ශ්‍රී ලංකා වෘත්තිකයින් කණ්ඩායමක් zවගවන පාලනයක් සඳහා පුරවැසියන් සංවිධානයZ (කAඨ ලංකා) පිහිටුවීම වෙනුවෙන් එක්වී තිබේ.ලාභ නොලබන සංවිධානයක් වන මෙම ආයතනය ජනතා නියෝජිතයන් විසින් —වගවීම සහ සුදුසුකම් ඇති ජනතා නියෝජිතයන් පත්නරගැනීමේ වැදගත්කම ජනතාවට පෙන්වා දීම අරමුණු කරමින් පිහිටුවා ඇති මේ සංවිධානය දොරට වැඩීමේ දැනුවත් උත්සවයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෑතකදී පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමන්, ජනාධිපති අපේක්ෂකයෙක් වන මහාචාර්ය රජීව් විෙජ්සිංහ, සමන් පෙරේරා, නාගනන්ද කොඩිතුවක්කු, සමාජ ක්‍රියාකාරීන් වන ආචාර්ය අජිත් කොලොන්නේ, නවීන් ගුණරත්න, අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න සහ පාර්ලිමේන්තු මන්ති්‍ර දිනේෂ් ගුණවර්ධන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
මහජනතාවගේ අවශ්‍යතා සඳහා තේරී පත් වූ නියෝජිතයන් අතර මහජන අවශ්‍යතා සපුරාලීම, වගවීම සහ සමානාත්මතාව ඇති කිරීම සඳහා බලපෑම් කිරීමේ කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට ප්‍රබල කැපවීමකින් CAG ලංකා ආයතනය මෙහෙයවනු ලැබේ.
විධායක මණ්ඩල සාමාජික නලින් ආටිගල මහතා පිළිගැනීමේ දේශනය පැවැත්වූ අතර ආචාර්ය ජානකි කුරුප්පු මහත්මිය විසින් වගවන පාලනයක් සඳහා පුරවැසියන් ලංකා ආයතනයේ අරමුණ සහ ලංකාවේ පළමු වරට ඉදිරිපත් නෙරෙන ජනතා නි්යෝජිතයන් සහතික කිරිමේ ක්‍ර්‍රමවේදය පිළිබඳ පැමිණ සිටි පිරිස දැනුවත් කළේය. පසුව සිය නිල වෙබ් අඩවිය වන http://www.caglk.org/cagl/Public ප්‍රථම වරට හඳුන්වා දෙන ලද අතර ඉන් අනතුරුව විධායක මණ්ඩල සාමාජික මංගල නියරෙපොල මහතා නව වෙබ් අඩවියේ කාර්යභාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් පැමිණ සිටි පිරිසට ලබා දුන්නේය. විධායක මණ්ඩල සාමාජික රොහාන් දුනුවිල මහතා විසින් නීතිමය කාරණාවන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකළ අතර ඉන් අනතුරුව අදහස් දැක්වූ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමා වගවන පාලනයක් සඳහා පුරවැසියන් ලංකා ආයතනයේ උත්සාහය අගය කළේය.
වගවන පාලනයක් සඳහා පුරවැසියන් ලංකා විසින් මහජනයා විසින් තම නියෝජිතයින් තෝරා ගැනීමේදී දැනුවත් තේරීමක් කිරීම සඳහා ඡන්ද දායකයා බලගැන්වීමෙන් පිළිගත් අධීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කර ඇත. එම අධීක්ෂණ සංකල්පයට නම්කරන්නෙකු නිශ්චිත අවම ප්‍රමිතියක් ඇති බව තහවුරු කර ගැනීම සඳහා තත්ත්ව සහතිකයක් සහ ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයකට ඇතුළත් වේ .මෙම බර තැබූ සාමාන්‍ය ප්ලැටිනම්, රන්, රිදී, ලෝකඩ, කුසලතා ආදී ලෙස අවසාන ශ්‍රේණිගත කිරීම තීරණය කරයි.