී‍්‍ර ලාංකීය තේ නිෂ්පාදනය කරන ආකාරය දැක ගැනීමට ලැබීම සතුටක්. හේලීස් වැවිලි සමාගම විසින් භාවිතා කරන තිරසාරභාවය සහ මානව සම්පත් පිළිබඳ නවෝත්පාදනයන් අත්විඳීමට සහ දැකුම්කළු තේ වගාවන් නැරඹීමට අපට අවස්ථාව ලැබුණා. හේලීස් වැවිලි සමාගම සිය සේවක සේවිකාවන්ගේ ජීවිත නගාසිටුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. සමාගමට ඔවුන්ගේ අනාගත ප‍්‍රයත්නයන් සඳහා මම සුබ පතනවා සහ JASTECA හි සහාය ඇතිව ඔවුන් විසින් ක‍්‍රියාත්මක කර ඇති අද්විතීය ක‍්‍රියාදාමයන් සහ සමස්ත ආයතනික පද්ධතිය මම අගය කරනවා.”

කැලණිවැලි වැවිලි සමාගම, තලවාකැලේ වතු සමාගම සහ හොරණ වැවිලි සමාගම යන ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රාදේශීය වැවිලි සමාගම් තුන අයත් හේලීස් වැවිලි සමාගම විසින් සුවිශේෂී කෘෂි දේශගුණික කලාප තුනක් පුරා පැතිරී ඇති හෙක්ටයාර 26000 ක පමණ භූමි ප‍්‍රමාණයකින් යුත් තේ සහ රබර් වතු 60 ක හිමිකාරිත්වය දරයි.

තේ සහ රබර් කර්මාන්තයේ පුරෝගාමී හේලීස් වැවිලි සමාගම යනු මානව ප‍්‍රාග්ධන කළමනාකරණය, පරිසර හිතකාමීත්වය, ජනතාව සවිබල ගැන්වීම සහ සදාචාරාත්මක ව්‍යාපාරික ප‍්‍රමිතීන් පිළිබඳ ලොව වඩාත්ම ගෞරවාන්විත සම්මාන සහ සහතික ලත් තිරසාර වැවිලි සමාගමයි. අද වන විට හේලීස් වැවිලි සමාගම සේවකයින් 21,000 කට වැඩි පිරිසකට සෘජු රැකියා ලබා දී ඇති අතර 140,000 කට වැඩි පිරිසක් සඳහා රැකවරණය සපයයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව