උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන්

WS WINNERS (LBN)

ලෝචන සහ වරංගනා විවෘත ඒකල ශුරතා දිනති

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කළ උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ඒකල ශූරතා දිනා ගැනීමට ලෝචන ද සිල්වා සහ වරංගනා ජයවර්ධන සමත් වූහ. පසුගියදා අනුරාධපුර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාගාරයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැති උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-18ක් සහ 21-18ක් ලෙස සෙතුම් සිත්මික පෙරේරා පරාජය කිරීමට ලෝචන සමත් වූ අතර, කාන්තා විවෘත ඒකල අවසන් මහා තරගයේදී රෂ්මි මුදලිගේ ලකුණු 21-10ක්, 13-21ක් සහ 21-17ක් ලෙස පරාජය කිරීමට වරංගනා ජයවර්ධන සමත් වූවාය.

 



 

පිරිමි විවෘත යුගල අවසන් තරගයේදී දිනුර රෂ්මික ප්‍රියශාන්ත සහ සියත් දුල්නෙත් සේනාරත්න ලකුණු 21-16ක්, 16-21ක් සහ 21-19 කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරුගේ සමත් වූහ. ලකුණු 21-14ක් සහ 21-9කින් ඉසුරි අත්තනායක සහ සිතුමි මිනාරා ද සිල්වා පරාජය කළ හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න කාන්තා විවෘත යුගල ශුරතාව දිනා ගත්හ. විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ තුලිත් පල්ලියගුරුගේ සහ පංචාලි අධිකාරි ලකුණු 16-21ක්, 21-12ක් සහ 24-22ක් ලෙස පරාජයට පත් කළ ලෝචන ද සිල්වා සහ රෂ්මි මුදලිගේ විසිනි.

කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල විවෘත තරග, අවුරුදු 11න් අවුරුදු 19න් පහළ දක්වා බාලක බාලිකා ඒකල හා යුගල තරග, අවුරුදු 30ට ඉහළ වයස් කාණ්ඩයේ සිට අවුරුදු 110 ඒකාබද්ධ වයස් කාණ්ඩය දක්වා කාන්තා හා පිරිමි ඒකල, යුගල, මිශ්‍ර යුගල තරග සමඟ කාන්තා හා පිරිමි ඒකල පරාජිතයන් අතර පළඟ ශුරතා තරග ඇතුළත් වූ උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව දිනා ගැනීමට පමිත් බණ්ඩාර සමත් වූයේ ලකුණු 15-21ක්, 21-15ක් සහ 22-20ක් ලෙස හිරුක සහන්මිත් පරාජය කරමිනි. අමන්තා තත්සරණිට එරෙහිව ලකුණු 21-18ක් සහ 11-6 ක ජයක් වාර්තා කරමින් අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශුරතාව දිනා ගැනීමට කොමුතු කෙත්නාරා සමත් වූයේ තරගය අතරමැද අමන්තා තත්සරණි ඉවත්වීමෙන් පසුවය.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාග සමඟ කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමූ උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය Mcfoil,  Mobil, Li-Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වයෙන් යුතුව පැවැත්විණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව