ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

IMG-20231219-WA0033

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ ඌව පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරිම්වලට ඇතුළත් මෙම ශූරතාවලිය ජනවාරි මස 12 වැනිදා සිට 18 දින දක්වා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ බදුල්ල ෂට්ලර්ස් බැඩ්මින්ටන් ඇන්ඩ් ටේබල් ටෙනිස් ඇකඩමියේදී පැවැත්වීමට නියමිතය.

ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ වයස් කාණ්ඩ යටතේ තරග ඇතුළත් වන අතර, කනිෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ බාලක ඒකල හා යුගල සහ බාලිකා ඒකල සහ යුගල තරග ඉසව් ඇතුළත්ය. ජ්‍යෙෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ සහ අවුරුදු 70න් ඉහළ පිරිමි ඒකල හා යුගල, කාන්තා ඒකල හා යුගල සමඟ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් වන අතර, විවෘත තරග කාණ්ඩයට පිරිමි හා කාන්තා ඒකල, යුගල හා මිශ්‍ර යුගල තරග ඇතුළත්ය.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග, කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට නියමිතය. ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය Mcfoil, Mobil, GAC, Li-Ning සහ 3M අනුග්‍රාහකත්වයෙන් යුතුව පැවැත්වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව